Tag: pension

  • මන්ත්‍රී විශ්‍රාම වැටුප් සහ අපි

    මන්ත්‍රී විශ්‍රාම වැටුප් සහ අපි

    අමාත්‍ය වසන්ත සමරසිංහ ජීවත්වෙන්නේ අස්වැසුම දීමනාව හරහාද යන්න හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක ප්‍රශ්න කර තිබේ.

    “වසන්ත, ඔබ ඔබේ වැටුප ඔබේ පක්ෂයට දෙන නිසා අස්වැසුමෙන් වෙන්න ඇති ජීවත් වෙන්නේ නේ? ” හිටපු මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් සටහනේ සඳහන් කර ඇත.

    විශ්‍රාම වැටුප අහෝසි කළහොත් ජීවත් වීමට නොහැකි නම් හිටපු මන්ත්‍රීවරයාට ශ්‍රී ලංකාවේ අස්වේසුම සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය සඳහා ඉල්ලුම් කළ හැකි බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසා තිබුණි.

    ජාතික ජන බලවේගය මැතිවරණ සමයේ සහ ඊට පෙර රටේ ඉදිරිගමන සඳහා බලපාන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ගැන පැහැදිලි අදහසක් ඉදිරිපත් නොකර වැටුප් නොගැනීම, වාහන පාවිච්චිය වැනි කරුණු සම්බන්ධයෙන් වේදිකාවලදී වැඩි අවධානයක් ලබාදෙන ලදී. දැන් නැවතත් එම කරුණු පාරා වළල්ලක් ලෙස ඔවුන් වෙතම පැමිණ තිබේ.

    එසේම තම විශ්‍රාම වැටුප ගැන උනන්දු වෙන හිටපු මන්ත්‍රීවරු ද රටේ සාමාන්‍ය ජනතාවගේ විශ්‍රාමික අරමුදල් සම්බන්ධයෙන් කිසිදු අවධානයක් ලබා දී නැත. විශේෂයෙන් අපේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව රටේ විශ්‍රාමික අරමුදල් වෙත ලැබෙන ප්‍රතිලාභ අඩු කෙරේ. එය රටේ ඇති මහත් බහුතරයක් වූ පෞද්ගලික අංශයේ සේවකයාගේ විශ්‍රාමික ජීවිතය අනතුරේ දැමීමකි.

    නමුත් රටේ අවධානය යොමුව ඇත්තේ මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් පමණි.

  • රනිල්ගෙන් විශ්‍රාමිකයන්ටත් ඡන්ද ගුණ්ඩුවක්

    රනිල්ගෙන් විශ්‍රාමිකයන්ටත් ඡන්ද ගුණ්ඩුවක්

    රාජ්‍ය සේවයෙහි පවතින විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

    රජය විසින් වරින් වර සිදු කරන ලද වැටුප් සංශෝධන මෙන්ම අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද විවිධ ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් ඇතැම් විශ්‍රාමික කණ්ඩායම් වල විශ්‍රාම වැටුප් විෂමතා නිර්මාණය වී ඇතැයි රජය පවසයි.

    ඒ අනුව, 2016-01-01 දින සිට 2020-01-01 දින දක්වා විශ්‍රාම ගන්නා ලද රාජ්‍ය නිලධාරීන්ට යම් අසාධාරණයක් සිදු වී ඇති බව නිරීක්ෂණය වී ඇති අතර, එකී වැටුප් විෂමතාව ඉවත් කිරීම තුළින් විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් 83,000ක පමණ පිරිසකට සහනයක් ලබා දීමට හැකි වේ.

    එම විශ්‍රාමික නිලධරයන්ගේ විශ්‍රාම වැටුප 2016-02-25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016 හි උපලේඛන අංක 1 අනුව සම්පූර්ණ වැටුප පදනම් කර ගනිමින් උපරිම රුපියල් 2,500 ක වැඩි වීමක් ලැබෙන පරිදි සංශෝධනය කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

  • ජනතාවගේ විශ්‍රාම අරමුදල් කොල්ලකන්න අත උස්සපු මන්ත්‍රීලාට අඩු නැතුව විශ්‍රාම වැටුප්

    ජනතාවගේ විශ්‍රාම අරමුදල් කොල්ලකන්න අත උස්සපු මන්ත්‍රීලාට අඩු නැතුව විශ්‍රාම වැටුප්

    2024 පෙබරවාරි මාසයේ පාර්ලිමේන්තුවේ මූල්‍ය අංශයේ ගිණුම් වාර්තාවලට අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 255කට රුපියල් එක්කෝටි හැටඑක් ලක්ෂ අසූඑක් දහස් හත්සිය අනූනවයයි ශත හතළිස් හයක (16,181799.46) ක මුදලක් ගෙවා තිබෙනවා.

