“සහස්පත්” පාඨකයා කම්පනය කිරීමට පොහොසත්

“සහස්පත්” විජය නන්දන පෙරේරාගේ කෙටි කාව්‍ය සංග්‍රහය ලැබ විඳ ගන්නට අවස්ථාව ලැබුණා. මෑත කාලයේ කියවූ කෙටි කාව්‍ය සංග්‍රහ අතර වෙඩිවර්ධනගේ “නිමිති” ලහිරු කරුණාරත්නගේ “නොඉම්” තරම්ම විජය නන්දනගේ “සහස්පත්” එක් වර කියවා අවසන් නොකරන විටින් විට කියවා යළි යළිත් රස විඳින, කියවන වාරයක් වාරයක් පාසා වෙනත් අර්ථයන් සොයන්නට සිත් දෙන කවි පොත් ගොන්නට එකතු කර තැබුවෙමි.

නන්දනගේ කෙටි කවි කියවද්දි ඔළුවට සමනල ගැටේ නොවැටීමම ඒ පොත කියවන්නා ලබන පළමු ප්‍රතිලාභයයි. ඉතින් ඒ ප්‍රතිලාභයට මම කැමතියි. එනිසා එක හුස්මට මේ කවි එකසිය එකම කියවා හමාර කළෙමි. වෙඩිවර්ධනගේ පෙරවදන සලකා බැලුවේ ඉන් අනතුරුවයි.

හයිකු කවියක් ලිවීමත් හයිකු කවියක් තේරුම් ගැනීමත් අරභයා නිර්මාණය කරලා තිබෙන බැරෑරුම්කම තුනිකර විසුරුවා හැර වෙඩිවර්ධන ලියන මේ පෙරවදන ඉඳහිට හෝ කෙටි කවියක් ලියන මගෙත් හිත සැහැල්ලු කළේ යැයි කීම බොරුවක් නෙවෙයි.

නන්දනගේ “සහස්පත්” 101 න් වැඩි ප්‍රමාණයක් පළමු කියවීමේදීම තිගැස්මකට හෝ යළි කියවීමකට පොළඹවයි.යම් කවියකින් රසයක් උත්පාදනය කොට වේදනාවකට විවරණය සපයයි. ඒ වු කලී “සහස්පත්” කාව්‍ය සංග්‍රහය පාඨකයා කම්පනය කිරීමට පොහොසත් බවයි.

මට මෑත කාලයේ කියවූ කෙටි කාව්‍ය සංග්‍රහ අතර විජය නන්දනගේ “සහස්පත්” විශිෂ්ට කෘතීයකි .

ඉඩම් නඩු
කියන
වැට
කුසුම්දම්
පැළඳ ගෙන

සුළඟට ද
අවනතය
බිඳුණු
පසු
පියාපත්

මුදු
නැත
හිත
මුදු
අත
පමණ !

බිඳුනු
බැම්මකත්
මලක්

කෙස්
මිස
හිස්
නොදකිත්
කරණවෑමි
ඇස් !

සිරිපතුල්
වැඳ
ගල්තැලුම්
පිරිමදින්නී
අම්මා

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...