Breaking News

වතු කම්කරු වැටුප් වැඩිකිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බවට රජයේ මාධ්‍ය බොරු කියයි

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් කිරීම පඩි පාලක සභා හරහා ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව දිනමිණ පුවත්පත වාර්තා කර තිබේ. එම පුවතේ සිරස්තලය ලෙස යොදා ඇත්තේ වතු කම්කරු දෛනික වැටුප 1000ක් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවයි.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය මේ තීන්දුවට එළඹ ඇති බව පැවසේ.

වතු ක්ෂේත්‍රයේ සාමූහික ගිවිසුම් නිසා අවම වැටුප රුපියල් දහසක් කිරීමේ ගැටලුවක් පවතින අතර සේව්‍ය පක්ෂය අකැමැති නම් පඩි පාලක සභා හරහා එම් තීන්දුව ක්‍රියාත්මක කළ හැකි බව ආණ්ඩුවේ අදහස වී ඇතැයි එම පුවත් වාර්තා වේ සඳහන් වේ.

වතු කම්කරුවන්ගේ ඉල්ලීම වන දිනක මූලික වැටුප 1000ක් කරන ලෙස වන ඉල්ලීම මේ හරහා විසඳෙනු ඇති බව මෙම පුවත හරහා පෙන්වීමට උත්සාහකළ ද එය සත්‍යක් නොවන බව පුවතේ සඳහන් කරුණු අනුවම පැහැදිලි වේ . එකක් නම් පඩි පාලක සභාවේ වෘත්තිය සමිති නියෝජිතයෝ 8ක්, හාම්පුතුන් 8ක් හා ඇමති පත්කළ 3ක් සිටින බැවින් ඒ හරහා කුමන තීරණයක් ගනීවිදැයි දැන්ම පැවසීමේ හැකියාවක් නැත.

අනිත් කරණය මෙම පුවත් වාර්තාවේ සඳහන් වන පරිදි කැබිනට් අනුමැතිය ලබාදී ඇත්තේ දිනක අවම වැටුප 1000 කිරීමට මිස දිනක මූලික වැටුප 1000 කිරීමට නොවේ. දිනක අවම වැටුප 1000 කිරීම යනු මූලික වැටුප දැන් තිබෙන මට්ටම්මේම තබා වතු කම්කරු ජනතාවට ලේසියෙන් ලබාගත නොහැකි දීමනා සහ ඔවුන්ගේ හිමිකමක් වන අර්ථසාධක අරමුදල් ද ඔවුන්ගේ වැටුප් ලෙස සළකා කරන රැවටීමකි. වතු හාම්පුතුන් රජයේද සහය ඇතිව මෙතෙක් කලක් කරමින් සිටින්නේ එයයි. නමුත් වතු කම්කරු ජනතාව එයට විරුද්ධ වෙමින් දැන් වසර 6ක කාලයක සිට තමන්ගේ දෛනික මූලික වැටුප 1000කරන ලෙස ඉල්ලා සිටියි.

වත්මන් ආණ්ඩුව ජනාධිපතිවරයේදී සහ පසුගිය අයවැය අවස්ථාවේ වතු කම්කරු ජනතාවට දෛනික වැටුප 1000කරන බවට පොරොන්දු විය. පසුගිය අයවැය කතාවේදී මහින්ද රාජපක්ෂ පැවසුවේ ජනවාරි මාසයේදී අනිවාර්යයෙන් වතු වැටුප් වැඩිකරන බවයි. ඒ අවස්ථාවේ සාමූහික ගිවිසුම් ගැන හෝ හාම්පුතුන් මෙයට දක්වන අකමැත්ත ගැන හෝ ආණ්ඩුව නොපවසන ලදී. දැන් ආණ්ඩුවට එය නොකර සිටීමට අවශ්‍ය සියලු කරුණු ඉදිරිපත් කරමින් සිටිනු දැකිය හැක.

leave a reply