    1977 අංක 01 දරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප්වලට අදාළ පණත සහ එහි සංශෝධන අනුව මෙම වැටුප් පරිමා සහ විශ්‍රාම වැටුප් පරිමා තීරණය කරන බවයි සඳහන් වන්නේ.

    ඒ අනුව මන්ත්‍රීවරුන්ට සිය පාර්ලිමේන්තු ධුර කාලය නිමා කළ විට ඒ වන විට තමන් ලැබූ වැටුපෙන් තුනෙන් එකක ප්‍රමාණයක් සමඟ අනුමත ජීවන වියදම් දීමනා ලබා දෙනු ලබනවා.

    ඒ අනුව විශ්‍රාම ලත් මන්ත්‍රීවරු විශාල පිරිසකට ජනතා බදු මුදලින් විශ්‍රාම වැටුපක් ගෙවමින් සිටිනවා.

    වර්තමාන ජනාධිපතිවරයා ද ජනාධිපති ධුරය හොබවන අතර ම විශ්‍රාම වැටුපක් ලබන බවයි වාර්තා වන්නේ. ඔහුගේ විශ්‍රාම වැටුප රුපියල් 79841.66 ක් සහ ජනපති වැටුපද ලබන බව සඳහන් වෙනවා.

    මෙලෙස විශ්‍රාම වැටුප් ලබන පිරිස අතර,
    බැසිල් රාජපක්ෂ, රවි කරුණානායක, මිලින්ද මොරගොඩ, මොහාන් ලාල් ග්‍රේරෝ, උපේක්ෂා ස්වර්ණමාලි, කරුණා අම්මාන්, අනෝමා ගමගේ, නවීන් දිසානායක(සබරගමුව වර්තමාන ආණ්ඩුකාර), රෝහිත බෝගොල්ලාගම, සජින් වාස් ගුණවර්ධන, රුවන් විජේවර්ධන වැනි අයද සිටිනවා.

    පහත පළ වන්නේ ඒ පිරිසගේ නාම ලැයිස්තුවයි. පසුගිය ඉරිදා දිවයින පුවත්පත එම තොරතුරු හෙළිදරව් කර තිබුණා.

    මේ මොහොතේ දේශීය ණය ප්‍රතිවියුහගතකරණය කරන බව පවසමින් ලංකාවේ වැඩකරන ජනතාවගේ විශ්‍රාම අරමුදල්වලට ලැබෙන පොළිය සීමා කිරීම නිසා විශ්‍රාම වයසකදී ලැබෙන ප්‍රතිලාභය විශාල වශයෙන් අඩුවීමේ අවදානමක් පවතියි. ආණ්ඩුව ඒ සඳහා අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගත්තේද පාර්ලිමේන්තුව හරහායි. අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජනතාවට කැප කිරීම් කරන ලෙස ඉල්ලා සිටින සහ ජනතාවට බර පැටවීම සඳහා අනුමැතිය ලබාදෙන කිසිම මන්ත්‍රීවරයෙක් තමන්ගේ විශ්‍රාම වැටුප ලබාගැනීම ගැන වචනයක් හෝ කියන්නේ නැත.

  • ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී විශ්‍රාමික අරමුදල්වලට අත තැබූ එකම රට ලංකාවයි – වාර්තාවක් හෙළිකරයි

    ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී විශ්‍රාමික අරමුදල්වලට අත තැබූ එකම රට ලංකාවයි – වාර්තාවක් හෙළිකරයි

    දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය (DDR) වෙනුවෙන් වැඩකරන ජනතාවගේ විශ්‍රාමික අරමුදල් පමණක් පාවිච්චි කළ එකම රට ශ්‍රී ලංකාව බව ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ වාර්තාවක් උපුටා දක්වමින් වෙරිටේ සමීක්ෂණ ආයතනය පෙන්වා දෙයි.

