වරාය සමූහ මිනීවලේ මිය ගිය වුවන්ටවත් යුක්තිය ඉටුවෙයිද?

ඉඟුරු කඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය දක්වා ඉදිවන අධිවේගී මාර්ගයේ කැණීමකදී 2024.08.13 අහඹු ලෙස මතුවූ මිනිස් අස්ථි කොටස් ගොඩ ගැනීමේ කටයුතු නැවත ආරම්භ කර තිබේ.

මෙය කැණීම් කටයුතු ආරම්භ කළේ 2024.09.05 කොළඹ අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ ගේ නියෝගය පරිදි සහ අධීක්ෂණය යටතේයි. එහි පළමු කොටසේ කැණීම් කටයුතු 2024.09.05 සිට 09.14 දක්වා සිදු කෙරිණි. එහිදී මිනිස් අස්ථි පද්ධති 4ක්, දත් සහ හිස් කබලක් ඇතුළු ශේෂ කොටස් ගොඩගත්තේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිතුමා සමග කැනීම් භාරව කටයුතු කරන පුරාවිද්‍යා මහාචාර්ය සහ කැනීම් පිළිබද විශේෂඥ රාජ් සෝමදේව මූලිකත්වයෙන්. කැණීම් කටයුතුවල පළමු අධියර එසේ නිමා වූ අතර එහි දෙවන අධියර 2025.01.27 දින ආරම්භ කෙරිනි.

එහි දෙවන දිනයට කැණීම් වල ආශ්‍රිත අවට තවත් වලවල් දෙකක් බැකෝ යන්ත්‍ර ආධාරයෙන් පාදාගනිමින් තිබුණි. අලුතින් මිනිස් ඇටසැකිලි තුනක් පාදාගෙන ඇත්තේ මෙම කලාපයෙහි. මෙය කුමන කාලයට අයත් සමූහ මිනීවලක්ද?, එය අපරාධයකට යටත් කළ පිරිසකගේද? සහ එහි වින්දිතයන් කවුරුන්ද යන්න හදුනාගැනීමට නියමිතව තිබේ.

ලංකාවේ විවිධ ප්‍රදේශ ආශ්‍රිතව සමූහ මිනිවලවල් කිහිපයක්ම හඳුනාගත් නමුත් මේ බොහොමයක කටයුතු නිසි පරිදි අවසන් වන තත්ත්වයක් දක්නට නැත. මන්නාරම, මාතලේ, කිලිනොච්චි ප්‍රදේශවලින් එලෙස සමූහ මිණිවලවල් හමු වුවත් එම මියගිය වුන් කවුරුන්ද යන්න ගැන අවසන් අදහසක් හෙලිව නැත. සමහරක් කැණීම් අතරමග නවතී තිබේ.

කෙසේවෙතත් වර්තමාන ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණට සමූහ මිනී වලවල් සම්බන්ධ විශේෂ සංවේදීතාවයක් තිබිය යුතුය. අවම වශයෙන් දකුණේ ප්‍රදේශවල හමුවූ මෙවැනි සමූහ මිනී වලවල් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට නව ආණ්ඩුව උත්සාහ කරනු ඇතැයි බොහෝ පිරිසක් බලාපොරොත්තුව සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...