Breaking News

ජනතාවට බර පැටවීම තක්සේරු කර IMF වාරිකය දෙන්න සූදානම්

ආණ්ඩුව දිගින් දිගටම විදුලි ගාස්තු ඉහළ නැංවීම ගැන සඳහන් කරන්නේ විදුලි බල මණ්ඩලය පාඩු ලබන නිසා සහ විදුලි බල මණ්ඩලය ගෙවීමට ඇති ණය හේතුවෙන් විදුලි බිල වැඩිකිරීමට සිදුවූ බවයි. නමුත් ඇත්ත හේතුව වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව විදුලි බල මණ්ඩලය වෙනුවෙන් පොදු අරමුදල්වලින් සිදුකරන ගෙවීම් නවත්වන ලෙසයි. එසේම පිරිවැය ගැලපුම් ගාස්තුවක් හඳුන්වා දෙන ලෙසයි.

නමුත් ආණ්ඩුව නොකියන කාරණය වන්නේ විදුලි බල මණ්ඩලය පසුගිය වසරේ විශාල ලාභයක් අත්කරගත් බවයි. ඒ කිසිවක් පිළිනොගෙන ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන සෑම දෙයක්ම අකුරක් නෑර සිදුකරමින් සිටියි .

මෙරට විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළ දැමීමට ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් සහ අනෙකුත් ඉටු කළ යුතු ක්‍රියාමාර්ග ඉටු කිරීම ගැන අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF ) විධායක මණ්ඩලය විසින් සමාලෝචනය කිරීමෙන් පසු මීළඟ ණය වාරිකය ලබාගැනීමට අදාළ අනුමැතිය හිමිවීමට නියමිත බව මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 344 ක ණය මුදලක් ලබාගැනීමට අදාළ අනුමැතිය ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිතය.

මෙරට විදුලි ගාස්තුව සියයට 15 කින් ඉහළ දැමීමට ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් ඒ සඳහා වන සංශෝධිත තොග සැපයුම් ගනුදෙනු ගිණුම් මාර්ගෝපදේශ ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව අන්තර්ජාතික මූල්‍ය අරමුදල, අදාළ බලධාරීන් සමග සමීපව කටයුතු කරමින් සිටින බව එම අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් පවසා ඇත.

මුල්‍ය අරමුදලේ ඉකුත් ජුනි 12 වැනිදා පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ඇය මේ බව සඳහන් කර ඇත.

2025 අප්‍රේල් 25 වැනිදා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වැනි සමාලෝචනයට අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවට එළඹීමට ශ්‍රී ලංකාවට හැකි වූ අතර එම ණය පහසුකමට අදාළ මීළඟ වාරිකය ලබාගැනීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලබාගත යුතු වේ.

leave a reply