ප්රකෝටිපතියන් පැවැත්මට ඉඩ දීම සදාචාරාත්මකද යන්න සලකා බැලිය යුතු යැයි කරන ඉල්ලීම් අපි දැක ඇත්තෙමු. නමුත් සැබෑ ප්රශ්නය වන්නේ, ප්රකෝටිපතියන් අපේ ජීවී විශේෂයට පැවැත්මට ඉඩ දෙනු ඇතිද යන්නයි.
ලෝකාවසානය පිළිබඳ කතා සෑම තැනකම පවතී. පාරිසරික බිඳවැටීම සහ කෘත්‍රිම බුද්ධිය (AI) යන ද්විත්ව තර්ජන මහජන පරිකල්පනය තුළ ඉස්මතුව ඇත. මේ පැවැත්මේ රෝග විනිශ්චය කටුක එකකි. බැරැක් ඔබාමා පවා බොහෝ කලකට පෙර පෙන්වා දුන් පරිදි, දේශගුණික විපර්යාසයේ සංකීර්ණත්වය සමස්ත ලෝක ක්රමයේ නැත්නම් සිස්ටම් එකේ දුර්වලම ලක්ෂ්‍යය ඉලක්ක කර එය ගොදුරු කරගනී: එනම්, අර්බුද හමුවේ ලෝක ක්‍රමයට එහි සැලසුම් සම්බන්ධීකරණය කිරීමට ඇති නොහැකියාව යි. කෘත්‍රිම බුද්ධිය ඒහා සමාන අභියෝගයක් ඉදිරිපත් කරයි: එනම්, එහි දැනටමත් විශාල ගෝලීය ඩිජිටල් යටිතල ව්‍යුහය නියාමනය සිසිෆියන් කාර්යයක් (Sisyphean task) එනම් කළ නොහැකි කටයුත්තක් බවට පත් කර ඇත. Nick Bostrom සහ William MacAskill වැනි දාර්ශනිකයන් විසින් මෙම ආකාරයේ තර්ජන “පැවැත්මට ඇති තර්ජන නැත්නම් ආධානම්” ලෙස නම් කර ඇත. එනම් එවැනි තර්ජන මානව වඳ වී යාමකට හෝ ශිෂ්ටාචාරයේ ආපසු හැරවිය නොහැකි බිඳවැටීමට තුඩු දිය හැකි ගැටළු ලෙස ඔවුහු හඳුනා ගනිති. සීතල යුද්ධයෙන් පසුව ඕනෑම අවස්ථාවක ව්‍යසනයක් ඇති විය හැකි කාල වකවානුවකට අප අවතීර්ණ වී සිටින බව වඩාත් පැහැදිළි ය.
නමුත් මෙම නවතම මරණයේ සංස්කෘතිය වඳ වී යාමේ මට්ටමේ සිදුවීමක සැබෑ අවදානමෙන් ඉවත් කිරීම දුෂ්කර ය. වර්තමාන AI තාක්ෂණයන් සහ Skynet වර්ගයේ වඳවී යාමේ තත්ත්වයක් අතර සම්පූර්ණ විද්‍යා ප්‍රබන්ධ නවකතාවක් මෙන් නැතහොත් කතා මාලාවක් වශයෙන් අප අතරම පවතී. “සුපිරි බුද්ධිය” හෝ “යන්ත්‍ර කාරකත්වය” නැත්නම් යන්ත්‍ර-පුද්ගලිකත්වය පිලිබඳ භීතිය දැනට අපට දැනෙනුයේ අල්ප යථාර්ථයක් සහිත එකක් වශයෙනි. නමුත් අපි AI සමඟ කරමින් සිටින ගනදෙනුව අවදානම් නොවන බව මින් අදහස් නොවේ. අපගේ ඇල්ගොරිතම මූල්‍ය, රාජ්‍ය ප්‍රතිපත්ති සහ ජාලගත පෘථිවිය වටා භාණ්ඩ බෙදා හැරීමට සම්බන්ධ කිරීම පාරිසරික අර්බුදයේ මූලයේම පවතින උෂ්ණත්වය ඉහළ යාමට සෘජුවම දායක වන අතර මේ සියල්ල මස්ලෝ ධුරාවලියේ (Maslow hierarchy) පහළම මට්ටමේ විභව අස්ථාවරත්වයක් ඇති කරයි.
