Breaking News

පොලිසිය මහපාරේ ‘යුක්තිය’ ඉටුකරන හැටි

කිසියම් පුද්ගලයෙකුට අමානුෂිකව පහර දෙන දර්ශන පෙළක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

මේ පිළිබදව සොයා බැලීමේදී අප වාර්තාකරු සදහන් කළේ කුරුණෑගල පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු ඊයේ (27) දිනයේ වෙඩරුව ප්‍රදේශයේදී මෙලෙස යම්කිසි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට උත්සහ ගත් අවස්ථාවේදී ඒ අසළ සිටි පුද්ගලයෙකු පටිගත කළ දර්ශන පෙළක් බවටයි.

කෙසේවෙතත්, මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා සිදුකරන මෙම අමානුෂික පහරදීම සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක්වී තිබෙනවා. කුමන ආකාරයේ වරදක් කළත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කළයුතු ක්‍රමවේදයක පවතියි. නමුත් දකන්ට ලැබෙන්නේ පොලීසිය විසින් එය උල්ලංඝණය කරමින් තිබෙන බවයි.

leave a reply