භාව සංස්කරණීය කවියක් “දුරේක්ෂ මානන්නා හෙවත් තාරුකා පාරන්නා”

භාව සංස්කරණීය කවියක් හෙවත් නදුන් යසිත දිසානායකගේ “දුරේක්ෂ මානන්නා හෙවත් තාරුකා පාරන්නා”

•නඳුන් මට පෞද්ගලිකව හමුවුණු වෙලාවකදිත් කිව්වෙ “අයියෙ, මම ගඹුරු කවියක් හොයමින් ඉන්නවා කියලා”

•එම පර්යේෂණයේ සාධනීය දිගුවක් ලෙස මට මේ නව කෘතිය පෙනෙනවා.

•කවියෙකුට භාෂා සංස්කරණය සේම, භාව සංස්කරණය ද කෙතරම් වැදගත් ද කියන එක සංඥා කරමින් මේ පොත රචනා වෙලා තියනවා.

•නූතන කවියේ තියන භාවාතිශය ගුණය හෙවත් භාවයන්ගේ අතිශය ගුණය වෙනුවට භාවාත්මක ගුණය නිසි පරිදි පමණක් රැක ගැනීමට නඳුන් මෙහිදී සමත්.

•කවිය කවියක් ලෙසම පවතින්නට නම් භාව කණිකාවන්ගේ මෙන්ම දාර්ශනික කණිකාවන්ගේද සමතුලිත සම්මිශ්‍රණය අවශ්‍යයි.

•නූතන බොහෝ කවි වල අවසන ඉතිරි වන්නේ කියවන්නියගේ හුදෙකලා භාවයන් මත නැවත සාංකාභරිත රිදුමක් පමණයි

•එය කියවන්නිය සිය පීඩිත සංස්ථාපිතය තුළම ප්‍රතිරඳවන්නක් විනා, එය පුපුරවා හැරීමට බල කරන්නක් නොවේ. නොමැති නම්, ඒ වනාහි ඉන්නා තැනම ඉන්නට කරන මිත්‍ර යෝජනාවක්.

•නඳුන්ගේ අහිමිවීම හා බැඳෙන බොහෝ කවි වලද ඉහත ලක්ෂණයෙන් මිදීමේ ප්‍රාබල්‍ය දක්නට නොතිබුණද, ඇතැම් නිර්මාණ තුළ කියවන්නිය භාව තලයෙන් දාර්ශනික ආලෝචනයකට ඔසවා තබන ප්‍රබලත්වය අන්තර්ගත වෙනවා.

•එයින් එකක් “කුරුල්ලෙක් ගිලෙයි මගෙ අහස් සිත් මතක මත” යන කවිය, එය විශිෂ්ටයි.

•අනෙකා (other) මත හෙලන බැල්ම (gaze) ප්‍රතිබැල්මක් ලෙස වර්ධනය වී, එම බැල්ම තුළ තම බැල්ම ගොදුරක් වීම යන ගැඹුරු අදහස මට ඉන් දැනෙනවා.

“මං බලා ඉන්නෙ දැන් බෝ වෙලා සිට
ඌ බිමට බසී යැයි කීස් ගාගෙන
ඒත් දැන් මට බයයි උගෙ ගොදුර ලෙස
පෙනී ඇතිදැයි ඌට මග බලන මම”

•මට එම දැනුම මගේ පෞද්ගලික මිනිස් සබඳතා මෙන්ම මගේ සමාජීය සබඳතා දෙස ද, ප්‍රති අවලෝකනයකට අවශ්‍ය නූතන දැනුමක් අරගෙන එනවා.

•මිනිහගෙ පෙරවදනත් මෑත මං කියවපු ලස්සන උත්ප්‍රේරණයක්.

“සමස්ත කවිය කියවනු වෙනුවට සමීප ව කවිය කියවීමට උත්සාහ කිරීම, කවිය ගැඹුරින් තේරුම් ගැනීමට ඇති මාර්ගය යි. කවිය හදිසියේ බිහි වන්නේ නැති සේ ම හදිසියේ කියවන්නට ද නොහැකිය. කවි දුර්ලභ වන විට කවි විඳින්නන් සුදුර්ලභ වන්නේද එබැවිනි.

මේ කවි කියවා, නැවත කියවා, නොකියව්, විසිරී යන යම් මොහොතක, ඔබට මා හමු විය හැකි ය. හමු නොවිය ද හැකි ය. කවියක සුවිශේෂීත්වය නම් හමු නොවී බොහෝ දුර යාම ම ය.”

•කුඩයක් ද කිහිලිගන්වා ගෙන නාත්තණ්ඩියේ පොළව මත බරට අඩි තබන සහෝදර කවියාට සුබ පතනවා! ඔහොම යං මචං..

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...