Breaking News

ඉතාලියේ නිත්‍යානුකූල රැකියාවක් සඳහා ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව – ඉල්ලුම්පත් භාර ගැනීම මාර්තු 27

Decreto Flussi 2023

සති දෙකකට පෙර නිවේදනය කල පරිදි යුරෝපා හවුලෙන් බාහිර රටවලින් ඉතාලියට ශ‍්‍රමිකයින් ගෙන්වා ගැනීමේ හෝ රැකියා අවස්ථා ලබා දීමේ ක‍්‍රියාවළිය දෙක්‍රෙතෝ ෆ්ලූසසි 2022/2023 නමින් අදාල ගැසට් නිවේදනය පසුගිය 26 වෙනි බ‍්‍රහස්පතින්දා ප‍්‍රසිද්ධියට පත් කලේය.

වර්ග කීපයකින් වීසා නිකුත් කරන්නට යෝජනාවී ඇති මෙවර නීතියේ පෙර අවදි වල නොතිබූ අලූත් කොන්දේසියක්ද පනවා ඇත.
ස්ථීර රැකියා පදනම/තාවකාලික රැකියා පදනම/ස්වයං රැකියා පදනම/තාවකාලික වීසා ස්ථීර වීසා බවට පරිවර්ථනය කර ගැනීමේ අවස්ථාව ආදියට කෝටාව බෙදී ගොස් ඇත.

මුලූ කෝටාව 82.708 ක් වන අතර තාවකාලික රැකියා සඳහා 44.000ක් වෙන්කර ඇත. ඉන් ඉතිරි 38.705 ද ස්ථීර රැකියා සඳහා 30.105ක් වෙන් කරන විට ඉතිරි 8600 වෙන්වී ඇත්තේ ස්වයංරැකියා හා වීසා පරිවර්ථනය කර ගැනීමේ අවස්ථාව සඳහා වෙන් කර ඇත.

ස්ථීර රැකියා සඳහා ඉල්ලූම් කිරීමේ අවස්ථාව ප‍්‍රවාහන/ගොඩනැගිලි ඉදිකිරීම්/සංචාරක හා හෝටල් ක්ෂේත‍්‍රයන් වලට අමතරව මෙවර තවත් කීපයක් එක් කර ඇත. එනම් වාහන/යන්ත‍්‍රසූත‍්‍ර අලූත් වැඩියාව/ටෙලි කොමියුනිකේෂන් (විදුලි සංදේශ) ආහාර නිෂ්පාදනය හා නැව් තැනීම් ක්ෂේත‍්‍රය වැනි අංශයන්ද ඊට එක්කර ඇත.

ස්ථීර වීසා නිකුතුවෙන් වැඩි ප‍්‍රමානයක් රටවල් 32ක් අතර බෙදී ගොස් ඇති අතර ඉන් 6000ක් වෙන් කර ඇත්තේ සංක‍්‍රමණික විෂය පිළිබඳව ඉතාලි රජය සමග ඉක්මන් එකගතාවයන්ට පැමිනෙන රටවල් සඳහා වෙන් කර ඇත. රටවල් ඒ වෙනුවෙන් පොළඹවා ගැනීම එහි අරමුණ වේ. ඉන් තවත් 1000ක් තම රටවලදී ඉතාලි අධ්‍යාපන පාඨමාලා අවසන් කල අය වෙනුවෙන් ද 100 ක් පාරම්පරික සබඳතා සහිත වෙනිසුයිලානු ජනතාවටද වෙන්කර ඇත. තවත් 4400 ක් දැනට වලංගු තාවකාලික වීිසා බලපත් ඇති අයට ස්ථීර වීසා බවට පරිවර්ථනය කර ගැනීමේ අවස්ථාවද 2000ක්, ශිෂ්‍ය වීසා පරිවර්ථනයට 200ක්, වෙනත් යුරෝපා රටක වීසාවක් පරිවර්ථනය කර ගැනීමට අවස්ථාව ලබා දී ඇත. මින් තවත් කොටසක් වෘතීය සුදුසුකම් සහිත වෘතීය වේදීන් කලා කරුවන් සඳහා වෙන්කර ඇත. තවද යුරෝ ලක්ෂ 5කට වැඩියෙන් ආයෝජනය කරන ආයෝජකයින්ටද තවත් 500ක් වෙන්කර ඇත.

