Breaking News

ආණ්ඩුවට වතු කම්කරුවා අමතකද?

ආණ්ඩුව තම අයවැය හරහා වතු කම්කරු ජනතාවට ප්‍රමාණවත් අවධානයක් ලබාදී නොතිබීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ. අනෙකුත් සියලු අංශ වෙත වැටුප් වැඩිවීම් යෝජනා කරද්දී ආණ්ඩුව පවසනේ වතු කම්කරු වැටුප 1700 කිරීම සඳහා මැදිහත්වන බව පමණි.

වතු කම්කරු ජනතාව මුහුන දෙන ගැටළු රැසක් පසුගිය කාලයේදි විවිධ පාර්ශව විසින් කරළියට ගෙන එන ලදී. නමුත් ඒ කිසිවක් ගැන අයවැය හරහා අවධානයක් යොමුකර නැති බව පෙනේ.

ආණ්ඩුව තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වතු කම්කරු ප්‍රජාවට අදාලව ප්‍රධාන ප්‍රතිපත්තියක් ලෙස සඳහන් කරන ලද්දේ ස්ථිර නිවාස ලබාදීම පිළිබඳ යෝජනාවයි. ආණ්ඩුව පසුව පැවසුවේ මෙමෙ ලබාදෙන නිවාස මහල් නිවාස බවයි.

නමුත් අයවැය හරහා කිසිදු නිවාසයක් ඉදිකිරීම සඳහා මුදල් වෙන්කර නැත.

එසේම රජයේ ප්‍රධාන වතු සමාගම් තුනක් වසර 25 ක් තිස්සේ සේවකයින්ගෙන් අය කර ගත් අර්ථ සාධක අරමුදලේ සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ හිඟය රුපියල් කෝටි 500 ඉක්මවන බැවින් එම මුදල් ගෙවීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රමාණවත් මුදල් වෙන් කරන ලෙස ලංකා වතු සේවා සංගමය රජයෙන් ඉල්ලා තිබුණි.

ලංකා වතු සේවා සංගමය ඊයේ ( 16 වනදා) මහනුවරදි පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සංගමයේ ප්‍රධාන ලේකම් චතුර සමරසිිංහ මේ බව කීය.

එසේම සේවක අර්ථසාධක අරමුදලින් ලබාදෙන, 30% පූර්ව ප්‍රතිලාභ ලබා ගැනීමට ව්‍යාජ ලියවිලි ඉදිරිපත් කර, තලවකැලේ නව විවිධ සේවා සමුපකාර සමිතියට අනුබද්ධ, ග්‍රාමීය බැංකු 11ක් විසින්, වතුකම්කරුවන් 5,000කට වැඩි පිරිසකගෙන්, රුපියල් කෝටි 100කට අධික මුදලක් වංචා කර ඇති බව වතු කම්කරු මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම්, මාක්ස් ප්‍රභාකර් පවසයි. ඒ පිළිබඳ ඔවුන් පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සහ විගණකාධිපති දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

කෙසේවෙතත් මේ කිසිවකට ආණ්ඩුව උත්තර ලබාදී නැති බව පෙනේ . ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට මැතිවරණය තුළ වතු කම්කරු ජනතාවගේ ප්‍රශ්නය තොරම්බල් කරන ලදී. විශේෂයෙන් එම ප්‍රජාව නියෝජනය කරන කිහිපදෙනෙක් තම විශාල ප්‍රසිද්ධියක් ලබාදෙමින් ජනතාවත් පැවසුවේ එම ජනතාවගේ ප්‍රශ්න නියෝජනය සඳහා එම පුද්ගලයන්ට අවස්ථාවක් ලබාදෙන බවයි. ඒ අනුව වතු කම්කරු ප්‍රජාව සහිත කඳුකර තමිල් ජනතාව මේ ආණ්ඩුවට විශාල වශයෙන් ඡන්දය පාවිච්චි කර තිබුණි. නමුත් මැතිවරණ වලදී තොරම්බල් අරණ ලද ප්‍රශ්න බලය ලැබුණු පසු ඔවුන්ට අදාළ නැති බව පැහැදිලිය.

leave a reply