QR තියෙනවා – තෙල් නෑ

පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස හඳුන්වා දී තිබෙන QR කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ තීරණයත් සමඟ සතියකට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නැවතත් අර්බුද රැසක් මතුවීමට නියමිතව ඇත.

මෙමගින් ඉන්ධන පෝලිම්වලට විසඳුමක් නොලැබෙන අතර පවතින ප්‍රශ්න වැඩිකරන්නක් බව ඉන්ධන පාරිභෝගිකයන් සහ ඉන්ධන පිරවුම්හල් හිමියන් පවසයි. මේ ක්‍රමය යටතේ ත්‍රීරෝද රථ සඳහා සතියකට ලබාදෙන්නේ පෙට්‍රල් ලීටර් 05ක් පමණක් වන අතර එය එක් දිනක් සඳහාවත් ප්‍රමාණවත් නොවන බව ත්‍රීරෝද රථ රියදුරන් පවසයි. මේ හේතුවෙන් ඔවුන්ගේ ආදායම් මාර්ග ඇනහිටීමට නියමිතයි.

කිව් ආර් ක්‍රමයට ඉන්ධන සැපයීම නිසා ඉන්ධන හල්වලට ලැබුණු ආදායම සියයට 50 කට වඩා අහිමි වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා පවසා ඇත. රජය ගෙන ඇති මෙම තීරණයට අපහසුවෙන් වුවත් එකඟ වීමට සිදුවන බවද මෙම ක්‍රමය රජයට වාසියක් ලෙස පෙන්වුවත් ඉන්ධන හලකට අඛණ්ඩව ඉන්ධන සැපයූ ක්‍රියාදාමය කඩා වැටීම නිසා සතියකට එක්වරක් ඉන්ධන රැගෙන ඒමට බවුසර් රථ රියැදුරන් දක්වන ප්‍රතිචාර ගැන ඉදිරියේදී සලකා බැලිය යුතු බවද ඔහු පවසා තිබේ.

මේ අතර කිව් ආර් ක්‍රමයට ඉන්ධන ලබාදීමට යෑමෙන් ඉන්ධන පෝලිම් තවත් වැඩිවන බව ඉන්ධන පිරවුම්හල හිමියන් සඳහන් කරයි. එමෙන්ම ජංගම දුරකථන තබාගෙන කිව් ආර් සංකේත පරීක්‍ෂාවට යෑමේදී ඉන්ධන හලේ යම් ගිනි ගැනීමක් සිදුවුවහොත් රක්‍ෂණ වන්දි ලබානොදෙන බව රක්‍ෂණ සමාගම් ප්‍රකාශ කර තිබෙන බවත් එවැනි දෙයක් සිදුවුවහොත් එහි පාඩුව ලබාදෙන්නේ කවුරුන්ද යන්න ප්‍රකාශ කළයුතු බවත් ඔවුන් පවසා ඇත.

කිව්ආර් සංකේතය යටතේ ඉන්ධන ලබාදෙන ඇතැම් ඉන්ධන හල් හිමියන් තමන්ට ලැබෙන ඉන්ධනවලින් වැඩි ප්‍රමාණයක් වෙනත් ආයතනවලට වැඩි මිලට අලෙවි කර ලීටර් 6600 ක් වැනි ප්‍රමාණයක් ඉන්ධනහලට රැගෙනවිත් අලෙවි කරන බවද වාර්තා වේ.

ඉන්ධන බවුසරයක් ගෙන්වා සතියකට එය අලෙවි කර මුදල් එකතු කර නැවත ඇණවුම් කිරීමට ඉන්ධන හල් හිමියන්ට සිදුවුවහොත් පවතින පෝලිම් තවත් වැඩිවන බවද ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ අදහසයි.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...