Breaking News

විපක්ෂයේ සිටියදී අධ්‍යාපනය විකිණීමට විරුද්ධ වූ NPP අද අධ්‍යාපනය විකිණීමේ නියමුවන් බවට පත්වී සිටියි

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය හරහා වෛද්‍ය උපාධිය මුදලට විකිණීම සඳහා අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කර ගැනීම සඳහා අනුර කුමාර දිසානායකගේ NPP ආණ්ඩුව කටයුතු කරමින් සිටී . නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ දහසකුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ජීවිත පරිත්‍යාග කළේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවක් බලයට පැමිණි පසු අධ්‍යාපනය මුදලට විකිණීමේ අරමුණ සාර්ථක කරගැනීම උදෙසා නොවන බව අප දනිමු . කෙසේ වෙතත් වර්තමාන ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුව පසුගිය ආණ්ඩුවල වැරදි ප්‍රතිපත්ති පිළිබඳව පුන පුනා විවේචනය කරමින් වර්තමාන ආණ්ඩුව ද ක්‍රියාවට නගමින් සිටින්නේ හැත්තෑ හය වසරක් පාලනය කළ දේශපාලකයන්ගේ ක්‍රියාවලියේ දීගුවකි .

leave a reply