Breaking News

සාපරාධී අපරාධ කිරීමට තැත්කළ ගෑස් සමාගම් වලට ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරයිද?

ගෑස් සම්බන්ද  පිපිරීම් වලට  හේතු සොයන්න පත්කළ ජනාධිපති කමිටුව සති තුනකට පසුව ඔවුන්ගේ වාර්තාව ජනාධිපතිවරයාට ඊයේ භාර දෙනු ලැබුවා.අද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා එහි සභාපති මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා ඇතුළු කණ්ඩායම   ප්‍රකාශ කර සිටියේ මෙම පිපිරීම් වලට හේතුව ගෑස් සංයුතිය වෙනස් කිරීම බවයි. පසුගිය මාසයකට ආසන්න කාලයක් තුල සිදු වූ මෙම පිපිරීම් හේතුවෙන් එක් ජීවිතයක් අහිමි වී පුද්ගලයන් කිහිප දෙනකුට බරපතළ තුවාල සිදුවිය. එමෙන්ම මෙම පිපිරීම් හේතුවෙන් දේපොළ හානි ද විශාල වශයෙන් සිදු වූ අවස්ථා අපට වාර්තා විය.

මෙම කමිටුව නිගමනවලට එළඹෙන්නේ ගෑස් ආශ්‍රිත අනතුරු 748 නිරීක්ෂණය කිරීමෙන් පසුවයි. එම අනතුරු වර්ගීකරණයට ලක් කළ විට ලිප් පිපිරීම් 394 ගෑස් කාන්දුවීම 294ක් බට  පුපුරා යම් 42 වෙනත් පිපිරීම් 7 සහ තුවාල සිදුවීම් එ11 ඔවුන් වාර්තා කර ගෙන තිබෙනවා.

පසුගිය කාල වකවානුව තුළ කළ ගෑස් සමාගම් වල ප්‍රකාශ පමණක්ම නිරීක්ෂණය කළොත් අපට පෙනී යන දේ තමයි ඔවුන් හිතා මතාම ගෑස් සංයුතිය වෙනස් කිරීමට කටයුතු කර  ඇති බව. එ වගේම පසුගිය දින කීපය තුළ ගෑස් සංයුතිය වෙනස් ගෑස් සිලින්ඩර්  වෙළඳපොලෙන් ලබාගෙන නව සංයුතියට අනුව ආරක්ෂා සහිත ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කරන්නට කීවත් මෙම සමාගම් වංචා සහගතව පරණ ලේබලය උඩටම අලුත් ලේබල් අලවා වෙළඳපොළට පරණ ගෑස් සිලින්ඩර්  නිකුත් කළ අවස්ථා ද දැක ගන්නට පුළුවන් වුණා.

මෙම  ක්‍රියාවලිය හිතාමතාම සාපරාධී අපරාධ සිදු කිරීමට  උත්සාහ දැරීමේ වරද මෙම ගෑස් සමාගම් වලට එල්ල කිරීමට හැකියාව තිබෙන වැරදිය. ඉහත  ජනාධිපති කමිටුව විසින් ද මෙම ගෑස් සංයුතිය වෙනස්වීම නිසා පිපිරීම් සිදුවී ඇති බව සනාථ කර ඇති පසුබිමක දැන් අපට තිබෙන ප්‍රශ්නය තමයි මෙම ගෑස් සමාගම් වලට එරෙහිව ආණ්ඩුව පියවර ගන්නේ ද නැද්ද යන්න. හානියට පත්වූ ජනතාවට වන්දි ගෙවීම මෙන්ම සාපරාධී අපරාධ කිරීමට තැත් කිරීම යටතේ ඔවුන්ට එරෙහිව දඬුවම් නියම කිරීම කළ යුතුව තිබෙනවා. මක්නිසාදයත් මේ වැරදි සමාගම් සිද්ධ කරන්නේ දැනුවත්ව නිසා.

ඉදිරියේ දී ආණ්ඩුව ගනු ලබන ක්‍රියාමාර්ග හමුවේ ජනතාවට දැක  ගැනීමට හැකියාව ලැබෙනවා ආණ්ඩුව හිටගන්නේ ජනතාව  ආරක්ෂා කිරීම පැත්තෙද නැත්නම් සමාගම්වල ලාභය වෙනුවෙන් ද කියන එක.

leave a reply