ත්‍රීකුණාමල වගා ඉඩම් සූර්ය පැනල ව්‍යාපෘතියකට ඉන්දියානු සමාගම්වලට දීලා

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සමයේ ආරම්භ වූ ත්‍රීකුණාමලය ප්‍රදේශයේ ඉඩම් ඉන්දියානු සමාගම්වලට ලබාදීමේ වැඩපිළිවෙල මේ ආණ්ඩුව යටතේත් ඉදිරියට යනු දක්නට ලැබේ.

ත්‍රීකුණාමලය – මුත්තු නගර් ප්‍රදේශයේ වගා ඉඩම් අක්කර 800ක භූමි ප්‍රදේශයක ගොවියන් ඉවත් කර මේ වන විට ඉන්දියානු සූර්ය පැනල ව්‍යාපෘතියක් සඳහා සමාගම් වලට නිදහස් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

ජන අරගල ව්‍යාපාරය පවසන පරිදි වසර 50ක පමණ කාලයක සිට මෙම ඉඩම්වල වගා කටයුතු සිදුකරන බව පැවසේ. මෙම ඉඩම් තුළ ස්ථීර බෝග – වගා ළිං සහ වර්තමානයේ සිදු කරන කුඹුරු ඉඩම් පවා තිබේ. තවද කෘෂි භූමිය පෝෂණය කරන කුඩා වැව් 4ක්ද මුත්තු නගර් මෙම භූමියේ පවතියි.

මේ මොහොතේ වැව් 02ක වැව් බැමි සහ කුඹුරු ඉඩම් වල වැටි ඩෝසර් යොදා කඩා දමමින් තිබෙන බව ජන අරගල ව්‍යාපාරය පවසයි. තවද බලහත්කාරයෙන් ගොවි ඉඩම් වට කර ඉන්දීය සූර්ය පැනල සමාගම් සීමා ගසමින් පවතින අතර එයින් ගොවියන් දැවැන්ත පීඩාවකට පත්ව ඇති බව එම ව්‍යාපාරය පවසයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...