ආණ්ඩුව හදන්නේ පිල්ලෙයාන් හරහා PTA සුජාත කරන්නද?

පසුගියදා අත්අඩංගුවට ගත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම හරහා එම පනතට සමාජය තුළ සුජාත බාවයක් ලබාදීමේ උත්සහයක් මතුව ඇති බවට බොහෝ දෙනෙක් සැක පහල කරයි.

පොලීසිය පවසන්නේ ඔහු ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ දින 90 ක කාලයක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර ලබා ගෙන ඇති බවයි.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ 2004 සිට 2006 දක්වා උපකුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවිද්‍රනාත් පැහැරගෙන යාම සහ ඔහු අතුරුදන් කරවීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව හිටපු රාජ්‍ය ඇමතිවරයෙකු වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අප්‍රේල් 8 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබිණි.

එම අතුරුදන්වීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව 2006 වසරේ විමර්ශනයක් ආරම්භ කළ අතර එහිදී මහාචාර්යවරයා පැහැරගෙන ඇති බවට අනාවරණය වී තිබේ.

එම සිදුවීමෙන් වසර 19කට පමණ පසු අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් අත්අඩංගුවට ගෙන තිබේ. එසේම මහජන ආරක්ෂක ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවේ පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ සම්බන්ධවද විමර්ශනය කරන බවයි.

පිල්ලෙයාන් වැනි රජය අනුග්‍රහය සහිතව අපරාධ කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයන්ට එරෙහිව කටයුතු කිරීමට ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වැනි විශේෂ පනත් අවශ්‍ය නොවන බව පැහැදිලි කරුණකි.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...