අපේ ග්‍රහලෝකයේ වටා පහත් කක්ෂයේ ඇති චන්ද්‍රිකා අඩකට වඩා පාලනය කරන SpaceX හි උදාහරණය ගන්න. එක්සත් ජනපද ආන්ඩුව යුක්රේනයේ මිලිටරි මූලෝපාය – සන්නිවේදනය සහ තීරණාත්මක යුධ කාලීන මෙහෙයුම් සඳහා Tesla සමාගමේ අන්තර්ජාල සේවාව මත රඳා පවතින – සෙල්ලක්කාර, ඉක්මනින් වෙනස්වෙන සුළු තීරණ ගන්නා ප්‍රධාන විධායක නිලධාරියෙකුගේ අභිමතයට යටත් කොට ඇත.
එලොන් මස්ක්ගේ පෞද්ගලික සහ වෘත්තීය ජීවිතයයේ මෑතකාලීන සිදුවීමේ තුළට ගැඹුරු කිමිදීමක යෙදෙනෙ කෙනෙකුට, පුද්ගලික පුරවැසියෙකු අතේ මෙතරම් පෙර නොවූ විරූ බලයක් සංකේන්ද්‍රණය වීම ගැන අප සියලු දෙනා කලබල විය යුතුය. ටෙස්ලා ටයිටන් පිළිබඳ මෑත ආවරණය තරම්ම කම්පනයට පත් වූවත්, මෙම නිරාවරණ විලාසිතාවේ නැත්නම් පුර්ණ විවෘතභාවයක් පෙන්වන චරිත (exposé-style profiles) තීරණාත්මක වශයෙන් දෝෂ සහිත තීරණ ගැනීමට විශාල ඉඩක් ඇත. මස්ක්ගේ දරුණු මෙගාලෝමේනියාව කෙරෙහි අවධානය යොමු කිරීමෙන් – විශේෂයෙන්ම ඔහුට බැට්මෑන් සෙල්ලමේ බැට්මෑන් වීමට ඇති ඔහුගේ ආශාව, අද මානව වර්ගයා මුහුණ දෙන ගැටුම් සහ තර්ජන සඳහා විසඳුම් “නවෝත්පාදනය” කිරීමට ඔහුගේ සමාගම් භාවිතා කිරීම, ජනප්‍රිය මාධ්‍ය පොදුවේ නොසලකා හැර ඇත්තේ මස්ක් වැනි මහා තාක්ෂණික ප්රකෝටිපතියන් ඔවුන් මර්දනය කරන්නට ඉලක්ක කරන තර්ජනය තවත් වැඩි කරන ආකාරය ලිහිල්ව සලකා බැලීම නිසාවෙනි. බිලියනපතියන් යනු පැවැත්මේ අවදානමයි, පැවැත්මට ඇති නිශ්චිත තර්ජනයයි. දේශගුණික ව්‍යසනය සහ AI භීතිකාව ආමන්ත්‍රණය කිරීම සඳහා “ප්‍රකෝටිපතියා” යන සමාජ ප්‍රවර්ගය මුළුමනින්ම ඉවත් කිරීම අත්‍යවශ්‍ය කටයුත්තකි.
AI සහ Cryptocurrencies විශාල වශයෙන් විදුලිය ශක්තියක් වශයෙන් පරිභෝජනය කරන බව අපට බොහෝ විට අසන්නට ලැබේ. එබැවින් ගෝලීය උණුසුම ඉහළ යාමට ඒවා කෙලින්ම දායක වේ. දේශගුණය මිනිස් පරිකල්පනයෙන් පමණක් තේරුම් ගැනීමට නොහැකි තරම් සංකීර්ණ බවද අපට අසන්නට ලැබේ. එබැවින් අපි දත්ත මත විශ්වාසය තැබිය යුතු යැයි ඉහත තර්කම අපට පවසයි. නමුත් ඩිජිටල් තොරතුරු ප්‍රවාහ මත අපගේ රඳා පැවතීම AI විසින් අනුබල දුන් වැරදි තොරතුරු වල අවදානම නැවත වටයකින් මතු කරයි. මෙම ක්ෂේත්‍ර දෙක සැබවින්ම සම්බන්ධ කරන ගැටලුවේ සත්‍යය තලය ආමන්ත්‍රණය කිරීමට දෙපාර්ශවයේම සංශයවාදී හඬවල් අසමත් වී ඇත; එනම්, ධනවාදය.
