සංචාරක කර්මාන්තය ආශ්‍රිත සේවය කරන්නන් හිඟා නොකා හිඟා කන තත්වයයක – හෝටල් සේවක එකමුතුව

සංචාරක කර්මාන්තය ආශ්‍රිතව සේවාවන්හි යෙදුණු සේවකයන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධව මාධ්‍ය හමුවක් අද (04) බොරැල්ල එන් එම් පෙරේරා කේන්ද්‍රයේ දී පැවත්වී තිබේ. එහිදී එම සේවකයන් ලබාගත් ණය ගෙවීමට නොහැකි වීම, දෛනික කටයුතු සඳහා ආදායම් මාර්ග නොමැති කම, පෞද්ගලික අංශයේ ආයතවලින් මේ ගැටලු නොසලකා හැරීම ආදී කරුණු සම්බන්ධව රජය යම් මැදිහත් වීමක් කලයුතු බව අවධාරණය විය.

මේ වන විටත් තමන් හිඟා නොකා හිඟා කන තත්වයට පත්ව තිබෙන බවත් පාස්කු ප්‍රහාරයෙන් පසු කෝවිඩ් තත්වයටද මුහුණ දීමට වීම කබලෙන් ලිපට වැටීමක් බවත් ඔවුන් ප්‍රකාශ කර සිටී.

මෙම මාධ්‍ය හමුව සඳහා හෝටල් සේවක එකමුතුවේ කැඳවුම්කරුවන් වන සුජිත් ප්‍රසන්න, නිහාල් තොටගමුව සහ එම එකමුතුව නියෝජනය කරමින් දිල්හාන් ප්‍රනාන්දු , ධනුෂ්ක සම්පත් , හිරුෂ රන්දික යන පිරිස සම්බන්ධ විය.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...