පොලිස්පති පත්කිරීම ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බෙදිල්ලක්

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ගේ සේවා දිගු අනුමත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බොහෝ සාමාජිකයන් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ගැටලු රැසක් මතු ව ඇති බව ද වාර්තා වේ.

මෙම තත්ත්වය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ කිසියම් බෙදීමක් ද හටගෙන ඇති බව පැවසේ.

ඊයේ (18) දිනයේ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස් වී ඇති අතර, එහි දී ද පොලිස්පතිවරයා ගේ සේවා දිගුව ප්‍රතික්ෂේප වී ඇති බව සඳහන්ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යනු සාමාජිකයන් දස දෙනෙකුගෙන් යුත් ආයතනයකි.

එහි සාමාජිකයන් වන්නේ කථානායක මහින්ද යාපා අබේවර්ධන, අගමැති දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, ආචාර්ය ප්‍රතාප් රාමනුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර, වෛද්‍ය දිනේෂා සමරරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන පිරිසයි.

එම සභාවේ එක් තනතුරක් තවමත් හිස්ව තිබේ.

ජනාධිපතිවරයා විසින් ලබාදී ඇති සේවා දිගුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා අනුමැතියකින් තොරව සිදුකර ඇති බැවින්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වලංගුද යන්න පිළිබඳ නීතිමය අපැහැදිලි තත්ත්වයක් පවතියි.

කෙසේවුවද, පොලිස්පති ලෙස සී.ඩී. වික්‍රමරත්න ට ලබා දී ඇති සේවා දිගුව මෙම සති අන්තයේ දී අවසන් වීමට නියමිත ව තිබේ.

වත්මන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ට තුන් වැනි වරටත් සේවා දිගුවක් ලබාදීමට තීරණය කළ අතර, එය නොවැම්බර් මස 03 වැනිදා සිට බලපැවැත්විණි.

ඒ අනුව සති 03ක කාලයක් සඳහා මෙම සේවා දිගුව ලබාදුන් අතර, ඔහුට මේ වන විට අවස්ථා 04ක දී සේවා දිගු ලබා දී ඇත.

කෙසේ වෙතත් මෙම සේවාදිගුව අවසන් වීමෙන් පසු වත්මන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ට තවත් සේවා දිගුවක් ලබා දෙන්නේ ද එසේත් නැත්නම් නව පොලිස්පතිවරයෙකු පත් කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වාත් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.

පොලිස්පති ධුරය සදහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනෙකු සිටිය ද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ නම මීලග පොලිස්පති ධුරය සදහා නම් කිරීම හේතුවෙන් කිසියම් අර්බුදයක් මතු ව ඇති බව ‘අද දෙරණ’ වාර්තා කරයි.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...