20 වැනි සංශෝධනය අහෝසි වෙයිද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය අහෝසි කිරීමේ කැබිනට් පත්‍රිකාව අද රාත්‍රී ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කිරීමට නියමිත බව වාර්තා වේ.

සති කිහිපයකට ඉහතදී අගමැතිවරයා විසින්, 20 වැනි සංශෝධනය අහෝසි කිරීම පිළිබඳව යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

ගැසට් මගින් ප්‍රසිද්ධ කිරීමෙන් පසුව මෙම යෝජනාව ඉදිරි දිනකදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවීමෙන් අනතුරුව යළිත් 19 වැනි සංශෝධනය බලාත්මක වනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු නැති බවත් ජනතාව කියන්නේ ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවත් අද (07දා) අරලියගහ මන්දිරයේ දී අගමැතිවරයා මුණ ගැසුනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාළන ආයතන ප්‍රධානීන් ප්‍රකාශ කර තිබේ.

අගමැති ධුරයෙන් අස්නොවන ලෙසත් අවශ්‍ය නම් අස්කරන්නට කියන ලෙසත් එයින් පසුව තමන් නැවත මහින්ද රාජපක්ෂව ශක්තිමත් ලෙස අගමතිධුරයට පත් කරන බවත් මෙහෙදී ඔවුහු පැවසූ බව වාර්තා වේ. ඩොලර් උනනවා නම්, ගෑස් තෙල් ලැබෙනවා නම් අගමැතිවරයා ඉවත් වූවාට කමක් නැති බවත් ජනතාව යන්න කියන්නේ අගමැතිවරයාට නොව ජනාධිපතිවරයාට බවත් මෙම පළාත් පළාන නියෝජිතයෝ අගමැතිවරයාට පවසා ඇත.

දිගින් දිගටම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අගමැතිවරයා ඉවත් විය යුතු බවට ප්‍රකාශ නිකුත් කරමින් සිටියි. ඊට විරුද්ධව මහින්ද රාජපක්ෂ ද සටනට එළඹ ඇති බව දක්නට ලැබේ. මේ පළාත් පාලන නියෝජිතයන් ලවා මහින්ද කිරීමට උත්සාහ කරන්නේ එයයි.

නමුත් ජනතාව කියමින් සිටින්නේ ජනාධිපති අගමැති ඇතුළු ආණ්ඩුවම ගෙදර යා යුතු බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...