Breaking News

අතුරුදහන් කළ මිනිසුන් දෙදෙනෙකුගේ කතාව

කලින් ජනතා විමුක්ති ‌පෙරමුණේත් (jvp) ඉන් පසුව ජනඅරගල ව්‍යාපාරයේ සහ ‌පෙරටුගාමී සමාජවාදී පක්ෂයේත් (Front Line Socialist Party) ක්‍රියාකාරීන් ‌මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරිකයන් ‌දෙදෙනකු වූ ලලිත් කුමාර් වීරරාජ් (Lalith Kumar Veeraraj) සහ කුගන් මුරුගානන්දන් (Kugan Muruganandan) යාපනයේදී (Jaffna) පැහැර ‌ගෙන යනු ලැබුවේ 2011 ‌දෙසැම්බර් 09 වැනිදාය. ඔවුහු ජාත්‍යන්තර මානව හිමිකම් (International Human Rights Day) දිනය ‌‌යෙදුණු ඊට පසුදා යාපනයේ පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය සාකච්ඡාවක සංවිධාන කටයුතුවල නිරතව සිටියහ.

මේ පිළිබඳව හබයාස් ‌කෝපුස් ‌පෙත්සමක් ‌ගොනු ‌කෙරුණු අතර එහිදී සාක්ෂි ‌ලෙස එවකට කැබිනට් ප්‍රකාශක වූ ‌කෙහෙළිය රඹුක්වැල්ල (Keheliya Rambukwella) සහ එවකට ආරක්ෂක ‌ අමාත්‍යාංශයේ ‌ලේකම් වූ ‌ගෝඨාභය රාජපක්ෂ (Gotabaya Rajapaksha) කැඳවන ලද නමුත් ‌ගෝඨාභය රාජපක්ෂ සාක්ෂි දීමට පැමිණියේ නැත. ‌කෙහෙළිය රඹුක්වැල්ලගේ සාක්ෂියෙන් ඉතා වැදගත් කරුණු අනාවරණය විය.

එමෙන්ම ‌ගෝඨාභය රාජපක්ෂ ස්වාධීන රූපවාහිනියේ (ITN) ‌දොරමඩලාව වැඩසටහනේදී දැක්වූ අදහස්ද ‌මෙහිදී ඉතා වැදගත්ය.

මෙම සිදුවීමෙන් වසර නවයකට පසු ඒ පිළිබඳව Mass TV LK වාර්තා වැඩසටහනක් සැකසීමට තීරණය කළ අතර ඒ සඳහා සමාජ ක්‍රියාකාරිකයන්ගේ අදහස් විමසීමට තීරණය කළෙමු. ‌පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ‌සේනාධීර ගුණතිලක (Senadheera Goonathilake), නීතිඥ නුවන් ‌බෝපගේ (Nuwan Bopege), නීතිඥ උදුල් ‌ප්‍රේමරත්න (Udul Premarathna), චිත්‍රපට අධ්‍යක්ෂ සහ රංගන ශිල්පී ජගත් මනුවර්ණ (Jagath Manuwarna) ‌මෙන්ම ලලිත් කුමාර් වීරරාජ්ගේ පියා වන ආරුමුගම් වීරරාජා (Arumugam Veeraraja) යන අය හමුවී ලංකාවේ පැහැර ගැනීම්, අතුරුදන් කිරීම් සහ ඊට ‌ගොදුරු වූවන්ට යුක්තිය ඉටු කිරීමේ වැදගත්කම පිළිබඳවද ලලිත් සහ කුගන් පැහැර ගැනීම පිළිබඳවද අදහස් විමසීමු.

leave a reply