2025 පෙබරවාරි 27 වනදා පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරව්වක් කරමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හිටපු ජනාධිපතිවරු සහ වර්තමාන ජනාධිපතිවරයා කළ විදෙස් සංචාරවල වියහියදම් පිළිබඳව සංසන්දනාත්මක අදහසක් ප්‍රකාශ කරමින් විදෙස් ගමන් සඳහා වැය වුණු මුදල් පිළිබඳ ලේඛනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා . විදෙස් ගමන් සඳහා වැඩිම මුදලක් වියදම් කර ඇත්තේ ජනාධිපතිව සිටි සමයේදී මහින්ද රාජපක්ෂ විසින් වීම විශේෂත්වයක් වෙනවා . 2013 වසරේ දී පමණක් මහින්ද රාජපක්ෂගේ විදෙස් ගමන් වියදම රුපියල් මිලියන 1,144ක් බව මෙහිදී අනාවරණය කළා .
මෙහිදී එක් එක් හිටපු ජනාධිපතිවරුන්ට විදේශ සංචාර සඳහා වැය වූ මුදල් සම්බන්ධයෙන් මෙලෙස අනාවරණය කළා.
ඒ 2010 සිට 2014 දක්වා කාලය තුළ මහින්ද රජපක්ෂ – මිලියන 3,572
2015 සිට 2019 දක්වා කාලය තුළ මෛත්‍රීපාල සිරිසේන – මිලියන 384
2020 සිට 2022 දක්වා කාලය තුළ ගෝඨාභය රාජපක්ෂ – මිලියන 126
2023 සිට 2024 දක්වා කාලය තුළ රනිල් වික්‍රමසිංහ – මිලියන 533
2024 සැප්‍තැම්බර් සිට 2025 පෙබරවාරි දක්වා කාලය තුළ අනුර කුමාර දිසානායක – මිලියන 1.8ක්