ත්‍රීකුණාමල වගා ඉඩම් සූර්ය පැනල ව්‍යාපෘතියකට ඉන්දියානු සමාගම්වලට දීලා

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සමයේ ආරම්භ වූ ත්‍රීකුණාමලය ප්‍රදේශයේ ඉඩම් ඉන්දියානු සමාගම්වලට ලබාදීමේ වැඩපිළිවෙල මේ ආණ්ඩුව යටතේත් ඉදිරියට යනු දක්නට ලැබේ.

ත්‍රීකුණාමලය – මුත්තු නගර් ප්‍රදේශයේ වගා ඉඩම් අක්කර 800ක භූමි ප්‍රදේශයක ගොවියන් ඉවත් කර මේ වන විට ඉන්දියානු සූර්ය පැනල ව්‍යාපෘතියක් සඳහා සමාගම් වලට නිදහස් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

ජන අරගල ව්‍යාපාරය පවසන පරිදි වසර 50ක පමණ කාලයක සිට මෙම ඉඩම්වල වගා කටයුතු සිදුකරන බව පැවසේ. මෙම ඉඩම් තුළ ස්ථීර බෝග – වගා ළිං සහ වර්තමානයේ සිදු කරන කුඹුරු ඉඩම් පවා තිබේ. තවද කෘෂි භූමිය පෝෂණය කරන කුඩා වැව් 4ක්ද මුත්තු නගර් මෙම භූමියේ පවතියි.

මේ මොහොතේ වැව් 02ක වැව් බැමි සහ කුඹුරු ඉඩම් වල වැටි ඩෝසර් යොදා කඩා දමමින් තිබෙන බව ජන අරගල ව්‍යාපාරය පවසයි. තවද බලහත්කාරයෙන් ගොවි ඉඩම් වට කර ඉන්දීය සූර්ය පැනල සමාගම් සීමා ගසමින් පවතින අතර එයින් ගොවියන් දැවැන්ත පීඩාවකට පත්ව ඇති බව එම ව්‍යාපාරය පවසයි.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...