Breaking News

ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වය

 නීතීඥ චමෝදි දයානන්ද

ඉතාමත් සංකීර්ණ ජිවිත ගතකරන සමාජයක් තමයි අපිට අද දකින්නට තිබෙන්නේ. මේ සංකීර්ණත්වය තුළ ගොඩනැගෙන සමිබන්ධතාද ඉතා සංකීර්ණ තත්වයට පත්ව ඇත. ඒ හේතුවෙන් අපට නිතර දෙෙවිලේ අහන්න දකින්න ලැබෙන දේවල්ද සාමාන්‍ය තත්වය අභිබවා ගොස් ඇත. නිවස එහෙමත් නැත්නමි ගෘහය යන්නද අදහාගත නොහැකි ආකාරයේ වෙනස්කමි වලට භාජනය වී ඇත. ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වය යන්නද වර්තමාන සමාජයේ නිරන්තර අවධානයට යොමු වන මාතෘකාවක් බවට පත්ව ඇත.

සමාජයේ පවතින එක් දුර්මතයක් තමයි ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වය යන්න ස්වාමි පුර්ෂයා විසින් භාර්යාව හිංසනයට ලක් කිරීම. නමුත් ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වය යන්නෙහි සැබෑ අර්ථය ඉන් එහාට යන ඉතා විශාල වපසරියක් දක්වා විහිදෙයි. ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වය යන්නෙහි සරල අර්ථය ගත් විට එය මේ ආකාරයට අර්ථ දැක්විය හැක. යමිකිසි පුද්ගලික සමිබන්ධතාවයක් මත පදනමිව එක් අයෙක් විසින් තවත් අයෙකුට ශාරීරික වශයෙන්, මානසික වශයෙන්, ලිංගික වශයෙන්, ආර්ථික වශයෙන් හෝ තාක්ෂණික වශයෙන් පීඩාවට පත්කිරීම එසේත් නැතිනමි හිංසා කිරීම, ප‍්‍රචණ්ඩත්වය පෑම පෙන්වාදිය හැකියි.

ශාරීරික වශයෙන් හිංසාවට ලක්කිරීම යන්නෙන් අදහස් වන්නේ පහර දිම, පිළිස්සීම, තල්ලූ කර ශාරීරික වශයෙන් පීඩා පැමිණවිම, වේදනාකාරී ස්පර්ෂයන් ආදිය වේ. මානසික වශයෙන් හිංසාවට ලක්කිරීම යනු අපහාස කිරිම, ලැජ්ජා පැමිණවීම, අවමන් සහගත ලෙස සැළකීම, බිය ගැන්වීම, හුදෙකලා කිරීම ආදිය වේ. ලිංගික වශයෙන් හිංසනයට ලක් කිරීම යනු කැමැත්තකින් තොරව ලිංගික සමිබන්ධතා, ලිංගික හැසිරිමි වලට බල කිරීම ආදිය වේ. ආර්ථික වශයෙන් හිංසාවට ලක් කිරීම යනු රැකියාවට යාමට බාධා පැමිණවීම, පුද්ගලික ව්‍යවසායකත්වයට බාධා කිරීම, ආදායමි ලැබීම අවහිර කිරීම ආදිය වේ. තාක්ෂණික වශයෙන් හිංසාවට ලක් කිරීම යනු තාක්ෂණය භාවිතයෙන් අනෙකාට හානි කිරිම, තර්ජනය කිරීම, නිරීක්ෂණය කිරීම, පරිගණකය, ස්මාටි ජංගම දුරකථන, කැමරා වැනි තාක්ෂණික උපකරණ භාවිතා කර ලූහුබැඳීම ආදිය වේ.

ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වයට අදාල නෛතික ප‍්‍රතිපාදන 2005 අංක 34 දරණ ගෘහස්ථ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වැළැක්වීමේ පනතේ ඇතුළත් වේ. මෙම පනතේ දක්වා ඇති ප‍්‍රතිපාදන ප‍්‍රකාරව ගෘහස්ථ හිංසනයට ලක් වූ පුද්ගලයින්ට නීතියේ පිහිට පැතීමට අවස්ථාව සළසා දී ඇත.

පනතේ දක්වා ඇති ප‍්‍රතිපාදන අනුව ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය ලක්ව පීඩාවට පත් තැනැත්තා විසින් ඒ ගෘහස්ථ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාව වැළැක්වීම සඳහා ආරක්ෂා කිරීෙමි ආඥාවක් නිකුත් කිරීමට මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට හැකියාව ති. එකී ඉල්ලීම පීඩාවට පත් තැනැත්තා විසින් සිදු කළ හැක. තවද ප‍්‍රචණ්ඩත්වයට ලක් වන පුද්ගලයා දරුවෙක් නමි ඒ අවස්ථාවේදී දරුවාගේ දෙමවිපියන් එසේත් නැතිනමි දරුවාගේ භාරකරුවෙකුට එසේත් නැතිනමි දරුවා පදිංචි ස්ථානයේ පදිංචි තැනැත්තෙකුට එසේත් නොමැති නමි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ලිඛිතව පවරනු ලබන තැනැත්තෙකු විසින් එකී ඉල්ලීම සිදු කළ හැක.

