දවස් 72ට වෙඩි තැබීම් නිසා සිදුවූ ඝාතන 21ක්

මෙම වසරේ ජනවාරි 01 වනදා සිට මාර්තු 12 වනදා දක්වා කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වෙඩිතැබීමේ සිද්ධි 30ක් වාර්තාවී ඇති බව පොලීසිය පවසනවා.

ඉන් පුද්ගලයින් 21 දෙනෙකු මියගෛාස් තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ එම වෙඩිතැබීමේ සිදුවීම් 30න් 17ක්ම සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණ වූ බවයි.

අනෙක් වෙඩිතැබීම් 13 පුද්ගලික හේතු මත සිදුකළ ඒවා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව වැඩිදුරටත් සඳහන් කර සිටියා.

යුක්තිය නමින් බොරු ප්‍රෝඩාවන් සිදුකරමින් සිදුකරමින් ජනතාව ඇන්දවීමට කටයුතු කරමින් සිටින ටිරාන්ලාට සහ දේශබන්දුලාට සැකකරුවන් මරා දැමීම හැර මෙම ඝාතන නැවත්වීම සම්බන්ධ වැඩපිළිවෙලක් නැති බව පැහැදිලිවේ.

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...