සංචාරක කර්මාන්තය ආශ්‍රිත සේවය කරන්නන් හිඟා නොකා හිඟා කන තත්වයයක – හෝටල් සේවක එකමුතුව

සංචාරක කර්මාන්තය ආශ්‍රිතව සේවාවන්හි යෙදුණු සේවකයන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධව මාධ්‍ය හමුවක් අද (04) බොරැල්ල එන් එම් පෙරේරා කේන්ද්‍රයේ දී පැවත්වී තිබේ. එහිදී එම සේවකයන් ලබාගත් ණය ගෙවීමට නොහැකි වීම, දෛනික කටයුතු සඳහා ආදායම් මාර්ග නොමැති කම, පෞද්ගලික අංශයේ ආයතවලින් මේ ගැටලු නොසලකා හැරීම ආදී කරුණු සම්බන්ධව රජය යම් මැදිහත් වීමක් කලයුතු බව අවධාරණය විය.

මේ වන විටත් තමන් හිඟා නොකා හිඟා කන තත්වයට පත්ව තිබෙන බවත් පාස්කු ප්‍රහාරයෙන් පසු කෝවිඩ් තත්වයටද මුහුණ දීමට වීම කබලෙන් ලිපට වැටීමක් බවත් ඔවුන් ප්‍රකාශ කර සිටී.

මෙම මාධ්‍ය හමුව සඳහා හෝටල් සේවක එකමුතුවේ කැඳවුම්කරුවන් වන සුජිත් ප්‍රසන්න, නිහාල් තොටගමුව සහ එම එකමුතුව නියෝජනය කරමින් දිල්හාන් ප්‍රනාන්දු , ධනුෂ්ක සම්පත් , හිරුෂ රන්දික යන පිරිස සම්බන්ධ විය.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...