අනුරට විදෙස් සංචාර තුනකට රුපියල් මිලියන 1.8 ක් වියදම්

2025 පෙබරවාරි 27 වනදා පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරව්වක් කරමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හිටපු ජනාධිපතිවරු සහ වර්තමාන ජනාධිපතිවරයා කළ විදෙස් සංචාරවල වියහියදම් පිළිබඳව සංසන්දනාත්මක අදහසක් ප්‍රකාශ කරමින් විදෙස් ගමන් සඳහා වැය වුණු මුදල් පිළිබඳ ලේඛනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා . විදෙස් ගමන් සඳහා වැඩිම මුදලක් වියදම් කර ඇත්තේ ජනාධිපතිව සිටි සමයේදී මහින්ද රාජපක්ෂ විසින් වීම විශේෂත්වයක් වෙනවා . 2013 වසරේ දී පමණක් මහින්ද රාජපක්ෂගේ විදෙස් ගමන් වියදම රුපියල් මිලියන 1,144ක් බව මෙහිදී අනාවරණය කළා .

මෙහිදී එක් එක් හිටපු ජනාධිපතිවරුන්ට විදේශ සංචාර සඳහා වැය වූ මුදල් සම්බන්ධයෙන් මෙලෙස අනාවරණය කළා.

ඒ 2010 සිට 2014 දක්වා කාලය තුළ මහින්ද රජපක්ෂ – මිලියන 3,572

2015 සිට 2019 දක්වා කාලය තුළ මෛත්‍රීපාල සිරිසේන – මිලියන 384

2020 සිට 2022 දක්වා කාලය තුළ ගෝඨාභය රාජපක්ෂ – මිලියන 126

2023 සිට 2024 දක්වා කාලය තුළ රනිල් වික්‍රමසිංහ – මිලියන 533

2024 සැප්‍තැම්බර් සිට 2025 පෙබරවාරි දක්වා කාලය තුළ අනුර කුමාර දිසානායක – මිලියන 1.8ක්

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...