වාරකන් කතාව බොරු, ජලජ ජීවින් මිය ගියේ රසායනික ද්‍රවය නිසා සිදුවූ පරිසර හානියෙන් – විශේෂඥ කමිටුව කියයි

පසුගිය මැයි 20වැනිදා කොළඹ වරායට නුදුරින් ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදුවූ පාරිසරික හානිය නිසා කැස්බෑවුන් 176ක්, ඩොල්ෆින් මසුන් 20ක් හා තල්මසුන් 4ක් මේ දක්වා මියගොස් ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් ඊයේ අධිකරණයට දැනුම් දී තිබේ.

එම සතුන් මිය ගොස් ඇත්තේ සමහර පිරිස් පවසන පරිදි වාරකන් සමයට සිදුවන ස්වභාවික සිදුවීම් නිසා නොව එකී ගින්නෙන් රසායනික ද්‍රවය මුහුදට එක්වී සිදුවූ පාරිසරික හානිය නිසා බව 39දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් මගින් තහවුරු කර ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පවසා තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණ හරහාද ඒ බව තහවුරුව ඇති බව හෙළිව තිබේ.

එකී ගින්නෙන් සිදුවූ සැබෑ තත්ත්වය සහ දින වකවානු වසන් කිරීමට නැවේ කපිතාන්වරයා නැවේ යාන්ත්‍රික මෙහෙයවන්නා සහ දේශීය නියෝජිත ආයතනය දිගින් දිගටම කටයුතු කර ඇති ආකාරයට දිගින් දිගටම අනාවරණය වී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් අධිකරණයට පවසා ඇත.

ගින්න මැඩපැවැත්වීමට වරාය අධිකාරිය ගතයුතු සෑම පියවරක්ම ගත් බවත් සියලු අනතුරුදායක ද්‍රවය නිසි පරිදි අසුරා ඇතිදැයි පහුගිය මැයි 19වනදා පස්වරුවේ වරායට ඊමේල් පණිවිඩයක් ඒවා ඇතැයිද සඳහන් කර ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...