පෙර නම් කර ඇති රටවල් 32 අතර ලංකාවද තිබෙන අතර එහෙත් කොපමන කෝටාවක් ඒ සඳහා වෙන්කර ඇතිද යන්න තවම නිශ්චික කර නැත.
තාවකාලික රැකියා සඳහා වෙන්කර තිබෙන කෝටාව 44.000 වන අතර එයද පෙර පරිදි වෙන් කල රටවල් සහ ඉතාලිය සමග එකගතාවයට පැමිනෙන රටවල් අතර බෙදී යනු ඇත.

කෙසේ වෙතත් ස්ථීර රැකියා සඳහා ඉල්ලූම් කිරීමේදී කෙලින්ම වෙනත් රටකින් ඉල්ලූම් කල නොහැක. මුලින්ම ඒ පලාතේ රැකියා විරහිතයින් ලියාපදිංචි කිරීමේ මධ්‍යස්ථානයට il Centro per l’Impiego තම අවශ්‍යතාවය දන්වා ඉල්ලූම් පතක් යොමු කල යුතුය. එහිදී පියවර කීපයක් අනුගමනය කල යුතු අතර ඒ අනුව අවසානයේ පිටතින් ශ‍්‍රමිකයෙක් ගෙන ඒමේ අවස්ථාව ඒ අනුව තීරණය වේ.

සේවා යෝජකයා විසින් තම අවශ්‍යතාවය අනුව රැකියා මධ්‍යස්ථානයට ඉල්ලූම්පත‍්‍රයක් යොමුකල යුතුය. දින 15ක් ඇතුලත ඉන් පිළිතුරක් නොලැබුනහොත් අවස්තාව හිමිවේ

ඊළගට රැකියා මධ්‍යස්ථානය විසින් යම් සේවකයෙකු යොමු කල පසු ඔහු හෝ ඇය සේවා යෝජකයාට නොගැලපේනම් අදාල ක‍්‍රමවේදය තුල ඉවත් කල හැකි අතර ඒ අනුව විදෙස් ශ‍්‍රමිකයෙක් සඳහා අවස්ථාව හිමිවේ.

ඊට අමතරව රැකියා මධ්‍යස්තානය විසින් යොමු කල ශ‍්‍රමිකයා සාධාරණ හේතුවකින් තොරව රැකියාව සඳහා යොමු වන්නේ නැතිනම් දින 20කින් එය අහෝසි වන අතර එවන් අවස්ථාවකදීද විදෙස් ශ‍්‍රමිකයෙක් ඉල්ලූම් කිරීම සඳහා අවස්ථාව හිමිවේ.

මෙම ක‍්‍රියාවළිය තාවකාලික වීසා හා ඉතාලි පාඨමාලා අවසන් කල අයට අදාල වන්නේ නැත.

මෙම කටයුතු අවසන් වූ පසු විදෙස් ශ‍්‍රමිකයින් සඳහා (නූල්ල ඔස්ත) ඉල්ලූම් පත් යොමු කරන විට මෙම ක‍්‍රියාවළිය තමන් අනුගමනය කල බවට වූ ස්වයං සහතික පතක් ඇමිනිය යුතුය.

සියලූ ඉල්ලූම් පත් යැවීමේ අවස්ථාව 2023 මාර්තු 27 උදේ 9.00ට විවර වන අතර එනම් ගැසට් පත‍්‍රය නිකුත් කර දින 60ක් ගිය පසු ලැබෙන අතර පෙර අවස්ථාවන් වලදී මෙන් ඉල්ලූම් පත් ලැබෙන අනු පිළිවෙලට අනුව තේරීමේ ප‍්‍රමුඛතාවය හිමිවනු ඇත.

