දවස් 72ට වෙඩි තැබීම් නිසා සිදුවූ ඝාතන 21ක්

මෙම වසරේ ජනවාරි 01 වනදා සිට මාර්තු 12 වනදා දක්වා කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වෙඩිතැබීමේ සිද්ධි 30ක් වාර්තාවී ඇති බව පොලීසිය පවසනවා.

ඉන් පුද්ගලයින් 21 දෙනෙකු මියගෛාස් තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ එම වෙඩිතැබීමේ සිදුවීම් 30න් 17ක්ම සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණ වූ බවයි.

අනෙක් වෙඩිතැබීම් 13 පුද්ගලික හේතු මත සිදුකළ ඒවා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව වැඩිදුරටත් සඳහන් කර සිටියා.

යුක්තිය නමින් බොරු ප්‍රෝඩාවන් සිදුකරමින් සිදුකරමින් ජනතාව ඇන්දවීමට කටයුතු කරමින් සිටින ටිරාන්ලාට සහ දේශබන්දුලාට සැකකරුවන් මරා දැමීම හැර මෙම ඝාතන නැවත්වීම සම්බන්ධ වැඩපිළිවෙලක් නැති බව පැහැදිලිවේ.

Share post:

Popular

වෙනත් පුවත්

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...