වෙඩි තබා 2022 ප්‍රථම අලියා ඝාතනය කරයි

සිතුල්පව්ව තිස්සමහාරාම කොරගහා ප්‍රධාන මාර්ගය ප්‍රදේශයේදී අද අලියෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වෙනවා. මෙය දැනට වාර්තා වෙන 2022 වසරේ පළමු අලි ඝාතනයයි. මෙසේ ඝාතනයට ලක්වී තිබෙන්නේ වයස අවුරුදු 25ත් 30ත් අතර අඩි 10ක් පමණ උස අලියෙකි. ප්‍රදේශවාසීන් පවසන ආකාරයට එම ප්‍රදේශයේ අලි දහයක් විතර සැරිසරන අතර ඔවුන්ගෙන් මනුස්සයන්ට දැඩි හානි සිදු වී නොමැත. නිලධාරීන් උනන්දු වන්නේ නම් එම අලි යාල කැලයට රැගෙන යන්නට හැකියාව තිබෙන බව ද ප්‍රදේශවාසීන් පවසනවා. නමුත් අදාළ බලධාරීන්ගේ නිද්‍රාශීලීතාව හේතු කරගෙන මෙම ප්‍රශ්න දුරදිග ගොස් ඇති බව තමයි ඔවුන්ගේ අදහස වී තිබෙන්නේ.

වැඩිදුරටත් අදහස් දක්වන ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ පාලකයන්ගේ වැරදි නිසා මිනිස්සුන සහ අහිංසක සතුන් අපහසුතාවයට පත්වී සිටින බවයි. යාල වනජීවී කලාපය භාර නිලධාරීන් පවසන්නේ මෙම ඝාතනයට වගකිව යුත්තන් සොයමින් පවතින බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...