ආර්ථික පරිවර්තන පනත ගැන අනුරගෙන් ව්‍යාපාරිකයන්ට පොරොන්දුවක් 

ආර්ථික පරිවර්තන පනත සංශෝධන සහිතව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව           ජනාධිපති  අනුර කුමාර දිසානායක පවසා තිබේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද (28) පස්වරුවේ කොළඹ පැවති “ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2025” අමතමිනි.

ලංකා වාණිජ මණ්ඩලය මගින් මෙම සමුළුව සංවිධානය කර තිබුණි.

ආර්ථික පරිවර්තන පනත හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි රට තුළ නීතියක් බවට පත්වන බැවිනි එයට එරෙහි වන ලෙස බොහෝ ප්‍රගතිශීලී සංවිධාන ඉල්ලා සිටින ලදී. එපමණක් නොව බොහෝ සංවිධාන මෙමෙ පනතට විරුද්ධව අධිකරණය වෙත ගිය අතර එම පිරිස අතර ජාතික ජනබලවේගය ද සිටි බව ජනතාවට අමතක නැත.

නමුත් අනුර කුමාර ජනාධිපතිවරයා බලයට පත්වූ විගස සුබ පැතුම් නිවේදනයක් නිකුත් කරමින් වාණිජ මණ්ඩලය ඉල්ලා සිටියේ ආර්ථික පරිවර්තන පනත ක්‍රියාත්මක කරන ලෙසයි.

ඒ අනුව එම මණ්ඩලය මගින් සංවිධාන කළ උත්සවයක දීම තමන් මැතිවරණයට පෙර දැරූ අදහස් වෙනස් කරමින් වාණිජ මණ්ඩලයේ බලාපොරොත්තු ඉටු කිරීමට අනුර කුමාර තීරණය කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...