    1998 සිට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය අවස්ථා විස්තර කරන ලද “ස්වෛරී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගැටළු” නම් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල වාර්තාවට අනුව, එවැනි කේන්ද්‍රගත ප්‍රවේශයක් අනුගමනය කළ එකම රට ශ්‍රී ලංකාවයි.

    විවිධ රටවල සිදුවූ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ අවස්ථා 14ක් පිළිබඳ විස්තර සදහන් කරන මෙම වාර්තාව පෙන්වා දෙන්නේ ලංකාව හැර අනෙකුත් සෑම රටක්ම බැංකු සහ පුද්ගලික වත්කම් ප්‍රතිව්‍යුහගතකරණයට පාවිච්චි කර තිබේ . ග්‍රෙනාඩා සහ ඝානාව පමණක් ඔවුන්ගේ ප්‍රතිව්‍යුහගත කිරීම් සඳහා පොදු විශ්‍රාම අරමුදල් ඇතුළත් කරගෙන ඇති නමුත් එම රටවල් පෞද්ගලික ආයෝජකයන් සහ බැංකු ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියෙන් ඉවත් කොට නැත.

    ලංකාව උපායමාර්ගික ලෙස පුද්ගලික බැඳුම්කර හිමියන්, බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියෙන් බලපෑමට ලක් නොවන ලෙස බැහැර කර ඇති බව එම වාර්තාව පේනවා දෙයි. මෙම ප්‍රවේශය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාමාන්‍ය ක්‍රමය නොවන බවද සාමාන්‍යයෙන් එහි විෂය පථය තුළ බැංකු සහ පුද්ගලික හිමිකරුවන් ඇතුළත් වෙන බවද මෙහිදී අනාවරණය කර තිබේ.

    ලංකාව පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය තුළ කප්පාදුවට ලක් කරනු ලැබුවේ විශ්‍රාමික අරමුදල්වලින් ලබාගෙන තිබූ ණය පමණි. විසේශයෙන් EPF අරමුදල් වෙත බලපාන පොළිය 9% දක්වා අඩුකරන ලදී. මෙම පොළිය වසර 15ක් දක්වා ක්‍රියාත්මක වේ. ජනතාවගේ විශ්‍රාමික අරමුදල්වලට මෙවැනි අඩු පොළියක් හිමිවෙද්දී පුද්ගලික බැඳුම්කර හිමියන් හිමියන්ට 28%ක පමණ පොළියක් රජයෙන් ගෙවමින් සිටියි.

    https://publicfinance.lk/en/topics/exceptionalism-of-domestic-debt-restructuring-in-sri-lanka-1691519159

     

  • නව මුදල් මණ්ඩල යෝජනාව අනුව කබ්රාල්ට විශ්‍රාම වැටුප් දෙකක්

    නව මුදල් මණ්ඩල යෝජනාව අනුව කබ්රාල්ට විශ්‍රාම වැටුප් දෙකක්

    ලබන සතියේ දෙවන වරටත් මහ බැංකු අධිපති ලෙස වැඩ භාර ගැනීමට නියමිත අජිත් නිවාඩ් කබ්රාල් විශ්‍රාම වැටුප් දෙකකට හිමිකම් කියන බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරනවා

    මෑතකදී මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමත කරන ලද යෝජනා ක්‍රමය යටතේ ඔහුගේ හිටපු වසර 8 ක සේවා කාලය සඳහා හිඟ වැටුප් සහිතව විශ්රාම වැටුපක් ලැබීමට නියමිත අතර ඔහුගේ දෙවන ධූර කාලය අවසන් වන විට තවත් විශ්රාම වැටුපක් සඳහා සුදුසුකම් ලබන බවයි පුවත්පත පෙන්වා දෙන්නේ. එමෙන්ම මෙවර ඔහුගේ වැටුප මීට පෙර ඔහු ධූරය හොබවද්දී ලද වැටුපට වඩා ඉහළ බැවින් නව විශ්‍රාම වැටුප ඔහුගේ අනෙක් විශ්‍රාම වැටුපටද වඩා ඉහළ වනු ඇති බවත් පුවත්පත පෙන්වා දෙනවා.

    මේ අතර, කබ්රාල්ට ඉඩ දෙමින් විශ්‍රාම යන මහබැංකුවේ වසර දෙකක් පමණක් සේවය කළ ඩබ්ලිව් ඩී ලක්‍ෂ්මන් හට ජීවිතාන්තය දක්වා විශ්‍රාම වැටුපක් ලැබීමටද නියමිත බවත් පැවසේ.

