එක්ස්ප්‍රස් පර්ල් නඩුවට කෝටි 19ක් වැය කරලා

එක්ස්ප්‍රස් පර්ල් නැව විනාශ වීමෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍ර පරිසරයට සිදුවූ හානිය සම්බන්ධයෙන් කරුණු විභාග කෙරෙන නඩුවේ නඩු ගාස්තු වෙනුවෙන් මහා භාණ්ඩාගාරය කෝටි 19ක් දැනට වියදම් කර ඇතත් අනතුර සිදුවී වසර තුනක් ගතවෙලත් රටට තවමත් එක සත පහක් හෝ වන්දියක් ලැබී නැතැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම පාර්ලිමේන්තුවේදී පැවසීය.

එසේම මේ නඩුවේ ඇත්ත තත්ත්වය ජනතාවට මෙන්ම පාර්ලිමේන්තුවේද මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නැතැයිද ඔහු පවසා ඇත.

අජිත් මාන්නප්පෙරුම සඳහන් කළේ,

”මීට වඩා ජනතා මුදල් වලට සැලකිල්ලක් දක්වන්න ඕන. රටේ මුදල් වලට මීට වඩා ගරු කරන්න ඕන. අද අවුරුදු තුනහමාරක් ගිහිල්ලත් වන්දිය සතියක්වත් ලැබිලා නැහැ. අධිකරණ ක්‍රියාදාමය තුළ ලැබිච්ච දෙයක් නැහැ. පිරිසිදු කිරීම් වලට පමණක් පොඩි දෙයක් ලැබිලා තියෙනවා. විශේෂඥ කමිටුව වන්දි ගණනය කරලා වාර්තාවක් දීලා තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවට තිබුණා මේ විශේෂඥ කමිටුව එක්ක එකතු වෙලා නඩුවට ගැලපෙන විදියට කටයුතු කරන්න. නමුත් එහෙම කළේ නෑ.”

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසුවේ,

”මේකෙ වගකීම තියෙන්නෙ සමුද්‍රිය ආරක්ෂණ අධිකාරියට. මේ ගැන විශේෂඥ කමිටුවේ වාර්තාව අංග සම්පූර්ණ එකක් නොවෙයි. ඇමරිකානු ඩොලර් බිලියන එකයි දශම නවයක් තමයි ඒගොල්ලන් තක්සේරු කරලා තිබුණේ. මම මේ ගැන ඇහුවම වාර්තාවේ අඩුපාඩු තියෙන බව පිළිගත්තා. ඇමරිකානු ඩොලර් බිලියන 6.4ක් විදිහට පස්සේ ඉදිරිපත් කළා. නීතිපති විශේෂඥ ආයතන තුනක සහාය ලබාගෙන මේ කටයුතු කරන්නේ. රජයේ සෑම නිලධාරියකුටම නීතිපති දෙපාර්තමේන්තුව විවෘතයි. සමෘද්ධිය අධීක්ෂණ අධිකාරියට එතනට යන්න පුළුවන්.”

අජිත් මාන්නප්පෙරුම,

”සමුද්‍රීය ආරක්ෂණයට වෙනම ආයතනයක් මේ රටේ තියෙනවා. මේ ආයතනය යවන ලියුමකටවත් එයාලා පිළිතුර එවන්නේ නැහැ.”

Share post:

Popular

More like this
Related

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...

තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල්...

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...