පාර්ලිමේන්තුව තුළ ජනතා මතය නියෝජනය නොවන බව අද හොඳින්ම පැහැදිලි වුණා – අන්තරේ කැඳවුම්කරු

විරෝධතා පෙළපාලියකින් පාර්ලිමේන්තු පිවිසුම දක්වා පැමිණි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය එහි අද රාත්‍රියේ නවාතැන් ගන්නා බව වාර්තා වේ.

අද සවස ආරම්භ වූ විරෝධතාව පාර්ලිමේන්තු පිවිසුම දක්වා ගමන් කළ අතර එහිදී එම අවට සවිකර තිබූ යකඩ වැටද පෙරළා දැමීමට සිසුන් සමත්විය. එම යකඩ වැටට යොදාගෙන තිබෙන බට යොදාගෙන සිසුන් විසින් වේදිකාවක් ද නිර්මාණය කර තිබේ.

මෙම පා ගමන පාර්ලිමේන්තු පිවිසුමට ඇතුල්වීම වළක්වාලීම සඳහා පොලිසිය විසින් කඳුලු ගