ප්‍රංශ කම්කරු පක්ෂ නියෝජිතයින් සහ පෙ.ස.ප ප්‍රධාන ලේකම් අතර සාකච්ඡා 

Date:

මේ දිනවල යුරෝපා සංචාරයක නියැලී සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයා නොවැම්බර් 10 වන දා ප්‍රංශයේ  කම්කරු පක්ෂ නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් පැවැත්වීය . දෙපාර්ශවයම දෙරටේ වර්තමාන දේශපාලන තත්ත්වයත් කම්කරු ව්‍යාපාරය මේ මොහොතේ පවතින දුෂ්කරතාවයන් පිළිබඳවත් සාකච්ඡා කළ අතර  ප්‍රංශ කම්කරු පක්ෂය වඩාත් අවධානය යොමු කළේ වර්තමාන ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහායි . වර්තමාන ආණ්ඩුවේ දේශපාලන ගමන් මඟ පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂය දරන ස්ථාවරය කුමක්දැයි ඔවුන් ප්‍රශ්න කර සිටිය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ කුමාර් ගුණරත්නම් සහෝදරයා කියා සිටියේ ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉෂ්ට කර ගැනීම සඳහා ඔවුන්ට බලපෑම් කරන බවත් එම බලපෑම් සහගත තත්ත්වය උපයෝගී කරගෙන  විපක්‍ෂය නියෝජනය කරන පැරණි දූෂිත දේශපාලන කණ්ඩායම්වලට බලයට පැමිණීමට කිසිසේත්ම ඉඩ ලබාදෙන්නේ නැති බවයි . මෙම සාකච්ඡාවේදී චීනය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය දරන ස්ථාවරය කුමක්දැයි ඔවුන් විමසා සිටියා . එම පැනයට පිළිතුරු දෙමින් කුමාර් ගුණරත්නම් සහෝදරයා ප්‍රකාශ කළේ  චීනය ධනවාදී රටක් ලෙස පරිවර්තනය වන නමුදු තවමත් අධිරාජ්‍යවාදී රටක් ලෙස  හඳුන්වන්නට ඉක්මන්  නොවන බවයි .

Share post:

Popular

More like this
Related

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...