අවම වශයෙන් ළමුන් 900 ක් පමණ සුන්බුන් යට සිරවී සිටිය හැකියි

මිලියන 2.3 ක පමණ ජනතාවක් වෙසෙන වර්ග කිලෝමීටර් 365 ක කුඩා ප්‍රදේශයක් වන ගාසා තීරයේ, ඔක්තෝබර් 7 වන දින හමාස් විසින් එල්ල කරන ලද හදිසි ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල හමුදාව විසින් නිවාස ඒකක 200,000 කට ආසන්න ප්‍රමාණයක් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් විනාශ කර ඇත.

ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ඔක්තෝබර් 7 වැනිදා සිට පලස්තීනුවන් 6,547ක් මරා දමා ඇති අතර, අවම වශයෙන් ළමුන් 2,704ක් සහ කාන්තාවන් 1,292ක් ඒ අතර වේ . තුවාල ලැබූ සංඛ්‍යාව 17,439 කි. ඔවුන්ගෙන් 70% කට ආසන්න ප්‍රමාණයක් උතුරු ගාසා ප්‍රදේශයේ අයය. අවම වශයෙන් ළමුන් 900 ක් ඇතුළුව 1,600 ක් අතුරුදහන් වී ඇති අතර, ඔවුන් සුන්බුන් යට සිරවී සිටිය හැකි බවට සක කරනවා .

මිලියන 1.4 ක ජනතාවක් දැනට ගාසා තීරයේ අවතැන්ව සිටිති. එක්සත් ජාතීන්ගේ සහන වැඩසටහන් ඒජන්සිය (UNRWA) හදිසි නිවාස 150 ක 630,000 කට ආසන්න පිරිසක් නවාතැන් වුවන් රදවා තිබේ .

ප්‍රධාන වශයෙන් පලස්තීන සිවිල් ආරක්ෂක සාමාජිකයින්ගෙන් සැදුම්ලත් ගලවාගැනීමේ කණ්ඩායම්, අඛණ්ඩ ගුවන් ප්‍රහාර වලට මෙන්ම , වාහන සහ අත්යවශ උපකරණ ක්‍රියාත්මක කිරීමට ඉන්ධනවල හිග වීම සහ ජංගම දුරකථන ජාල සම්බන්ධව නොමැති වීමේ දුෂ්කරතාවන්ට  මුහුණ දී සිටිනවා .

ගාසා තීරයේ විනාශයේ ප්‍රතිඵල චන්ද්‍රිකා ඡායාරූප

Share post:

Popular

වෙනත් පුවත්

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...