Breaking News

අවම වශයෙන් ළමුන් 900 ක් පමණ සුන්බුන් යට සිරවී සිටිය හැකියි

මිලියන 2.3 ක පමණ ජනතාවක් වෙසෙන වර්ග කිලෝමීටර් 365 ක කුඩා ප්‍රදේශයක් වන ගාසා තීරයේ, ඔක්තෝබර් 7 වන දින හමාස් විසින් එල්ල කරන ලද හදිසි ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල හමුදාව විසින් නිවාස ඒකක 200,000 කට ආසන්න ප්‍රමාණයක් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් විනාශ කර ඇත.

ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ඔක්තෝබර් 7 වැනිදා සිට පලස්තීනුවන් 6,547ක් මරා දමා ඇති අතර, අවම වශයෙන් ළමුන් 2,704ක් සහ කාන්තාවන් 1,292ක් ඒ අතර වේ . තුවාල ලැබූ සංඛ්‍යාව 17,439 කි. ඔවුන්ගෙන් 70% කට ආසන්න ප්‍රමාණයක් උතුරු ගාසා ප්‍රදේශයේ අයය. අවම වශයෙන් ළමුන් 900 ක් ඇතුළුව 1,600 ක් අතුරුදහන් වී ඇති අතර, ඔවුන් සුන්බුන් යට සිරවී සිටිය හැකි බවට සක කරනවා .

මිලියන 1.4 ක ජනතාවක් දැනට ගාසා තීරයේ අවතැන්ව සිටිති. එක්සත් ජාතීන්ගේ සහන වැඩසටහන් ඒජන්සිය (UNRWA) හදිසි නිවාස 150 ක 630,000 කට ආසන්න පිරිසක් නවාතැන් වුවන් රදවා තිබේ .

ප්‍රධාන වශයෙන් පලස්තීන සිවිල් ආරක්ෂක සාමාජිකයින්ගෙන් සැදුම්ලත් ගලවාගැනීමේ කණ්ඩායම්, අඛණ්ඩ ගුවන් ප්‍රහාර වලට මෙන්ම , වාහන සහ අත්යවශ උපකරණ ක්‍රියාත්මක කිරීමට ඉන්ධනවල හිග වීම සහ ජංගම දුරකථන ජාල සම්බන්ධව නොමැති වීමේ දුෂ්කරතාවන්ට  මුහුණ දී සිටිනවා .

ගාසා තීරයේ විනාශයේ ප්‍රතිඵල චන්ද්‍රිකා ඡායාරූප

leave a reply