කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස ත්‍රස්ත පනතෙන් රඳවා තබා ගැනීමේ අරමුණ මොකක්ද?

කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු දින 90 ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ පොලිසිය රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව වාර්තා වේ.

මෙහිදී මතුවන ප්‍රශ්නය වන්නේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත නොමැතිව අපරාධ සඳහා සම්බන්ධ පුද්ගලයන් වෙනුවෙන් කටයුතු කිරීමට වෙනත් මගක් නැද්ද යන්නයි. ආණ්ඩුවේ වුවමනාව වී තිබෙන්නේ එය එලෙස පෙන්වීම බව පෙනෙන්නට තිබේ. මන්ද ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීම සඳහා රැඳවුම් නියෝගයට අත්සන් තැබිය යුත්තේ ආරක්ෂක ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයායි.

මෙවැනි අපරාධ සඳහා දණ්ඩ නීති සංග්‍රහය අනුව කටයුතු කිරීමට හැකියව තිබේ. එහෙත් ආණ්ඩුව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත හරහා මෙවැනි අපරාධ සඳහා සම්බන්ධ යයි සැකකරන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නේ ත්‍රස්ත පනත් සුජාත කිරීම සඳහායි. කිසිවෙකු මෙය ප්‍රශ්න නොකරනු ඇති බව ආණ්ඩුවේ විශ්වාසයයි.

දැනට තිබෙන ත්‍රස්ත පනත අහෝසි කර නව ත්‍රස්ත පනතක් ගෙන ඒමට උත්සාහ කරන ආණ්ඩුව මේ කරන්නේ සඳහා මග හෙළිපෙහෙළි කරගැනීමයි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...