Breaking News

කොරෝනා වසංගතය ඇතුලේ  ගංජා නීතිගත කිරීමට ආණ්ඩුව සැරසෙයි 

කාංසා, කැනබිස්, මරිජුවානා ඇතුළු  බොහෝ නම් වලින් හඳුන්වන ගංජා  ලෝකයේ බොහෝ රටවල තහනම් මත් ද්‍රව්‍යයක් ලෙස නාමකරණයට ලක් කර, ළඟ තබාගැනීම පරිහරණය කිරීම  නීති විරෝධී කර තියනවා .ලංකාවේද ගංජා  නීති විරෝධීභාවය එලෙසින්ම පවත්වාගෙන යනවා .නමුත් ගංජා ලංකාවේ ආයුර්වේදයේ බෙහෙත් සෑදීම සඳහා භාවිතා කරන ඖෂධයක් ලෙස බලපත් සහිතව  ළඟ තබා ගැනීමට පුළුවන් . ගංජා අන්තරාකාරී මත්ද්‍රව්‍යක් ලෙස තහනමට ලක් කලත්  ලංකාව ඇතුළු බොහෝ රටවල් ආයුර්වේදය තුල පාරම්පරික ඖෂධයක් ලෙස භාවිතා කිරීමට සීමාවන්ට යටත්ව අවසර දෙනවා .

යුරෝපයේ  පාරම්පරික වෙදකම සඳහා ගංජා  භාවිතා කිරීම තවමත් සිදු වෙනවා. යුරෝපා රටවල් තුලත් ගංජා අන්තරාකාරී මත්ද්‍රව්‍යක් ලෙස නම් කර තිබුනත්   පුද්ගලයෙකුට තමන්ගේ   පරිහරණය සඳහා සුළු වශයෙන් ළඟ තබා ගැනීමට පුළුවන්.

මේ දිනවල ඉතාලි ජාතිකයන් අතර මෙන්ම ඉතාලියෙ ජීවත්වෙන අනෙකුත් ජාතීන් අතර ද ගංජා පිළිබඳ කතාබහ ඉස්මතු වී තිබෙනවා. ඊට බලපෑ ප්‍රධාන හේතුව තමයි තමන්ගේ භාවිතාව සඳහා  ගංජා පැල හතරක් ගෙවත්තේ සිටවා ගැනීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන බලාත්මක කිරීම සහ  ඊට අමතරව ගංජා  වලට එරෙහිව තියෙන නීති රීති වෙනස් කිරීමට ඉතාලිය තුළ ගංජා නීත්‍යානුකූල කිරීම සඳහා අත්‍යවශ්‍ය වෙන ජනමත විචාරණයකට මඟ  පාදන ජනතාවගේ අත්සන් ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීම . ඉතාලි ජාතිකයන් ලක්ෂ පහක්  අත්සන්කර ජනමතවිචාරණයක් කැඳවන්න කියා  ඉල්ලීම් කළොත්  ඉදිරි  වසර තුළ ඉතාලි නීතියට අනුව ගංජා ඉතාලිය තුළ නීත්‍යානුකූල කරනවද? නැද්ද? කියන ජනමතවිචාරණය කැඳවීමට අවස්ථාව සැලසෙනවා.

මේ ජනමත විචාරණය කැඳවීමට අවශ්‍ය කරන මූලික අඩිතාලම වන අත්සන් එකතු කිරීමේ ව්‍යාපාරය බලගැන් වුයේ  පසුගිය සදුදා ඔක්තෝම්බර් 15 වන දා සිටයි . අද අපි මේ පුවත ප්‍රසිද්ධියට පත් කරන මොහොත වන විට එම පෙත්සමට ලක්ෂ හතරකට වඩා   අත්සන් එකතු වී තිබේ. තව දිනකින් හෝ දෙකකින් ගංජා නීතිගත කිරීමට ජනමත විචාරණයක් කැඳවන්න කියන  ඉල්ලීම  කිරීමට අවශ්‍ය වන මූලික  පදනම නිර්මාණය වෙනවා.

මේ සඳහා මැදිහත්ව කටයුතු කරන්නේ දේශපාලන පක්ෂ කිහිපයක් සහ පාරම්පරික වෙදකම පිළිබඳව උනන්දුවක් දක්වන සංවිධාන ගණනාවකගේ මැදිහත් වීමෙනි.coordinati dalle Associazioni Luca Coscioni, Meglio Legale, Forum Droghe,Antigone, Società della Ragione partiti +Europa, Possibile e Radicali italiani.  යන සංවිධාන මෙම පෙත්සමේ සහ ගංජා නීතිගත කිරීමට අවශ්‍යය බව ප්‍රකාශ කරන පාර්ශවයන්ගේ ප්‍රධාන කොටස්කරුවන්ය.

leave a reply