ශ්‍රී ලංකන් ලාභ ලැබීමයි, රැකියා රැක ගැනීමේ වගකීමයි සේවකයන්ගේ කර මතට පටවයි

Date:

රජය විසින් ලබාදුන් ඩොලර් මිලියන 510ක මූල්‍ය සහනය සමගින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ මූල්‍ය ප්‍රගතිය ඉදිරි මාස හය තුළ පෙන්විය යුතු බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ් අනුව විෂයභාර අමාත්‍යවරයා ලෙස ඔහු වගකීම වාචිකව පවරා ඇත්තේ ශ්‍රී ලංකන් සමාගමේ වැඩ කරන සේවකයන් වෙතයි. ‍මේ ගැන කළ විමසීමකදී ආයතනයේ සේවකයෙකු ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකන් ආයතනය ලාභ ලබන අන්දමින් රැගෙන යෑමේ වගකීම වෘත්තිය සමිතිවලට සහ සේවකයන්ට තිබෙන නමුත්, වාචිකව සේවකයන්ට ලාභ පෙන්වන්නැයි කීවත් ඒ සදහා තීන්දු ගැනීමේ බලයක් සේවකයන්ට නොමැති බවයි. එම බලය තිබෙන්නේ අමාත්‍යවරයාට සහ මෙම සමාගමේ සභාපති ධුරයට පෞද්ගලික අංශයෙන් ගෙනැවිත් පත් කරන ලද සොෆ්ට්ලොජික් සමූහයේ අධිපති අශෝක් පතිරගේට බවයි.

විගණකාධිපති වාර්තා ගණනාවකින් ශ්‍රී ලංකන් පාඩුවට දේශපාලන නායකයන්ගේ සහ ඔවුන්ගේ දේශපාලන පත්වීම් ලැබූවන්ගේ දූෂිතභාවය හේතු වී ඇති ආකාරය පෙන්වා ඇතත්, දැන් ඒ සියලු විනාශයන්හි වගකීම වැටුපට සේවය කරන ලද සේවකයන්ට පවරා තිබීම විශේෂත්වයක්. විෂයභාර අමාත්‍යවරයා ලෙස වගකීම භාරගෙන ලාභ ඉපැයීම වෙනුවෙන් ඉදිරි පියවර ගැනීම වෙනුවට මෙලෙස සේවකකයන් පිට පවරා තිබෙනවා.

අමාත්‍යාංශයේ ඊයේ (11) පැවති සාකච්ඡාවකදී සඳහන් කළේ එසේ නොවුණහොත් සේවකයන් 6,000කගේ පමණ රැකියාවල අස්ථාවරභාවයක් ඇති විය හැකි බවයි.

එම සාකච්ඡාව සඳහා ගුවන් සමාගමේ පාලන අධිකාරිය සහ වෘත්තිය සමිති සමාජිකයින් එක්ව සිටියා.

ශ්‍රී ලාංකික ජනතාව සතු ආයතනයක් වන මෙම ගුවන් සමාගමෙන් ලාභ ලබමින් ඉහළ ලාභ ලැබීමේ අවකාශය තිබුණත්, දූෂිත ක්‍රියාකාරකම් නිසා දිගින් දිගටම පාඩු ලබා ඇති නමුත්, නිසි පාලනාධිකාරියක් යටතේ ජාතික ගුවන් සේවයක් ලෙස ශ්‍රී ලංකන් සමාගමෙන් නිසි ප්‍රයෝජන ගත හැකි බව ක්ෂේත්‍රයේ විශේෂඥයන් පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත් පාඩු ලබන ආයතනයක් ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලිකකරණය කරන බව රජය ප්‍රකාශ කර තිබෙනවා.

උපුටා ගැනීම – whatnews

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...