    හිටපු සහ වත්මන් මහබැංකු අධිපතිවරුන් කිහිප දෙනෙකු සඳහා හිඟ වැටුප් සහිතව විශ්රාම වැටුප් ගෙවීමට මුදල් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත පසුගිය සතියේ වාර්තා කළා . මුදල් මණ්ඩලය මහබැංකු අධිපතිවරයා විසින් මෙහෙයවනු ලැබේ. මහබැංකු මහලේකම් කාර්යාලීය දෙපාර්තමේන්තුව එම තීරණය ක්‍රියාත්මක කරමින් හිඟ ගෙවීම් සඳහා කටයුතු කරමින් සිටියි.

    අනෙකුත් රාජ්‍ය අංශයේ සේවකයින්ට විශ්‍රාම වැටුපක් සඳහා සුදුසුකම් ලැබීමට අවම වශයෙන් අවුරුදු 10 ක වත් සේවා කාලයක් තිබිය යුතු වුවත් මුදල් මණ්ඩලයේ නව යෝජනා ක්‍රමය යටතේ සියළුම මහබැංකු අධිපතිවරුන් සිය සේවා කාලය නොසලකා විශ්‍රාම වැටුප් සඳහා සුදුසුකම් ලබයි. වසර 05ක කාලයක් සම්පුර්ණය කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද විශ්‍රාම වැටුපක් හිමිවේ.

    මුදල්, ප්රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්ය ව්යවසාය ප්රතිසංස්කරණ රාජ්ය අමාත්ය කබ්රාල් මහතා තමාට විශ්රාම වැටුපක් ලබා දෙන ලෙස ඉල්ලීම් කිරීමෙන් පසුව මුදල් මණ්ඩලය විසින් මෙම කාරණය ගැන අවධානය යොමු කර තිබූ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි. අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයා මේ සතියේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කබ්රාල් මහතා 2006 ජූලි 1 සිට 2015 ජනවාරි 8 දක්වා මහබැංකු අධිපති ලෙස සේවය කළ බවත් ඔහුගේ පත්වීම් ලිපි‍යේ ඔහුට විශ්‍රාම වැටුපක් හිමි බව සඳහන්ව ඇති බවත් ය.

    කෙසේ වෙතත්, 1998 වසරේ සිට මහබැංකු අධිතිවරුන් විශ්‍රාම වැටුපකට හිමිකම් නොකීවේ එය යෝජනා කළ යුතු හ බැංකු ආයතනික කළමනාකරණ කමිටුවේ ප්‍රධානීත්වයත්, එය අනුමත කළ යුතු මුදල් මණ්ඩලයේ සභාපතීත්වයත් යන තනතුරු දෙකම මහබැංකු අධිපතිවරයා විසින් දැරීම හේතුවෙන් එසේ සිදුකරන අනුමත කිරීමක් ආචාරධර්ම ඉක්මවා යාම හේතුවෙන්.

    කෙසේ වෙතත් පසුගිය යහපාලන රජය සමයේත් කබ්රාල් මෙම අභියාචනය ඉදිරිපත් කළ අතර එවකට සිටි මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින් එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කළ නමුත් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි.

    මේ මොහොතේ රට පත්ව ඇති ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුව පාර්ශවයෙන් දිගින් දිගටම ජනතාවා පවසමින් සිටින්නේ ජනතාවට කැපකිරීම් කිරීමට සූදානම් වන ලෙසයි. වෙනකක් තබා වැඩකරන ජනතාවගේ වැටුපෙන් බාගයක් පරිත්‍යාග කරන ලෙසද ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතියි. ජනතාවට එලෙස කැපකිරීම් කරන ලෙස කියන ආණ්ඩුවේම හිතවතුන්ට ජනතාවගේ බදු මුදල් වියදම් කරමින් වරප්‍රසාද පිට වරප්‍රසාද ලබාදෙමින් සිටියි.

