කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස ත්‍රස්ත පනතෙන් රඳවා තබා ගැනීමේ අරමුණ මොකක්ද?

කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු දින 90 ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ පොලිසිය රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව වාර්තා වේ.

මෙහිදී මතුවන ප්‍රශ්නය වන්නේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත නොමැතිව අපරාධ සඳහා සම්බන්ධ පුද්ගලයන් වෙනුවෙන් කටයුතු කිරීමට වෙනත් මගක් නැද්ද යන්නයි. ආණ්ඩුවේ වුවමනාව වී තිබෙන්නේ එය එලෙස පෙන්වීම බව පෙනෙන්නට තිබේ. මන්ද ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීම සඳහා රැඳවුම් නියෝගයට අත්සන් තැබිය යුත්තේ ආරක්ෂක ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයායි.

මෙවැනි අපරාධ සඳහා දණ්ඩ නීති සංග්‍රහය අනුව කටයුතු කිරීමට හැකියව තිබේ. එහෙත් ආණ්ඩුව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත හරහා මෙවැනි අපරාධ සඳහා සම්බන්ධ යයි සැකකරන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නේ ත්‍රස්ත පනත් සුජාත කිරීම සඳහායි. කිසිවෙකු මෙය ප්‍රශ්න නොකරනු ඇති බව ආණ්ඩුවේ විශ්වාසයයි.

දැනට තිබෙන ත්‍රස්ත පනත අහෝසි කර නව ත්‍රස්ත පනතක් ගෙන ඒමට උත්සාහ කරන ආණ්ඩුව මේ කරන්නේ සඳහා මග හෙළිපෙහෙළි කරගැනීමයි.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...