හම්බන්තොට ගම් රැසක දරුවන්ට මන්දපෝෂණය – වෛද්‍ය සමීක්ෂණයකින් හෙළිවෙයි

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව ඇතුළු ප්‍රදේශ රැසක දරුවන්ගෙන් සියයට අසූවක්ම මන්ද පෝෂණ තත්වයට ගොදුරු වී තිබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති, හම්බන්තොට හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී.ජී.චමල් සංජීව පැවසීය.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ නියෝජිතයින් පිරිසක් විසින් පෙරේදා (19) සූරියවැව වල්සපුගල කොස්වගාව ගම්මානයේ ජනතාව පිළිබදව සිදුකළ සමාජ සමීක්ෂණයකදී මේ බව අනාවරණය වී තිබේ. මෙහිදී වෛද්‍යවරුන් පිරිස විසින් ගම්මානයේ පදිංචි ජනතාවගේ නිවෙස් වෙත ගොස් එහි සිටින දරුවන්ගේ සෞඛ්ය තත්වය හා පෝෂණ තත්වය පිළිබදව සොයා බැලීමක නිරත වූ අතර එහිදී අනාවරණය වූ තොරතුරුවලට අනුව වෛද්‍ය ජී.ජී.චමල් සංජීව මේ බව සඳහන් වේ.

චමල් සංජිව වැඩිදුරටත් පවසා ඇත්තේ,
අප කල නිරීක්ෂණයේදී අපට මේ දරුවන්ගේ සෞඛ්ය. තත්වය හා පෝෂණ තත්වයන් පිළිබදව කරුණු රැසක් අනාවරණය කර ගැනිමට හැකි වුණා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ජනතාව සමග අපි කතා කලාම අපට අනාවරණය වුණු එක් කරුණක් තමයි ගෙවුණු මාස හයක කාලයක සිට තමයි ජනතාව මේ තත්වයට පත්වෙමින් තිබෙන්නේ කියන එක.

එහිදී දෙමාපියන් අපත් සමග කිව්වේ සතියකට දවස් දෙක තුනක් තමයි කුළියකට යන්න තියෙන්නේ. ඉතින් ඒ ලැබෙන මුදල ලයිට් බිල් වතුර බිල් ගෙවුවම ඉවරයි. ඉතුරු වෙන කියකින් හරි බඩවියත රැකගන්න හාල් පොල් ටිකක් ගන්නකොට මස් මාලු බිත්තර ගන්න පුළුවන් කමක් නෑ කියලයි.

මේ ගමේ ඇවිද ගිය අපට නිවෙස් දෙක තුනක් විතරයි හමු වුනේ මාසෙකට දවස දෙක තුනක්වත් බිත්තරයක් කන පවුලක්.හැමෝම කිව්වේ බිත්තර මස් මාළු කන්න තියා එදිනෙදා ජිවත් වීම පවා මේ වන විට අසීරු වී තිබෙන බව පැවසුවේය.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල් සහ Gen Z

මිලියන අටකට ආසන්න Gen Z හා Millennial පරම්පරාවලට අයත්...

පොලිසියේ චරිතේ

පොලිසියේ අපේක්‍ෂිත හැසිරීම නැති නිලධාරීන් මොන ක්‍රමයකින් හෝ පොලිසියෙන්...

මහ බැංකු අධිපතිට ප්‍රජාත්නත්‍රවාදය විහිලුවක්ද?

රටේ මූල්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීමේදී රටේ ජනතාවගේ කැමැත්ත අකමැත්ත...

“හොරු ඇල්ලීමේ සහ කුඩු ඇල්ලීමේ නාට්‍ය”  මර්ධන පනත් ගෙන එන්න ආණ්ඩුවට ලැබුණු සහතිකයක් නෙමෙයි

ආණ්ඩුව PSTA ( ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත) සහ...