  • මේ  ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ඉතුරු රාජ්‍ය සේවකයන්ටත් විශ්‍රාම වැටුප අහිමි කිරීමයි  – දුමින්ද නාගමුව

    මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ඉතුරු රාජ්‍ය සේවකයන්ටත් විශ්‍රාම වැටුප අහිමි කිරීමයි – දුමින්ද නාගමුව

    රාජ්‍ය සේවකයා සම්බන්ධ ප්‍රතිපත්ති ගෙන බැලීමේදී පසුගිය ආණ්ඩුව සිටි තැනම මේ ආණ්ඩුවත් සිටින බව විශ්‍රාම වැටුප සම්බන්ධ ප්‍රතිපත්තියෙන් පෙන්නුම් කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි. අද බත්තරමුල්ල එම පක්ෂයේ කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු පැවසුවේ විශ්‍රාම වැටුප් කප්පාදුව අහෝසි කරන බවට ජනාධිපතිවරයේදී ගෝඨාභය රාජපක්ෂ පොරොන්දු වුවත් එය ඉටු නොකළ බවයි. ඉදිරියේදී නැවත බලයට පත්වුවහොත් සියලු රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම වැටුප අහිමි කරනු ඇති බවද දුමින්ද නාගමුව පැවසීය

    දුමින්ද නාගමුව වැඩිදුරටත් පලකළ අදහස් පහත දැක්වේ.

    විශ්‍රාම වැටුප
    2016 සිට රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම වැටුප අහිමි වෙලා තියෙනවා. දායක විශ්‍රාම වැටුපත් දෙනවා කිව්වා. ඒ සඳහා ප්‍රතිපත්ති තීරණයක් අවෙත් නැහැ. ඔවුන්ට ලබාදෙන සේවා ලිපියේ සඳහන් වෙනවා දායක විශ්‍රම වැටුපක් හඳුන්වලා දෙනවා එය ඉදිරියේ දී ලබා දීමට කටයුතු කරනවා කියලා. රාජ්‍ය සේවකයන්ගේ ඉල්ලීමක් තිබුණා මේ අමනෝඥ ක්‍රියාව අහෝසි කරන්න කියාලා. ගෝඨාභය මහත්මයාගේ මැතිවරණ ප්‍රකාශයේ මේ පිළිබඳව පැහැදිලි ප්‍රකාශය කරලා තිබුණා. 2020 ජනාවාරි වෙනකොට මේ ප්‍රශ්න නිරවුල් කරනවා කියලා. විශ්‍රාම වැටුප යළි ස්ථාපිත කරනවා, 2016 විශ්‍රාම වැටුප
    අහිමි වුණ සියලු ̈දෙනාටමත් නැවත විශ්‍රාම වැටුප් ලබා දෙනවා කියලා. තාමත් ආණ්ඩුව මේ ප්‍රශ්නය විසදුවේ නැහැ. මේක නිකන්ම හදපු එකක් නෙවෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකතුවෙලා හදපු එකක්. ඒක හරහා මේ රටේ රාජ්‍ය සේවකයන්ට දීලා තියෙනවා පණ්විඩයක්. ඒක තමයි ප්‍රතිපත්තිමය වශයෙන් ගිය ආණ්ඩුව හිටපු තැනම තමයි මේ අණ්ඩුවත් ඉන්නේ. මූල්‍ය අරමුදල උපදෙස් දීලා තියෙන්නේ ජනතා සුබසාධන අහිමි කරන්න කියාල. අගෝස්තුවලින් පස්සේ බලන්න මේ ආණ්ඩුව බලට පත්වුනොත් බලා ගන්න පුළුවන් ඉතිරි රාජ්‍ය සේවකයන්ටත් විශ්‍රාම වැටුප අහිමි කිරීම තමයි
    වත්මන් ආණුවේ ප්‍රතිපත්තිය.

