The poet in Rathna Sri shows us what the world is.
රත්න ශ්‍රී තුළ සිටින කවියා අපට ලෝකය පෙන්වයි
The poet in Nandana Weerasinghe shows us what the light is.
නන්දන වීරසිංහ තුළ සිටින කවියා අපට ආලෝකය පෙන්වයි
මෙරට මට විනිශ්චය කළ නොහැකි මහා කවීන් දෙදෙනෙක් පිළිබඳව මට එසේ පැවසීමට සිත්වුණේ,මේ කාලයේ වැඩිපුරම ඔවුන් දෙදෙනාගේ කාව්‍ය ග්‍රන්ථ කියවීමෙන් අනතුරුව ය.
ඇයි මේ රත්න ශ්‍රී සර් ගෙ කවියක් ළඟට එන්නෙ?
ඇයි මේ නන්දන සර් ගෙ කවියක්
ළඟට යන්න වෙන්නෙ?
මෙතැනින් ඇතිවුණ පැනය අවසානෙදි මට උත්තරයක් ලබාදුන්නා මෙහෙම
රත්න ශ්‍රී තුළ සිටින කවියා අපව ශ්‍රී පාදය වන්දනා කරන්න එක්ක යනව
නන්දන වීරසිංහ තුළ සිටින කවියා අපව ශ්‍රී පාදයෙන් ආපසු එක්ක එනව
එක් කවියෙක් ලෝකය පෙන්වනව .
අනෙකා ඉන් පිටතට එක්ක එනව.
බොහෝ කවි සම්මුඛ කරල සංසන්දනාත්මකව බැලුවත්,විටෙක සමහර කවි විසංසන්දනය (contrast )කරල බැලුවත් මට ඒත්තු ගියෙ මෙි කරුණමයි.මෙය මා තුළ විසඳගන්න රත්න ශ්‍රී සර් ගෙ කවි පොත් වල සමහර කවි නැවත නැවත කියවන්න වුණා වගේම ඔහු නන්දන සර්ගෙ ක්ෂණ නියාම කවි පොතට ලිව්ව පෙරවදනද පරෙස්සමට කියවන්න සිද්ධවුණා.
පහත තියෙන්නෙ මම ඔවුන් දෙදෙනාගෙ කාව්‍ය ග්‍රන්ථ දෙකකින් උපුටගත් කවි දෙකක්
වස්සානෙන් පසුව (රත්න ශ්‍රී විජේසිංහ )
බුදුන් වැඩමවීම
“පුරාවිද්‍යා වැඩබිමයි”
නාමපුවරුව දිස්නෙ දෙයි
පාළුවට ගිය විසල් වැඩබිම
අඩක් කැණ,වල්බිහි ව යන’තර
බිඳුණු ගල්වැටි,බෝධිඝර මැද
විසිර ඇති නටබුන් අතරතුර
මහලු මිනිසෙකි හුදකලා වුණ
කුමක් දෝ හොය හොයා ළතැවෙන
දැළි රැවුලු දහඩියට තෙත් වුණ
යවුල අතහැර අතින් සාරන
පසට යට වුණ යෝධ බුදු බඳ
මඳින් මඳ මතුවෙවී ඉහළට
සැතපෙනා ඉරියව් විදාලන
අසම සම කරුණා විලාසය
උදලු පහරක් නොලා පොළොවට
කෙට්ටු අතැඟිලිවලින් හෙමිහිට
බුදු සිරුර මතු කර දමන්නට
තනිව වෙහෙසෙයි හෙළා දහඩිය
අඩ දණින් හෙවැ,නගා අත් හිස
වැඳ වැටෙන්නෙ ය හෙතෙම නැවතද
“සාදු සාදු”යි මිමිණෙනා හඬ
පැතිර යන්නෙය විසල් වන ගැබ
“තනිව මට බැරි බව සැබෑ මුත්
බුදු කෙනෙකු ඕනෑය මෙලොවට”
ක්ෂණ නියාම(නන්දන වීරසිංහ )
බුදුන් දැකීම
ගිම් වේගයෙන් මැඬුණු
මහ සමබිමෙහි
උන්වහන්සේ ගේ
උස් රූපකායයේ
සිහිලැලි සෙවනැල්ල
සොයා ආ කල
සියක් දහසක්
හඳුන් කූරටි
දැවි දැවී
දෙන දුම්,
පිළිම හිමි
වසා පැතිරෙණු
දුටු වෙම්
ඒ දුම් සුවඳ යැයි
සෙල්රුවට නැත
හැඟුමක්
මේ සුගතිඳු ගෙ දසුනැයි
දුම් කඳට නැත
ණුවනක්
එකෙකා වෙන් වෙන්ව
පුද දුන්
සුවඳ දුම්
එකම දුමකිය දැන්
හිමි නෙතෙහි නොදිසේ
කවරෙකු පිදූ දුම් දැයි
වටහාගත් බවෙක
කැල්මක්
මේ ධූප මේලාවෙන්
මෙ පිට සිට මම්
අනත් අහසේ ඈතට
සැණ අතුරුදන් වී යන
දුම් දහර
මෙනෙහි කරමින්
උන්වහන්සේ
දැක ගනිම්
රත්න ශ්‍රී විජේසිංහ
රත්න ශ්‍රී විජේසිංහයන් තුළ සිටින කවියා පිවිසෙන්නෙකි. ඔහු සැම කවියක්ම පාහේ රැගෙන එන්නේ පිටතටය.
අපට බෙදාදීමටය ,බෙදාගැනීමටය.සන්ධ්‍යා තීර්ථයද,මධ්‍යම යාමයද,සුබ උදෑසන ද අපි බෙදාගත්තෙමු.වස්සානය තරයේම බදාගත්තෙමු.
හේතුව නම් කවියා ලෝකය පෙන්වීමය
This poet comes to us with his poems.Then we taste them and spread most of them everywhere .They still fragrant .We say”They are fragrant “Definitely,the future will say”still fragrant “as the fragrant is worldly .
“The poet in Rathna Sri shows what the world is .We see it.
නන්දන වීරසිංහ
නන්දන වීරසිංහයන් තුළ සිටින කවියා අප වෙතට නොඑන්නෙකි.ඔහු පිවිසීම වෙනුවට බොහෝතැන්වල පෙන්වන්නේ නික්මීමකි.ඔහුගේ ගිරග,මහත් සඳ පිනි බිඳක යන කාව්‍ය ග්‍රන්ථ මතින් යම් දුරකට නික්මුණ පිරිස් ඔහුගේ ක්ෂණ නියාම මතින් එතෙර නූනා නම් පුදුමයකි.
හේතුව නම් මේ කවියා පෙන්වන්නේ ආලෝකයයි.
This poet doesn’t come to us.We have to fine him.He goes out.We have to follow him.Finally we see “out”of the world.As the poet is very well aware of what the world is.He shows us what the light is.
*We are very lucky to have these two poets