නව ඩිජිටල් යටිතල පහසුකම් සහ දේශගුණික අර්බුදය වෙන් කළ නොහැකි ලෙස එකිනෙක බැඳී ඇත. දැන් ඒ දෙදෙනාම, පෘතුවි ගෝලයේ ස්වභාවික සම්පත් පදනම උදුරා ගැනීමට තර්ජනය කරන පිළිකාමය ආර්ථික තර්කයක් වන ග්‍රහලෝක පරිමානයේ නව ලිබරල්වාදයේ අවජාතක දරුවන්ය. AI පිළිබදව එල්ල කරන විවේචනය එහි පක්ෂග්‍රාහීත්වය සහ ඉන් සිදුවිය විය හැකි හානිය හෝ එහි ගෝලීය ශ්‍රමය සහ නිස්සාරණවාදී කැණීම් පිළිවෙත් කෙරෙහි අවධානය යොමු කිරීමට වැඩි වශයෙන් නැඹුරු වී තිබේ. වර්තමානයේ අප ජීවත් වන ධනවාදයේ ස්වරූපය ගැන ඒවායේ සඳහන් වන්නේ කලාතුරකිනි. නැතහොත් ධනවාදය දෙන ලද තත්ත්වය වශයෙන් සලකා කටයුතු කර ඇත. රැඩිකල් පරිසරවාදය හරිත ධනවාදයට සහ එයින් ලාභ ලබන ප්‍රකෝටිපතියන්ට මග විවර කර ඇත. මෙම ධනේශ්වර විචාර ක්‍රම තාක්ෂණය කෙරෙහි අවධානය යොමු කිරීම සහ ධනවාදය සපුරා අමතක කර දැමීම අහම්බයක් නොවේ.
පාරිසරික ව්‍යසනය සහ පරිවෘත්තීය ඩිජිටල් පද්ධති අන්‍යෝන්‍ය වශයෙන් එනිනෙකා ශක්තිමත් කරයි – අර්බුද දෙකක් මරණ සර්පිලයක සිරවී ඇත. AI සහ දේශගුණික විපර්යාස තනි ඒකකයක් ලෙස සැලකීම මේ දෙකටම ආමන්ත්‍රණය කිරීමට වත්මන් උත්සාහයන් මගින් ඇති කරන ලද බාධාවන්ගෙන් මිදීමේ එකම මාර්ගයයි. ප්රකෝටිපතියන් පැවැත්මේ තර්ජනයක් වන්නේ ඔවුන් මෙම ව්‍යසන දෙක එකිනෙක සම්බන්ධ කරන පුරුක වන බැවිනි.
ප්රාග්ධනයේ නියෝජිතයෝ දන්නවා යමක් වැරදී ඇති බව දැනටමත් දනිති. එලොන් මස්ක් ට්විටර් මිලදී ගත් විට, ඉලෝන් මස්ක් නමැති ප්‍රකෝටිපතියා සහ මැක්ඇස්කිල් අතර කෙටි පණිවිඩ මගින් හෙළි වූයේ ට්විටර් යනු “මානව ශිෂ්ටාචාරයේ අනාගතය” යැයි ඔහු සිතූ බවත්, එය ආරක්ෂා නොකිරීම එහිම ගැබ්ව ඇති ආකාරයේ පැවැත්මේ අවදානමක් නිර්මාණ කරනු ඇති බවත්ය. මානව වඳවීම වැළැක්වීම සඳහා මස්ක්ගේ උමතුව එසේම තිබියදීත්, Twitter මිලදී ගැනීමෙන් පසු ඔහුගේ ක්‍රියාවන් ඔහු විශ්වීය මනුෂ්‍යත්වයට තර්ජනයක් බව හෙළි කර ඇති අතර ඔහුගේ චන්ද්‍රිකා ජාලය පත්ව ඇති තත්ත්වය එම කරුණ තවත් ශක්තිමත් කරයි. දේශගුණික විපර්යාස සහ AI අවදානම් වන්නේ ඒවා වැඩි කිරීමේ සහ ඒවා අවම කිරීමේ බලය යන දෙකම ඉතා ස්වල්ප දෙනෙක් අත සංකේන්ද්‍රණය වී ඇති බැවිනි.
