යුද්ධයෙන් මියගියවුන් සිහිකිරීමේ ස්මාරකය කඩාබිඳ දැමීමට එරෙහි හර්තාල්වලට මුස්ලිම් ජනතාවගේත් සහාය

Date:

යාපනය විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ යුද්ධයෙන් මිය ගිය පිරිස් සිහිකිරීම සඳහා ඉදිකර තිබූ ස්මාරකය රජය විසින් විනාශ කර දැමීමට විරුද්ධව ජනතාව විසින් උතුරු නැගෙනහිර දියත් කර ඇති හර්තාලයට මුස්ලිම් ජනතාවගේද සහාය පලවී තිබේ.

යාපනය සරසවි බිමේ පිහිටි මළවුන්ගේ ස්මාරකය යන්ත්‍රෝපකරණ යොදාගනිමින් සන්නද්ධ හමුදා සහායෙන් ජනවාරි 8 සිකුරාදා රාත්‍රියාමයේ කඩා බිඳ දැමීමට එරෙහිව විශාල විරෝධයක් නැගෙමින් තිබෙන මොහොතක ප්‍රධාන මුස්ලිම් දේශපාලන පක්ෂ සිය අනුගාමිකයන්ගෙන් ඉල්ලා ඇත්තේ අද දින උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරය සඳහා සහය දක්වන ලෙසයි.

මිලිටරි බලය පාවිච්චි කරමින් මේ ක්‍රියාවට එරෙහිව වාමාංශික ප්‍රගතිශීලී ජනතාව මෙන්ම ජාතික සමගිය වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනාගේ විරෝධය එල්ල වීමේ ප්‍රතිඵලයක් ලෙස ජනවාරි එකොලොස් වනදා වන විට ගත් අත්තනෝමතික ක්‍රියාව ආපස්සට ගනිමින් නැවත එම ස්මාරක ඉදිකරන බව විශ්ව විද්‍යාල උපකුලපතිවරයා පොරොන්දු වී තිබේ. ඒ අනුව විශ්ව විද්‍යාල සිසුන් විසින් ආරම්භ කර තිබූ උපවාසය අවසන් කර තිබුණි.

නමුත් උතුරු පළාතේ යාපනය, කිලිනොච්චි, වව්නියාව, මන්නාරම, මුලතිව් යන දිස්ත්‍රික්කවල කඩ සාප්පු බොහෝ ප්‍රමාණයක් වසා දමා ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර නැගෙනහිර පළාතේ මඩකළපුව ඇතුළු ප්‍රදේශ කිහිපයකම හර්තාලය ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

මෙම සිදුවීමට විරෝධය දක්වමින් ශ්‍රී ලාංකික දෙමළ, සිංහල, මුස්ලිම් පිරිස් සිය බලවත් ශෝකයත්, කෝපයත් පලකොට තිබෙනු සමාජ මාධ්‍ය ජාලා වල දැක ගන්නට ලැබුණි.

මේ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ තමන් වෙනුවෙන් පෙනී සිට මිය ගියායයි සළකන මිනිසුන් සිහිකිරීමට උතුරේ ජනතාවට අයිතියක් ඇති බවයි. යුද්ධයෙන් මියගිය පුද්ගලයන් සිහිපත් කිරීම අයිතියක් බව අවධාරණය කරන අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය (අවිශිබම) යුද්ධයෙන් මියගිය හමුදා සෙබළුන් සමරන ස්මාරක මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ රජයට විරුද්ධව කැරළි ගැසූ 1971 සහ 80 දශකය අගභාගයේ මරා දමන ලද මිනිසුන් සිහිපත් කිරීම සඳහා දකුණේ සැමරුම් උත්සව සංවිධානය කරනු ලබන බවද පෙන්වා දෙයි.

“නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සිදුකරන අරගලයේදී රජය විසින් ඝාතනය කෙරුණු සිසුන් සිහි කෙරෙන විරුසිසු ස්මාරක විශ්ව විද්‍යාල වල සිසුන් විසින් ඉදිකර තිබේ,” යි අවිශිබම කැඳවුම්කාර රත්කරව්වේ ජිනරතන හිමියන්ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයකින් සිහිපත් කර දී තිබේ.

යාපන සරසවියේ ස්මාරකය බිඳහෙලීම සැලසුම් සහගත ක්‍රියාවක් ලෙසින් අවිශිබම විසින් හෙලා දැක තිබේ.

ඡායාරූපය උපුටා ගැනීම – JDS වෙබ් අඩවිය

 

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...