වැට් බදු වැඩිවීමත් සමඟ තෙල් මිල සහ විදුලි බිලේ විශාල වැඩිවීමක්

නව වැට් බදු පනත මඟින් 2024 ජනවාරි මස 01 දා සිට පෙට්‍රල් ලීටරයක් රු. 62.37කින් සහ ඩීසල් ලීටරයක් රු. 59.22කින් ඉහළ යන බව සමඟි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසනවා.

ඒ අනුව දැනට රුපියල් 346ක මිලකට පවතින ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 400ට වැඩි වන බවත් රුපියල් 329කට ඇති ඩීසල් ලීටරයක මිල රු. 400 ආසන්න වනු ඇති බවත් පාලිත සඳහන් කරනවා.

ඔහු පවසන්නේ දැනටත් ඉන්ධන සඳහා බදු වර්ග 4ක් එක් වන බවයි

ඒ අනුව ඉන්ධන ලීටරයට බදු පමණක් රුපියල් 125ක් එකතු වන බවත් ඉන්ධන බදුවලින් ආණ්ඩුව මසකට උපයන මුදල රුපියල් කෝටි 1500ක් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

ඉන්ධන ගාස්තු ඉහළ යාම සමගින් විදුලිය සහ ජලගාස්තු ද ඉහළ යන බව ආනන්ද පාලිත පෙන්වා දෙනවා.

ජනවාරි මස සිට වැට් බදු වැඩිකිරීමේ තීරණය ප්‍රකාශයට පත්කරමින් ආණ්ඩුව ප්‍රකාශ කළේ ඉන්ධන සඳහා වැට් බදු වැඩිකිරීමක් සිදු නොවන බවයි. වැට් බදු වැඩිවීමක් සිදුවුවද වෙනත් බදු ඉවත්කිරීම හරහා තෙල් මිල වැඩිවීම පාලනය කරන බවද ප්‍රකාශ වුනි. නමුත් දැන් එවැනි දෙයක් සිදුවන්නේ නැත. එසේම විදුලියට වැට්‌ බදු ගැසීමක් සිදු නොවුනද තෙල් මිල වැඩිවීම හරහා සියලු දේවල මිල වැඩිවීමක් සිදුවන බව පෙනේ.

Share post:

Popular

More like this
Related

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...

පාදුක්ක සිදුවීම ගැන පොලීසියෙන් ‘බබා පාට්’

පාදුක්ක ප්‍රදේශයේදී නිල අංක තහඩුව සවි කර නොතිබූ අලුතින්...

ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට අද(04) ගෙන තිබේ. හිටපු අමාත්‍ය...