එහෙත් 2021 ගෙනා නීති සංසෝධනයට අනුව අනුගමනය කල ක‍්‍රියාමාර්ගය මෙවරද අදාල කර ගැනීමට තීරණය කර ඇත. ඉල්ලූම්පත යොමුකර දින 30ක් ඇතුලත වීසා නිකුතුවට අදාල (නූල්ල ඔස්ත) අවසර පත‍්‍රය අදාල තානාපති කාර්යාලයට යොමුකල යුතු අතර ඉන් දින 20ක් ඇතුලත වීසා නිකුතුව කල යුතුවේ. ඒ අනුව පෙර අවස්ථාවන්ට වඩා ක‍්‍රියාවළිය ඉක්මන් වන අතර එහිදී ඔවුන්ට යම් ක‍්‍රියාමාර්ගයක් අත් හරින්නටද සිදුවී තිබේ. බොහෝ විට පමා වෙන්නට හේතුව වන්නේ ඉල්ලූම් පතක් යොමුකල පසු අදාල ආයතනය හෝ පුද්ගලයාගේ කටයුතු නීත්‍යානුකුලද යන්න සොයා බැලීමට ගතවන කාලයයි. එනිසා මොවුන් මෙවර එවන් සුපරික්ෂාවට සියල්ල ලක් කරනවා වෙනුවට අහඹු ලෙස තෝරාගෙන එම පරික්ෂාව කිරීමයි. එවිට යම් හෙයකින් සුදුසුකම් වල ගැටලූවක් තිබේනම් සිදු වීමට නියමිතව ඇත්තේ සේවකයා නැවත ඔහුගේ රටට පිටුවහල් කිරීමයි. ඒ නිසාම ඉල්ලූම් පත යොමු කරන අවස්ථාවේදීම නැවත පිටුවහල් කිරීමේ ගුවන් බලපත‍්‍රය සඳහා මුදල් ගෙවන බවටද සේවා යෝජකවා පොරොන්දු විය යුතුවේ.

ඉල්ලූම් පත් යොමු කිරීමේ සියලූ කාර්යයන් සිදු වන්යේ ඉතාලිය තු බැවින් ලංකාවේ හෝ වෙනත් රටක ඉන්නා ශ‍්‍රමිකයෙකුට මෙහිදී කරන්නට කිසිවක් නැත. අදාල සේවා යෝජකයාට තම වලංගු පාස්පෝට් කොපිය ලබා දීම පමණයි කල හැක්කේ. සේවා යෝජයයෙකු සොයා ගැනීමේ කාර්යයද පහසු නොවන අතර බොහෝ විට සිදු වන්නේ පවතින සබඳතා අනුවය. මුල් අවධියේදී එම කටයුතු කෙනෙකුට උදව් උපකාර කිරීමේ මානුෂීය පදනමෙන් සිදුවූ අතර මේ වන විට ඉන් සියයට 99ක්ම සිදු වන්නේ ජාවාරම් ලෙසය.

කෙසේ වෙතත් මෙය නැවතත් ලොතරැයි දිනුම් ඇදීමකදී වැනි කෙනෙකුට ලැබෙන ඉතා අවම අවස්ථාවක් වන අතර මෙය ජාවාරමක් කරගත් බොහෝ දෙනෙකුට කදිම ඉල්ලමක්ද වී තිබේ. මේ මොහොත වන විට විශේශයෙන්ම ලංකාවේ බොහෝ පිරිස් ණය වී හෝ තියෙන යමක් විකුණා හෝ රටකට පැනගන්න උත්සහ කරන අවස්ථාවකි. ඒ නිසා ඔවුන් පොළඹවා ගැනීම රවටා ගැනීම ඉතා පහසු වේ.

මෙසේ ඉල්ලූම් කල පසු ස්ථීරවම අවස්ථාව ලැබේද යක්න නිශ්චිත කල හැක්කේ වීසාව ලැබෙන අවස්ථාවයි. එහෙත් මේ ගනුදෙනු වලදී සිදු වන්නේ පියවරෙන් පියවර මුදල් ලබා ගැනීමයි. එම පිවයර නිවැරදිව ඉටු කලත් අවසානයේ වීසාව ලැබෙනවාද යන්න තීරණය වෙන්නේ අදාල කෝටාව අවසන් වීමට පෙර ඉල්ලූම් පත් යොමුකල අයට පමනි. ගියවර එය විනාඩියය් තත්පර ගනනකට සීවාවී තිබුනි. ඒ නිසා ඔබ උත්සහ කරන්න. එහෙත් ජාවාරම්කාර පෙරේතයින්ගෙන් පරිස්සම් වෙන්න.

තීමස් විජිත්

 


leave a reply