    රාජ්‍ය සේවක වැටුප්
    2020 ජනවාරි වෙනකොට රනුල්ගේ කමිටු වාර්තා වේ හා රාජය සේවකයන්ගේ වැටුප් වැඩිවීමට නියමිතව තිබුනා. රුපියල් තුන් දහසක වැටුප් වැඩිවීමක් නියමිතව තිබුණා. විවිධ ස්ථරවලට වැටුප් වැඩිකළා. විශේෂයෙන් අධිකරණ සේවාවලට වැටුප් වැඩි කළා. වැටපු විශමතාවක් පැන නැගුණා. ඊට
    පස්සේ වර්ජනයක් ආවා. ගුරුවන්ගේ විශාල අරගලයක් තිබුණා වැටුප් වැඩි කරන්න කියලා. මීට කළින්වැටුප් වැඩිවීමක් ඉල්ලා තිබුනේ 2008 අවුරුද්දේදි. එදා ඉල්ලුවේ රුපියල් දහදහක වැටුප් වැඩිවීමක්. ඒ වැඩිවීම ලැබුණේ 2015 දී. ඒක වැටුපට එකතු වුණේ 2020දී. අවුරුදු දොලහක් තිබුණ වැඩිවීම තමයි
    2020දී වැඩි වුණේ. භාණ්ඩවල හා සේවාවල වැටුප් වැඩිවීම ගැන අපට අදහක් තියෙනවා. ඒ නිසා 2015 ඉල්ලීමක් දැන් ලැබුණා කියාල සාධාරණයක් නැහැ. වතුකම්කරුවටත් මේ කිසි කෙනෙකුට මේක ප්‍රමාණවත් නැහැ. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමේ පළමු කසකාරයා පීබී ජයසුන්දර ඔහුට
    වැටුප් තුනක් හම්බ වෙනවා. ඒකෙන් එකක් දෙන්න එයාට පුළුවන්. රාජ්‍ය සේවයට වැටුපක් ගන්නේ තමන් වැඩ කරලා. ඔහුගේ වැටුපට අතතියන්න කාටත් අයිතියන් නැහැ. සමහර ආයතනවල දැනුම් දීමකින් තොරවා වැටප් කැපුවා එහෙම කපන්නේ කොහොමද? කවුරු හරි කැමැත්තේන් සල්ලි
    දෙනවනම් ඒක පිළිබඳව විවාදයක් අපිට නැහැ. හැබැයි රජයටවත් කාටවත් බැහැ තමන් උපයන දේට අත තියන්න. එක ඔහුගේ ශ්‍රමයට ලැබුණු දෙයක්.

