පැලවත්ව සභාපතිවරු අස්කිරීමේ පත් කිරීමේ මූලස්ථානය ද ?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ පරිදි විදුලි බිල සංශෝධනය කිරීමට සිදුවී ඇති බව දැනගන්නට තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සපයන මීළඟ ණය මුදල මුදා හරින්නට නම් පිරිවැය ගැලපුම් සූත්‍රයට අනුව විදුලි බිල වැඩි කරන්නට කියා නිර්දේශ කර ඇති බව පසුගියදා දැනගන්නට ලැබුණා . කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුව අදහස් පළ කිරීමේ දී කොටසක් විදුලි බිල වැඩි නොකරන බවත් ජනාධිපතිවරයා ඇතුළු කිහිපදෙනෙකු සුළු මුදලකින් විදුලි බිල වැඩිවීමට නියමිත බවත් ප්‍රකාශ කරනු ලැබුවා . 

කෙසේ වෙතත් මේ වනවිට දැනගන්නට තිබෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති, ආචාර්ය තිලක් සියඹලාපිටිය සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව  බවයි. ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපියද බලශක්ති අමාත්‍යාංශය වෙත  ලබා දී ඇති බව වාර්තා වෙනවා.තිලක් සියඹලාපිටිය ලංවිම සභාපති තනතුර භාරගෙන තිබුණේ 2024 සැප්තැම්බර් 26 වනදා සිට ය.

අනුර කුමාර දිසානායකගේ පාලනය යටතේ  රාජ්‍ය ආයතනවලට පත්කෙරුණු ප්‍රධානීන් 8 දෙනෙකු පමණ ගතවූ මාස 7 ඇතුළත විවිධ හේතු මත ඉල්ලා අස්වී තිබිණි.

තිලක් සියඹලාපිටිය ගේ ඉල්ලා අස්වීමට දේශපාලන බලපෑම් හේතු වී ඇති බවට පැතිර යන කටකතාද බැහැර කළ නොහැකි තත්ත්වයකට පත්වී තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉතිරි මුදල් වාරිකය ලබා ගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව දක්වන උවමනාව අනුව ඔවුන් විදුලි බිල වැඩි කිරීම සඳහා කැමැත්තකින් පසුවන බව පෙනී යෑම නිසයි . පසුගියදා රූපවාහිනි සාකච්ඡාවකදී මේ පිළිබඳව ඉඟියක් කරමින් ජනාධිපතිවරයාද කියා සිටියේ විදුලි බල මණ්ඩලය පාඩු ලබන බවත් මාස හයෙන් හයට සිදු කරන ුරෝකතනයන් හේතු කරගෙන යම් ප්‍රමාණයකට විදුලි බිල වැඩිවීමට ඇති ඉඩකඩ වැඩි බවයි .

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...