වැට් වැඩිවීම විදුලි බිලටත් බලපායිද?

විදුලි ගාස්තුවලට කිසියම් බලපෑමක් ඇතිකරන, එකතු කළ අගය මත බදු (VAT) අනුපාතය ඊයේ (01) සිට ක්‍රියාත්මක කරන්නේද යන්න සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායිකරණ, සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය සහ භාණ්ඩාගාරය ඇතුළු අදාළ ආයතනවලින් පැහැදිලි කිරීමක් අපේක්ෂා කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

රජය දැඩි විවේචන මධ්‍යයේ අද සිට ක්‍රියාත්මක වන පරිදි 2024 අයවැය හරහා වැට් බදු අනුපාතය 15% සිට 18% දක්වා 3% කින් වැඩිකර ඇත.

වැට් බදු වැඩි කිරීම විදුලි ගාස්තුවලට ඇතිකරන බලපෑම පිළිබඳ පිළිතුරු දෙමින් විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පසුගියදා (දෙසැම්බර් 31) මාධ්‍යයට පවසා තිබුණේ වැට් බදු සංශෝධනය සිදු නොවන බවට අදාළ බලධාරීන් දැනුම් දී ඇති බවයි.

වැට් බදු වැඩි කිරීම විදුලි ගාස්තු සඳහා අදාළ වන නමුත් මෙම කාරණය සම්බන්ධයෙන් විධිමත් පැහැදිලි කිරීමක් අපේක්ෂා කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

“මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය සහ මහා භාණ්ඩාගාරය විදුලි බිල සඳහා වැට් බදු වැඩිකිරීම අදාළ නොවන බව ප්‍රකාශ කර සිටියත්, ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් ලැබෙන තුරු අපට තහවුරු කළ නොහැකියි. අද (ජනවාරි 2) වන විට මුදල් අමාත්‍යංශය සහ භාණ්ඩාගාරය මේ පිළිබඳ අපට දන්වයි,” යනුවෙන් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවසීය.

සෞඛ්‍ය හා සම්බන්ධ නිෂ්පාදන හැර අනෙකුත් බොහෝ දෑ සඳහා වැට් බදු නිදහස් කිරීම් ඉවත් කිරීමත් සමඟ 2024 ජනවාරි මාසයේදී වැට් බදු අනුපාතය 18% දක්වා වැඩි කරන බව ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2024 අයවැය ලේඛනයේ සඳහන් වේ.

විදුලිය නිෂ්පාදනයට යොදාගන්න ඉන්ධන සහ ගල් අඟුරු වැට් බදු විදිකිරිම යටතේ වැඩිවී තිබේ. ඒ අනුව විදුලි ගාස්තු වැඩිකිරීමක් නැවත සිදුවීමේ අවදානමක් පවතියි.

Share post:

Popular

More like this
Related

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...

තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල්...

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...