පොළොව අපගේ අයිතියයි – මන්නාරම ‘කරුනිලම්’ විරෝධතාවය

මන්නාරම දිස්ත්‍රික්කය තුළ සිදුවන අනවසර ඛනිජ වැලි කැණීමේ ජාවාරම් නතර කරන ලෙසට හා මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය හේතුවෙන් දිස්ත්‍රික්කයේ පාරම්පරික ඉඩම් අහිමි වීමට විරුද්ධත්වය පළ කරමින් මන්නාරම නගරයේ දින කිහිපයක සිට විරෝධතා පැවැත්වෙමින් තිබේ.

මන්නාරම තරුණ සංවිධානය හා දිස්ත්‍රික්කයේ සිවිල් සංවිධානවල එකමුතුවෙන් විරෝධතා වැඩසටහන් සංවිධානය කර තිබිණ.

විරෝධතා සඳහා එක්වූ පිරිස් පැවසුවේ, විවිධ බහු ජාතික සමාගම් මන්නාරම දූපත තුළ ඉල්මනයිට් ඇතුළු ඛනිජ සම්පත් කැණීමේ ජාවාරමක් ක්‍රියාත්මක කරමින් සිටින බව ය.

ඒ තුළින් මන්නාරම දිස්ත්‍රික්කයේ පාරම්පරික ජනතාවගේ ඉඩම් අහිමිවීමේ අවදානමක් මතුව ඇති බව ඔවුන් පවසයි.

මන්නාරම දිස්ත්‍රික්කයේ ස්වාභාවික සම්පතක් වන ඉහළ වටිනාකමින් යුතු ඉල්මනයිට් කැණීම වෙනුවෙන් ඔස්ට්‍රේලියානු බහු ජාතික සමාගමක් කටයුතු කරමින් සිටින අතර, ඒ වෙනුවෙන් බලපත්‍ර ලබාදීමේ සූදානමක් පවතින බැවින් ඊට විරෝධය පළ කරන බව විරෝධතාවට එක්වූ පිරිස් පවසයි.

මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතිය හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ ජන ජීවිතයට බාධා එල්ල වී ඇති අතර, සුළං බලාගාර ව්‍යාපෘතිය ආරම්භ වීමත් සමග වැසි සමයේ අපජලය ගලාගෙන යාමට පැවති ඇළ මාර්ග වසා දමා ඇති බැවින් වර්ෂා කාලයේදී ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් හටගන්නා බවත්, නිවාස ජලයෙන් යට වන බවත් විරෝධතාකරුවෝ චෝදනා කරති.

එමෙන් ම, මන්නාරම දූපත ආශ්‍රිතව සුළං බලාගාර ව්‍යාපෘතියේ මීළඟ අදියර ආරම්භ කිරීමට බහුජාතික සමාගම් පිඹුරුපත් සකස් කරමින් සිටින බැවින්, අදාළ සුළං බලාගාර ව්‍යාපෘතිය නවතා දැමිය යුතු බව ද විරෝධතාකරුවෝ අවධාරණය කරති.

Share post:

Popular

වෙනත් පුවත්

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...