    කොරෝනා ප්‍රශ්නය
    පසුගිය කාලේ මේ ආණ්ඩුව ගැන මිනිසුන් තුළ කළකිරීමත් තිබුණා. මේ ආණ්ඩුව ප්‍රශ්න විසදන විදිහ සම්බන්ධයෙන් කළ කිරීමක් තිබුණා. හමුදා ඉහළ නිලධාරීන් සෞඛ්‍ය අංශ සේවකයන්ටත් වඩා ඉහළින් හිදිමින් කටයතු කරනවා. දැනුත් හමුදාපති කියනවා කොරෝනා දෙවන රැල්ලක් එනවානම් අපට එය
    මර්දනය කරන්න පුළුවන් කියනවා. එතකොට සෞඛ්‍ය අංශ බලධාරීන් කොහොද ඉන්නේ. විශේෂයෙන්ම මේ සඳහ මැදිහත් වුණ ශ්‍රාම නිලධාරින් අපහසුතාවට පත්වුණා. ඔවුන් අතහරලා කටයුතු කළා. සංවර්ධන නිලධාරීන්ට ප්‍රශ්න ආවා. ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුත් කියනවා මේ වසංගතය තාම
    අවේ නැහැ. ඒක එන්නේ ඉදිරියේදී කියලා. ඉදිරීයේදී වර්ධනයවන රෝගයකට දැන්මම සම්මාන දෙනවා. සෞඛ්‍ය ඇමැතිනිය සම්මාන ප්‍රධාන උත්සවක් පවත්වලා 1,2,3, තේරුවා. සුව විරුවෝ කියලා හැදින්න වූවා. ඒක ඉවර වෙලා මාසයකට විතර පස්සේ හෝමාගම රෝහලේ වෛද්‍යවරු, හෙදියෝ, කණිෂ්ඨ කාර්ය මණ්ඩලය මේ ඔක්කොමලා බොඞ් අල්ලන ඉන්නවා. ’සුව විරුවෝ අද මහ පාරේ’ කියලා. ඇයි ඒ තාමත් බස්නාහිර පළාතේ අතිකාල
    ගෙවන්න බැරිවෙලා තියෙනවා. පීඑච්අයිවරුනුත් කියනවා තමන්ගේ ඉල්ලීම් ලබාදීමට කටයුතු නොකලොත් කොරෝනා මර්දන වෙනුවෙන් මැදිහත් වෙන් නැහැ කියලා. එතෙක් ලැබුණ වැටුප මේ ඉල්ලනේ ඒකවත් දෙන්නේ නැත්නම් ජනාධිපති කාර්ය සාධක බලකාය එක කාර්ය සාධක බලකායක් පත්කලා ආරක්ෂක ලේකම්වරයයාගේ ප්‍රධාන්වයෙන්. තවත් හමුදා නිලධාරීන් විශාල ප්‍රමාණයක් සම්බන්ධ කරලා. එක හැදුවේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න රාජ්‍ය සේවයේ ගැටලු විසදන්න කියලා කිව්වා. රාජ්‍ය සේවයන්ගේ ගැටලු විසදන්න ක්‍රියාමාර්ග ගන්න වෙයි ඒක හමුදාව පාවිච්චි කරලා. රාජ්‍ය සේවකයන්ට බලහත්කාරය යෙදවීම නෙමෙයි කළ යුත්තේ. ඒ සම්බන්ධයෙන් වෙච්ච අතෘප්තියක් තියෙනවා. ඒක බලා ගන්න පුළුවන වෙයි. මේ පාලකයෝ 2010-15 කාල පරිච්ඡෙදයේදී විදුහල්පතිවරුන්ට හමුදා පුහුණුවක් ලබා දෙන්න කටයුතු කළා. ඉදිරියේදී හමුදා බලයක් තහවුරු කිරීම හමුදා නීය ක්‍රියාවේ යෙදවීම නොකරයි කියලා හිතන්න එපා. මේවා ඉදිරියෙදී අත්විදින අත් දැකින්න වෙන දේවල්. මේ අපි කියන දේවල් ඉදිරියේදී ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක නිශ්චිතයි. ඒ නිසා මේ හඬපටය ප්‍රවේශම් කරලා තියාගෙන බලන්න. ප්‍රාජාතන්ත්‍රවාදය, ආර්ථිකය , ණය දෙනාව කිව්වට ඒ දිලා
    තියෙන්නේ කාරක ප්‍රාග්ධය ලෙස කාරක ප්‍රශ්ධනයට වැටුප් ගෙවන්න දිලා තියෙන්නේ. දැනටමත් කියාල තියෙනවා අගොස්තු ඡන්දය දාලා. නිවාඩු ගන්න අවශ්‍ය වුනොත් යළි කැදවන්නම් කියලා. දැනටත් සංචරක කර්මාන්තය වැහිලා තියෙන්නේ ඇඟුම් කර්මාන්තයේ වැටුප් කප්පාදු කරලා තියෙනවා.
    ආණ්ඩුව නිර්දේශ කළේ 14500ක වැටුපක් . මේ අර්බුදයෙන් මේ රටේ ධනකුවේරයන්ට ලාභය පොඩිඩක්වත් අඩුවෙලා නැහැ. ඔවුන් මේ වසංගතය පාවිචි කරලා තමන්ගේ ලාභය තව වැඩි කර ගත්තා. ධනකුවේරයන්ගේ ලාභය පොඞ්ඩක් අඩු වුණා කියාලා. එයාලගේ සුඛ විහරණ අඩුවෙන්නේ නැහැ. මේ ආණ්ඩුව ගන්නේ කම්කරුවන්ගේ පැත්ත නෙවෙයි. මේ ධනකුවේරයන්ගේ පැත්ත තමයි ගන්නේ. දැනටත් ඒක ඔවුන් පෙන්නලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙන්නේ අර්ථ සාධක අරමුදල කොටස් වෙළෙඳපොළට ඇදලා දාලා. දැනටත් සැකයක් තියෙනවා ඒක කලාද කියලා. මේකත් ආණ්ඩුව නොකරන දෙයක් නෙවෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයා මේක කරන්න උත්සාහ කළා. ඒ නිසා රොෂේන් චානක මිය ගියා. කම්කරු දෙපාර්තමේන්තුව
    මේකට අදාළ කරන නීති රීති හදලා තියෙන්නේ. මේක තමයි ඔවුන්ගේ ප්‍රතිපත්තිය ඒ නිසා මේ ප්‍රතිපත්තියට ඔබේ කතිරය පාවිචි කරන්න එපා කියලා අප ඉල්ලා සිටිනවා. එකම උතරය තියෙන්නේ සඳහා සටන් කළ ව්‍යාපාරයක් බලවත් කිරීම. ඒ සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය බලවත් කළ යුතුයි. ඉදිරියේදී එන ප්‍රශ්නවලට එකම උතරය මහජන අරගලය පමණයි.