මැයි මාසයේ අග දී, AI ආරක්ෂාව සඳහා වූ මධ්‍යස්ථානය ප්රමුඛ තාක්ෂණික ප්‍රධාන විධායක නිලධාරීන්, AI පර්යේෂකයන් සහ ඉංජිනේරුවන් විසින් අනුමත කරන ලද වචන විසි දෙකක ප්‍රකාශයක් නිකුත් කරන ලදී. ප්‍රකාශය මෙසේ කියයි: “වසංගත හා න්‍යෂ්ටික යුද්ධය වැනි අනෙකුත් සමාජ පරිමාණ අවදානම් සමඟ AI වෙතින් වඳ වී යාමේ අවදානම අවම කිරීම ගෝලීය ප්‍රමුඛතාවයක් විය යුතුය.” AI පර්යේෂණයේ මාස හයක විරාමයක් ඉල්ලා සිටි, පැවැත්මේ අවදානම් ගැන පර්යේෂණ කරන චින්තන මණ්ඩපයක් වන ෆියුචර් ඔෆ් ලයිෆ්, ආයතනය විසින් නිකුත් කරන ලද විවෘත ලිපියකින් පසුව, මෙම වසරේ එසේ නිකුත් වූ දෙවන ප්‍රසිද්ධ ප්‍රකාශය එය විය. මෙම අනතුරු ඇඟවීම් සඳහා මහජන ප්‍රතිචාර මූලික වශයෙන් අවධානය යොමු කර ඇත්තේ ඔවුන් මානව වඳවීම පිළිබඳ මතු කරන උත්සුකයන් සාධාරණද නැද්ද යන්න පිළිබඳව හෝ හිතාමතාම අධිබලැති ප්රචාරක ක්‍රමයක් තාක්ෂණය ඊට වඩා භයානක ලෙස – එනම් වඩා උසස් තාක්ෂණයක් දැනටමත් නිර්මාණය වී ඇත සහ ඒ අනුව AI පර්යේෂණ සඳහා ඉහළ ආයෝජනය කිරීමට සැලසුම් කර ඇතිද යන්නයි. මෙය සාවද්‍ය අදහසකි.
දේශගුණය මානව වර්ගයාට විශාල තර්ජනයක් වන බව අද අප කවුරුත් දන්නා පරිදි, AI පැවැත්මේ අවදානමක් බව අප පිළිගත යුතුය. නමුත් AI යනු සෘජු අවදානමක් නොවේ – එය පසුගිය පරම්පරාවල කිසිදු බරපතල ආර්ථික විද්‍යාඥයෙකුට හඳුනාගත නොහැකි ධනවාදයකට තුඩු දී ඇති දිගු කාලීන සාමූහික අපොහොසත්භාවයක පැකේජගතව ඇති අවදානමකි, තර්ජනයකි.
මෙය පෙර නොවූ විරූ මොහොතක් වන අතර, සමාගම් ඔවුන්ගේම කර්මාන්තය ආන්ඩුවේ නියාමනය සඳහා බැගෑපත්ව අයැද සිටිනවා පමණක් නොව – ප්රාග්ධනයේ මුරගාන එන්ජිම ඉදිරියේ ඔවුන් අසරණ බව ඔවුන් නිහඬව පිළිගනිති. මහාපරිමාණ ධනවතුන් සහ ඔවුන්ගේ සමාගම් වල විශාල කොටස් හිමියන්/ වගකීම්දරන්නන්, දැනටමත් ඔවුන්ගේ පාලනයෙන් බැහැර විය හැකි යැයි කනස්සල්ලට පත්වන තාක්ෂණයක්, මානව වර්ගයාට ඇති අවදානම් නොසලකා, අඛණ්ඩව සංවර්ධනය කිරීමට වෙළඳපල බලවේග විසින් බල කෙරෙන බව පාපොච්චාරණය කරති. ප්රකෝටිපතියන් සහ ඔවුන්ගේ එල්ලී සිටින්නන් මානව වර්ගයාට සැබෑ පැවැත්මේ අවදානම AI ම නොවන බවත්, භයානක පර්යේෂණ අත්හැරීමට නොහැකි තරම් ආකර්ශනීය කරන අධිආරෝපිත තාක්ෂණික ධනවාදයක් බවත් පවසති. AI පර්යේෂණ වල නියුතු අය පවා දැඩිව ප්‍රාර්ථනා කරන්නේ තමන්ව කවුරුන් හෝ නවත්වනු ඇති කියා ය.
