Breaking News

ඉතාලියේ  ලාංකිකයින් පිරිසක් පාටි දාලා දඩ කාලා  දඩය ලක්ෂ 12කට වැඩියි .

කොරෝනා වෛරසය පැතිරීම වැලක් වීම  සඳහා ඉතාලි  රජය මාස දෙකකට ආසන්න කාලයක්  අත්‍යවශ්‍ය කටයුතු සඳහා හැර අන් සියළු කාරණා සඳහා  රට වසා දමා තියෙනවා . රැකියා ආයතන වසා දමමින් ඒකරාශි වීම අවම කිරීම සඳහා කටයුතු කර තිබෙනවා. ඉතාලිය තුළ දැනට පවතින තත්ත්වය අනුව මැයි මස තුන් වැනිදා දක්වා සියලු උත්සව අවස්ථා අත්හිටවා  තිබෙන අතර  වසංගතය පහව යන ආකාරය අනුව අදියර තුනකින්  ජන ජීවිතය  යථා තත්ත්වයට  පත් කිරීම සඳහා කටයුතු සැලසුම් කර තියෙනවා .

ඉතාලි රජය කොරෝනා මැඩලීම සඳහා ප්‍රතිපාදන සම්පාදනය කරමින් පැනවූ නව නීතියට අනුව lockdown නීතිය උල්ලංඝනය කරන කෙනෙක්ට යුරෝ 400 ක අවමයේ  සිට යුරෝ 3000ක  උපරිමයක් දක්වා දඩ නියම කල හැක .

පසුගිය ඉරිදා ඉතාලියේ ජීවත් වන  ශ්‍රී ලාංකිකයන් පිරිසක් මේ දුරස්ථ නීති රීති උල්ලංඝනය කරමින්  සාදයක් පවත්වා ඇති බව පුවත්පත් වාර්තා කර තිබුණා .ඉතාලියේ firenze  නගරයේ මහල් නිවසක පවත්වනු ලැබූ මෙම සාදය අතරතුර පොලිසිය පැමිණ 11 දෙනෙකුගෙන් යුතු  මේ පිරිසට දඩ නියම කර තියනවා . එක් පුද්ගලයෙක් දඩ දෙකකට යටත්ව  යුරෝ 533 ක දඩයක් ගෙවිය යුතු වෙනවා . අසල්වාසීන්ට කරදර හිරිහැර වෙන ආකාරයට හැසිරීම නිසා යුරෝ 133 ක  කඩයකුත්, lockdown නීතිය උල්ලංඝනය කිරීම නිසා අවම දඩය වූ  යුරෝ 400 යේ  දඩය ඊට ඇතුලත් වෙනවා .එම ස්ථානයට පොලිසිය පැමිණ ඇත්තේ අසල්වාසීන්ගේ  පැමිණිල්ලකට අනුවය. අසල්වාසීන්ට කරදර වෙන ආකාරයෙන් කෑකෝ ගසමින් මෙම පිරිස හැසිරී ඇති බවත්  ඉන් කෝපයට පත් අසල්වාසීන්  මෙම නීතිවිරෝධී සිදුවීම පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

මේ සාදයට සහභාගී වී ඇති පිරිස වයස අවුරුදු 22ත් 56  අතර වූ පිරිසක් බව තමයි සඳහන් වෙන්නේ.  Corona මැඩපැවැත්වීමේ දුරස්ථ නීතිය උල්ලංඝනය කරමින් පැවැත්වූ මෙවැනි  සාදය කීපයකදීම පොලිසිය පැමිණ  ලාංකිකයන් ගණනාවකටම විශාල දඩ මුදල් ලබාදුන් අවස්ථා ගණනාවක්ම ඉතාලියෙන් වාර්තා වෙනවා.

leave a reply