දේශබන්දුගේ උපන්දින සාදයකට අධිකරණ විනිසුරුවන් ගිහිල්ලා

වර්තමාන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවසේ පැවති උපන්දින සාදයකට අධිකරණ විනිසුරුවරුන් සහභාගී වීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා මගෙන් රටට සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් අද (14) අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත සඳහන් කළේ පසුගිය දිනෙක අධිකරණයේ ස්වාධීනත්වයට බාධා වන ආකරයෙන් විනිසුරුවරුන් චූදිතයන්ගේ නිවෙස් වෙත ගොස් කා බී විනෝද වෙන අවස්ථාවක් සම්බන්ධයෙන් වාර්තා වූ අතර එම සිදුවීම සම්බන්ධයෙන් මෙලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි.

තමා චූදිතයෙකු ලෙස පෙනී සිටින නඩු විමසනු ලබන විනිසුරුවරුන් නිවසට ගෙන්වා ගැනීම මඟින් පොලිස්පතිවරයා බරපතළ වරදක් සිදු කර ඇති බවත් එය අධිකරණයට නිග්‍රහ කිරීමක් බවත් සංජය මහවත්ත පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත,

“ මේ අවස්ථාව වන විටත් නඩු කීපයක්ම තියෙනවා මේ පොලිස්පත්වරයාට, අරලිය ගහ මන්දිරේ තිබ්බ සල්ලි ටික පිට් පොකට් ගහගන්න හදපු නඩුවේ ඉඳලා හරක් කටා, සිද්ධාලේප නඩුව..මේ හැම නඩුවක්ම තියෙන පොලිස්පතිවරයාගේ ගෙදරට ඒ නඩු අහන විනිසුරුවරුන් ගෙන්නා ගන්නවා. මෙය අධිකරණයේ ස්වාධීනත්වය කෙළෙසීමක්. මේ නඩු අහන විනිසුරුවරුනුත් මේ අධිකරණයේ ස්වාධීනත්වය ගැන යම් කිසි ආකාරයකට හිතිය යුතුයි කියලා තමයි අපි කියන්නේ”

Share post:

Popular

More like this
Related

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...

තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල්...

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...