දේශබන්දුගේ උත්සාහය නැවතත් පොලිස් ඝාතන සංස්කෘතියක් හැදීමද?

පාතාල ක්‍රියාකාරකම්වල යෙදෙන පිරිස් වලට ඉදිරියේදී තේරෙන භාෂාවෙන් උත්තර දීමට තමා සූදානම් බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසා තිබේ.

අම්බලන්ගොඩ සහ ඒ අවට ප්‍රදේශවල පසුගිය දිනවල සිදුවූ පාතාල වෙඩි තැබීම්වලින් අහිංසක පුද්ගලයන් කිහිප දෙනෙකුම මියගොස් ඇතැයි පෙනී යන බව පොලිස්පතිවරයා දැනට කරගෙන යන ආරක්ෂක වැඩපිළිවෙල වෙනස් කිරීමට අවශ්‍ය නම් එය කිරීමටද නොපැකිලෙන බව ඔහු සඳහන් කර ඇත.

ඔහු මේ කියන තේරෙන භාෂාවෙන් උත්තර දීම යනු කුමක්ද යන සැකය ඇතිවේ. ගම්පහ මල්වතුහිරිපිටිය කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ සිටි 45 හැවිරිදි හිමි නමක වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සඟවා ඇති ආයුධ පෙන්වීමට බව පවසමින් රැගෙන ගොස් වෙඩි තබා ඝාතනය කෙරුනේ පෙරේදා දිනයේදීයි.

දේශබන්දු යනු මානව හිමිකම් කඩකිරීම සම්බන්ධ චෝදනාවලට වරදකරුවූ පුද්ගලයෙකි. ඊට අමතරව ඔහු පොලිස්පති ධූරයට පත්කිරීම සිදුවූවේ නීතිවිරෝධී ලෙස බවට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල වෙමින් පවතියි.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීමේ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා තරුණ ජන මාධ්‍යවේදීන්ගේ සංගමය අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති තරිඳු ජයවර්ධන, ලේකම් එම්.එෆ්.එම්. ෆසීර්, කැඳවුම්කරු ශාලිකා විමලසේන, භාණ්ඩාගාරික නිරෝෂ් මෛත්‍රී, කාරක සභික තරිඳු උඩුවරගෙදර, උප සභාපති බී. නිරෝෂ් කුමාර් සහ එහි සාමාජිකා රේකා නිලුක්ෂි යන පිරිස විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට පටහැනි, නීති විරෝධී අත්තනෝමතික තීරණයක් බව පෙත්සම්කරුවන් මෙමඟින් පෙන්වා දෙනවා.

මේ අතර, ඊයේ (12) දිනයේදී දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති තනතුරට පත් කිරීමේ තීරණයට එරෙහිව අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින්ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළා.

දේශබන්දු තෙන්නකෝන් පත් කිරීම අභියෝගයට ලක් කරමින් සමගි ජන බලවේගයේ නිරෝෂන් පාදුක්ක සහ මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර විසින්ද තවත් පෙත්සම් දෙකක් ඉකුත්දා ගොනු කර තිබුණා.

Share post:

Popular

More like this
Related

22ට එරෙහි පෙත්සම් අහන්න සම්පූර්ණ විනිසුරු මඩුල්ලක ඉල්ලීම ඉවතට

විසි දෙවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාලව ඉදිරිපත් කර...

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..!

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මූදුබත් වීමේ සිදුවීමට අදාලව, නැව් සමාගමෙන්...

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ආදායම් බදු අයකර ගැනීමට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් බදු අය කරගැනීමේ අරමුණින්...