ප්රාග්ධනය තමන්ගේම වලිගය අනුභව කරමින් සිටින අතර, අප මනුෂ්‍යයන් ලෙස අපේ ගමන් මඟ වෙනස් නොකළ හොත් ප්රාග්ධනය විසින් අපවත් ගොදුරු කරගනු ඇත. ශ්‍රමය ප්රාග්ධනයට යටත් කිරීම කාල් මාක්ස් හොඳින් දුටුවේය. ප්රාග්ධනය විසින් එහි ඓතිහාසික බල ආසනය වන ධනේශ්වර සමාගමම ආක්‍රමණය කිරීම අපි දැන් අත් දකිමු. කර්මාන්තයේ ප්‍රධානීන් සහ ප්රකෝටිපතියන් පවා මෙම ක්‍රියාවලිය තිරසාර නොවන බව දන්නා නමුත් ප්‍රසිද්ධියේ ඔවුන්ගේ “පිළිගැනීම” ටර්මිනේටර් ෆැන්ටසි සහ භූ-ඉංජිනේරු විසඳුම් ප්‍රතිචාර ලෙස ලබා දෙන ගුප්ත ස්වරූපයෙන් පමණක් පැමිණේ.
අපි මේ ගැන ව්‍යාකූල නොවී සිටිමු: AI සහ දේශගුණය පැවැත්මේ අවදානම නැත්නම් තර්ජන වේ. එහෙත් පැවැත්මේ අවධානමේ වඩාත් අවධානම් සහගතම කොටස, තර්ජනාත්මක කොටස පැමිණෙන්නේ අප වර්ධනය වීමට ඉඩ දී ඇති සමාජ ගොඩනැගීමෙන් මිස හුදු තාක්ෂණයෙන් නොවේ. ප්‍රකෝටිපතියන්ට පැවැත්මට ඉඩ දීම සදාචාරාත්මකද යන්න සලකා බැලීමට අපගේ තරුණ සියවස පුරාවට කරන ලද ඉල්ලීම් අපි දැක ඇත්තෙමු. නමුත් සැබෑ ප්රශ්නය වන්නේ ප්‍රකෝටිපතියා පැවැත්ම අපේ සමස්ථ ජීවී විශේෂයේ පැවැත්මට ඉඩ දෙනු ඇතිද යන්නයි.
ටයිලර් ඔස්ටින් හාපර් යනු බේට්ස් විද්‍යාලයේ පාරිසරික අධ්‍යයනය පිළිබඳ සහකාර මහාචාර්යවරයෙකි.
ලීෆ් වෙදර්බි ජර්මානු භාෂාව පිළිබද සහකාර මහාචාර්වරයෙකි. NYU හි ඩිජිටල් මානව ශාස්ත්‍ර අධ්යක්ෂ සහ ඩිජිටල් න්‍යාය විද්‍යාගාරයේ ආරම්භක අධ්යක්ෂ වේ.
ජකොබින් සගරාවේ මුල් ලිපියට මෙතැනි ප්‍රවේශ වන්න
https://jacobin.com/2023/09/climate-crisis-artificial-intelligence-existential-risk-billionaires-capitalism#:~:text=Billionaires%20are%20an%20existential%20risk,know%20that%20something%20is%20wrong.
ටයිලර් ඔස්ටින් සහ හාපර් ලීෆ් වෙදර්බි විසිනි
සිංහල පරිවර්තනය කල්ප රාජපක්ෂ