කොක්කුතුඩුවායි සමූහ මිනිවළ1994 – 1996 කාලයට අයත් බවට නිගමනයක්

කොක්කුතුඩුවායි සමූහ මිනිවළ 1994 – 1996 දක්වා කාලයට අයත්විය හැකි බවට සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැනීම් කටයුතුවලට එක්වු පුරාවිද්‍යා නිලධාරීන් නිගමනය කරන බවට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් මඟින් දන්වා ඇතැයි, මුලතිව් දිස්ත්‍රික් රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි කනකසභාපති වාසුදේව පවසයි.

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනිවළ කැනීම සම්බන්ධයෙන් මේ දක්වා තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ කමිටු වාර්තාව (පෙබරවාරි 22වැනිදා) මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කනකසභාපති වාසුදේව එලෙස පැවසුවේය.

කොක්කුතුඩුවායි සමූහ මිනිවළ සම්බන්ධයෙන් මේ දක්වා කැනීම් කටයුතු, කැනීම්වලීන් ලබාගත් දෑ, කැනීම් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන වාර්තාවක් කැනීම් කමිටුව විසින් මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් වෙත ඉදිරිපත් කොට තිබුණි.

සමූහ මිනිවළ නැවත කැනීම මාර්තු මස 4 වැනිදා යළි ආරම්භ කිරීමට නියමිත අතර,කැනීම් කටයුතු වෙනුවෙන් මුල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම ගැටළුවක් වී ඇති බව අතුරුදන්වූවන්ගේ ඥාතීහූ විසින් සඳහන් කරනු ලැබූහ.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ – UNP දීගය අලුත්වෙයි

රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සුරැකීම සහ ජනතාව මුහුණ දී සිටින...

ගෙදර වගකීම් කාන්තාවන්ගේ රැකියා අයිතිය අහිමි කරලා

මෙරට කාන්තාවන්ගෙන් ලක්ෂ 61.8 ක් රැකියාවක් නොකරන බවත් ඉන්...

අනුරගේ ආර්ථිකයයි රටේ ජනතාවගෙ ආර්ථිකයයි

ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස...

සංවර්ධනය වෙමින් පවතී රට 

වාරිමාර්ග බලධාරීන් සහ එළුවන්කුලම එකමුතු ගොවි සමිතිය එකමුතුව එක්ව විල්පත්තුව...