පොලීසිය අතර බහින් බස්වීමෙන් පසු ගජේන්ද්‍රකුමාර්ගේ පක්ෂයේ සංවිධායකවරිය අත්අඩංගුවට

ගජේන්ද්‍රකුමාර් සහ පොලීසිය අතර බහින් බස්වීමෙන් පසු

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පොලිස් නිලධාරියෙකු අතර යාපනයේදී ඇතිවූ බහින්බස් වීමේ සිද්ධියට මැදිහත්වූ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ වඩමාරච්චි – නැගෙනහිර ප්‍රදේශයේ සංවිධායක ලෙස කටයුතු කරන ඇය කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද(05) ඉදිරිපත් කෙරුණු අතර එහිදී (07)වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙන බවට වාර්තා වෙනවා.

මෙම මතභේදාත්මක තත්ත්වය ඇතිවුණේ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා යාපනය – වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ ජන හමුවකට පසුගිය 02 වනදා සහභාගි වු අවස්ථාවේදී.

එම ජනහමුව පැවති ස්ථානයට යාබදව සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබූ අතර මන්ත්‍රිවරයා විසින් එහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරියෙකු සහ බුද්ධි අංශ නිලධාරියෙකු සමග බහින්බස්වීමක් ඇති කරගෙන තිබුණා.

සිද්ධිය පිළිබද සමාජ මාධ්‍යයට තොරතුරු එක්කරමින් මන්ත්‍රීවරයා චෝදනා කළේ බුද්ධි අංශ නිලධාරියෙකු විසින් තමන්ට වෙඩි තැබීමට උත්සහ කළ බවයි.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට අද පෙරවරුවේ කරුණු වාර්තා කරමින් පොලිසිය සදහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ අදාළ සැකකාර කාන්තාව පොලිස් රාජකාරියට බාධා සිදුකළ බවයි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අද අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහුද අත්අඩංගුවට ගැනීමට නියමිත බවවාර්තා වේ.

සිදුව ඇතිදේ මොකක්ද?

පාර්ලිම්න්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් යාපනයේ, නැගෙනහිර වඩමාරච්චි ප්‍රදේශයේ තරුණ ක්‍රීඩකයන් පිරිසක් හමුවීමට පසුගිය 02 වැනිදා (සිකුරාදා) ගොස් ඇත්තේ ක්‍රිඩා සමාජයේ ආරාධනයෙනි.

මරුදන්කේනි මහජන ක්‍රීඩා පිටියේ ගසක් යට සාකච්ඡාව පැවැත්වෙන අතරතුර යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මන්ත්‍රීවරයා පිටුපසින් සිට ඇත.

මොවුන් කෙරෙහි සැක පළ කළ එම පක්ෂයේ සාමාජිකයකු ඔවුන් වෙත ගොස් ඔවුන් පැමිණි කාරණය විමසු විට තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) නිලධාරීන් බවත්, එහි පැමිණියේ නීත්‍යානුකූල නොවන බව කියන රැස්වීමක් ගැන විමර්ශනය කිරීමට යැයි පවසා තිබේ.

මන්ත්‍රීවරයා පවසන්නේ ඔවුන් හැඳුනුම්පත ලබාදීම ප්‍රතික්ෂේප කළ බවත් එක් අයකු ඉන් ඉවත්ව යාමට උත්සාහ කිරීමේදී එම පුද්ගලයා වැළැක්වීමට උත්සාහ කළ බවයි.

“ඔහුව අල්ලා ගැනීමට උත්සාහ කළ විට, ඔහු මට හෙල්මට් එකෙන් ගහලා පැනලා ගියා.” ගජේන්ද්‍රකුමාර් මන්ත්‍රීවරයා පවසා තිබුණි.

පැමිණි එක් පුද්ගලයකුගෙන් ප්‍රශ්න කරමින් සිටියදී අසල පාසල් ගොඩනැඟිල්ල තුළ සිටි තවත් පුද්ගලයකු කෑ ගසමින් කියා ඇත්තේ ‘ප්‍රශ්න කරන පුද්ගලයා අපේ මිනිහෙක් බවත් ඔහුව නිදහස් කරන’ ලෙසය.

එම අවස්ථාවේ දී මන්ත්‍රීවරයා සමග සිටි තරුණ ක්‍රීඩකයින් පවසා ඇත්තේ යාබද පාසල් ගොඩනැඟිල්ල තුළ සිට කෑගැසු පුද්ගලයා මන්ත්‍රීවරයා දෙසට පිස්තෝලයක් එල්ල කළ බවයි.

එම ස්ථානයට මරුදන්කේනි පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයා ද පැමිණ ඇති අතර ඔහු එම පුද්ගලයන් බුද්ධි අංශ නිලධාරින් බවට තහවුරු කර ඇති අතර පහරදීම සහ වෙඩි තැබීමට තැත් කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කරන ලද ඉල්ලීම වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසා තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...