ඉබි ගමනින් ඉදිරියට ඇදෙන X-Press Pearl නඩු කටයුතු

ලන්ඩන් අධිකරණය මගින් නැවෙන් වූ හානියට වන්දි සීමාවක් පනවා ඇති බැව පවසමින්, X-Press Pearl නෞකාව අයත් සමාගමෙන් වන්දි ඉල්ලා ලංකාවේ රජය පැවරූ නඩුව නිශ්ප්‍රභ කරන්නැයි නැව් සමාගමේ රක්ෂණ නියෝජිතයින් කළ ඉල්ලීමක් සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ මහධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය නඩුව සඳහා විරෝධතා ගොනු කරන ලෙස රක්ෂණ සමාගම්වලට නියෝග කර ඇති අතර,ඒ සඳහා සිංගප්පූරු වාණිජ මහාධිකරණය රක්ෂණ සමාගම් වෙත මාර්තු 24 වැනිදා දක්වා කල් ලබා දුන් බව වාර්තා වේ.

නඩුව යළිත් ජූලි පළමු වැනිදා කැඳවීමට නියමිත අතර, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගෙන මුහුදුබත් වීමෙන් සිදුවූ හානියට වන්දි ලබා ගැනීමට පනවා ඇති සීමාවලට එරෙහිව බ්‍රිතාන්‍ය අද්මිරාල් මහාධිකරණය හමුවේ නිතිපතිවරයා ගොනු කළ විරෝධතා සඳහා නැව් සමාගමේ රක්ෂණ නියෝජිතයින්ට ප්‍රතිවිරෝධතා ගොනු කිරීමට අවස්ථාව ලබා දී ඇති බව සඳහන්වේ.

මැයි 24 වැනිදා දක්වා රක්ෂණ නියෝජිතයින්ට කල් ලබා දී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසන අතර, බ්‍රිතාන්‍ය අද්මිරාල් මහාධිකරණය නෞකාව අයත් සමාගමෙන් ලක් රජයට ලබා ගත හැකි වන්දිය ස්ටර්ලිං පවුම් මිලියන 19.5 කට සීමා කරමින් නියෝගයක් නිකුත් කර තිබුණි. ඊට එරෙහිව ලංකාවේ රජය විරෝධතා ගොනු කළේ ජනවාරි 29 වැනිදා වේ.

එක්ප්‍රස් පර්ල් නැවේ කපිතාන්වරයා නැව ගිනි ගැනීමට පෙර දේශීය නියෝජිත ආයතනය දැනුවත් කර ඇත්ද? නැද්ද? යන්න පිළිබඳ කොළඹ විශ්ව විද්‍යාලයේ විශ්ලේෂණ වාර්තාවක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

නැවේ කපිතාන්වරයා විසින් දේශීය නියෝජිත ආයතනයට යොමු කලේ යයි කියන ඊමේල් පණිවිඩ රාශියක් මගින් මෙම විශේෂඥ වාර්තාව සකසා ඇත.

එක්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාට හා දේශීය නියෝජිත ආයතනය වන සී. කොන්සන්ස් සමාගමේ සැකකාර නියෝජිතයින් හත් දෙනෙකුට එරෙහිව රහස් පොලිසිය ගොනු කළ පැමිණිල්ල අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී අදාළ වාර්තාව විශ්ව විද්‍යාලයේ නියෝජිත වරයකු අධිකරණයටභාර දුන්නේය.

වාර්තාව සැකසීමට කොළඹ විශ්ව විද්‍යාලයට වැය වූ( රුපියල් මිලියන 2.2) මුදල් රජය මඟින් විශ්ව විද්‍යාලයට ගෙවා ඇත්දැයි මහේස්ත්‍රාත්වරයා මෙහිදී විමසීය.

ගෙවීම් කර නොමැති බව කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශ විශේෂඥවරයා කරුණු ඉදිරිපත් කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...