තවද පීඩාවට පත් තැනැත්තෙකු වෙනුවෙන් පොලිස් නිලධාරියෙකු විසින් ඉල්ලීම ඉදිරිපත් කළ හැක. එලෙස අධිකරණයට කරුණු දැක්වූ විට අධිකරණය සෑහීමකට පත්විය හැකි ආකාරයේ කරුණු පවතී නමි එම කරුණු සනාථ කරයි නමි මුල් අවස්ථාවේදීම අතුරු ආරක්ෂා ආඥාවක් මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් දින 14 ක කාලයකට නිකුත් කරයි. අතුරු ආඥාවක් නිකුත් කිරීමේදී අධිකරණය විසින් සැළකිල්ලට ගනු ලබන කාරණා කිහිපයක් තිෙබි. එනමි ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්ව ක‍්‍රියාව වැළැක්වීමට තිබෙන හදීසි අවශ්‍යතාවය. පීඩාවට පත් පාර්ශවයේ ආරක්ෂාව තහවුරු කිරීමට තිබෙන හදීසි අවශ්‍යතාවය උදාහරණයන් වශයෙන් ජීවිත හානියක් වීමට ඇති ඉඩකඩ, මානසික වශයෙන් වන අධික පීඩාකාරී තත්වය ආදිය වේ.

එලෙස අතුරු ආඥාවක් නිකුත් කළ පසුව දින 14 ක් ඇතුළත වගඋත්තරකරු වෙත නොතීසි නිකුත් කරනු ලබන්නේ ආරක්ෂා ආඥාවක් නිකුත් නොකිරීමට හේතු මොනවාද යන්න කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීමට වගඋත්තරකරුට අවස්ථාව ලබා දීම සඳහාය.

මෙම පනතේ ප‍්‍රතිපාදනයන් හී පවතින තවත් එක් විශේෂිත කරුණක් නමි වින්දිත පාර්ශවය මානසික වශයෙන් අධික පීඩාවකට ලක් වී සිටින්නේ නමි එවිට මනෝ උපදේශනය සඳහා අධිකරණය හරහා යොමු කිරීමට හැකියාව තිබේ. අතුරු ආරක්ෂා ආඥාවක් නිකුත් කළ පසු නඩු විභාගයට නියම වේ. ඒ අනුව පාර්ශවයන් හට කරුණු ඉදිරිපත් කිරීමට හැකියාව පවතී. ඒ අනුව මාස 12 කට නොවැඩි කාලයකට ආරක්ෂා ආඥාවක් නිකුත් කිරීම සිදු කරනු ලැබේ .

මෙකී ආරක්ෂා ආඥාෙවි ඇති වටිනාකම වන්නනේ අතුරු ආඥාවක් හෝ ආරක්ෂක ආඥාවක් තිබියදී පීඩාවට පත් තැනැත්තා සහ වගඋත්තරකරු හවුලේ වාසය කරන යමි වාසස්ථානයකට හෝ එහි යමි කොටසකට ඇතුල්වීම, පීඩාවට පත් තැනැත්තාගේ වාසස්ථානයට, සේවා ස්ථානයට, පාසලට වගඋත්තරකරු ඇතුලූවීම ආදිය තහනමි කරනු ලැබිය හැකි වීමයි.

නෛතික ප‍්‍රතිපාදන වලට අමතරව යමිකිසි අවස්ථාවකදී ඔබ හට එවැනි තත්වයකට මුහුණදීමට සිදුවුවහොත් අප අවධානය යොමු කළ යුතු තවත් කාරණා කිහිපයක් තිබේ . ඒ අතුරින් එක් මූලික කාරණයක් නමි ඔබ ප‍්‍රචණ්ඩත්වය අත්විඳින්නේ නම්, පවුලේ අය, මිතුරන් සහ අසල්වාසීන් වෙත ළඟා වීමට, ක්ෂණික ඇමතුම් අංකයකින් හෝ, ආනාරක්ෂිත නම්, ප‍්‍රචණ්ඩත්වයෙන් දිවි ගලවා ගත් අය සඳහා සබැඳි සේවාවකින් උපකාර ලබා ගැනීම ප‍්‍රයෝජනවත් විය හැකිය. සේවා සපයන රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන ආයතන (උදා. නවාතැන්, උපදේශන, අයිතීන් වෙනුවෙන් කටයුතු කරන සංවිධාන ආදිය) විවෘත දැයි සොයා බලා තිබේ නම් ඔවුන් වෙත ළඟා වන්න. එසේත් නොමැති නමි දුරකථනය ඔස්සේ ඒ පිළිබඳව දැනුවත් කරන්න. පැමිණිලි කරන්න.

ඔබට හෝ ඔබේ දරුවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය උත්සන්න වුවහොත් ආරක්ෂක සැලැස්මක් සාදන්න. ඊට අදාලව ඔබට ආරක්ෂාව සඳහා වහාම නිවසින් පිටවීමට අවශ්‍ය නම් අසල්වැසියෙකු, මිතුරෙකු, ඥාතියෙකු, සගයෙකු හෝ නවාතැන්පලක් හඳුනා ගැනීම. ඔබ ආරක්ෂිතව නිවසින් පිටවන්නේ කෙසේද සහ ඔබ එහි ළඟා වන්නේ කෙසේද යන්න පිළිබඳ සැලැස්මක් තබා ගන්න (උදා. ප‍්‍රවාහනය). අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් (උදා. හඳුනාගැනීමේ ලේඛන, දුරකථන, මුදල්, ඖෂධ, සහ ඇඳුම් පැළඳුම්) සහ හදිසි අවස්ථාවකදී දුරකථන අංක ලැයිස්තුවක් තබා ගන්න.මේ  ආකාරයට ෙමි ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය කියන දේ හරියාකාරව හදුනාගෙන නිසි පරිදි ක‍්‍රියා කළහොත් ඔබ ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වයෙන් නැවත නැවතත් වින්දිතභාවයට පත්වීම වළක්වා ගත හැක.

නීතීඥ චමෝදි දයානන්ද

 

 

leave a reply