පොලිස් වධ හිංසාවක් සම්බන්ධයෙන් වන්දි ගෙවන්න නියෝග

රන්භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තරුණයකුට අමානුෂික ලෙස පහරදී ලිංගික අතවර කිරීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වගකිව යුතු ඌරුගස්මන්හංදිය පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට සහ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාට සිය පෞද්ගලික මුදලින් රුපියල් ලක්‍ෂ 10 බැගින් අදාළ තරුණයාට වන්දි ගෙවීමට නියෝග කර තිබේ.

සිද්ධියට ගොදුරු වූ තරුණයා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතතුරුව එසේ නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවේ පිටපතක් ජාතික පොලිස් කොමිසමටද යොමු කර ඇත.

මන්තක ප්‍රදේශයේ පදිංචි එ.්සී. මධුශාන් නැමැත්තා ගොනු කර තිබූ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ඌරගස්මන්හංදිය පොලිසියේ ස්ථානාධිපතිවරයාව සිටි හේරත්, එහි අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි හිරාන් යන මහත්වරු ඇතුළු පිරිසක් නම් කර ඇත.

අනෙකුත් විනිසුරු දෙපළගේ එකගතාවය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න විසින් ප්‍රකාශයට පත්කළ තීන්දුවේ මෙසේ සඳහන්වේ.

රන්බඩු මංකොල්ලකෑමේ චෝදනාවක් මත වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විසින් පෙත්සම්කැ 2019 ජුනි 23 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු ඌරගස්මන්හංදිය පොලිසියේ අපරාධ අංශයට ගෙන ගොස් පහර පහර දෙන අතරතුර ලිංගික වශයෙන් ඔහුට අතවර කර ඇතැත් අපරාධයට සම්බන්ධ කිසිවක් පෙත්සම්කරු හෙළි නොකල විට ඔහුට එල්ලා පහර දී ඇති බවත් පහරදීම හේතුවෙන් පෙත්සම්කරු ඉදිමි කලන්ත තත්වයට පත්වීම හේතූවෙන් ඔහු රෝහල් ගත කර ඇති බවත් සඳහන් වේ.

දෙපාර්ශවයේ සාක්කි විශ්ලේෂණය කිරීමේදී පළමු හා දෙවෙනි වගඋත්තරකරුවන් පෙත්සම්කරුට අමානුෂික අන්දමින් පහර දීමට වගකිය යුතු බව පෙනී යන බවත් ඔවුන් දෙදෙනා පෙත්සම්කරුගේ සමාන ලෙස සැලකීමේ මූලික අයිතිවාසිකම කඩකර ඇති බව අධිකරණයේ මතය බවත් සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය සිය පෞද්ගලික මුදලින් රුපියල් දශ ලක්ෂය බැගින් පෙතසම්කරුට ගෙවීමට පළමු සහ දෙවැනි වගඋත්තරකරුවන්ට නියෝග කර ඇත.

Share post:

Popular

More like this
Related

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...

තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල්...

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...