Breaking News

අරුවක්කාලු කසළ අංගනයේ වැඩ නැවත අරඹන්න සැරසෙයි

අරුවක්කාලු කසල ව්‍යාපෘතිය වැඩ කටයුතු මාර්තු මස වනවිට අවසන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසා තිබේ.

එහි අවසන් අදියරේ වැඩ කටයුතු කඩිනම් කරන්නැයි ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබෙ. අරුවක්කාලු කසළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු සාකච්ඡා කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරි ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාවගෙන් සහ පරිසර හිතකාමී සංවිධාන රැසකින් විශාල විරෝධයක් එල්ල විය. ඔවුන් පවසා සිටියේ  මුහුදට ආසන්නව ඉදිවෙන මෙම ව්‍යාපෘතිය හරහා විශාල පරිසර හානියක් සිදුවන බවයි. එමෙන්ම කොතරම් විද්‍යානුකූල ක්‍රමවේද අනුව කසළ බැහැර කෙරෙන බව පැවසුවත් මෙහි සිදුවන්නේ නිකම්ම කසළ බැහැර කිරීමක් බව හෙළිවිය.

 

අරුවක්කාලු කසළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු සාකච්ඡා කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරි ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් ක

leave a reply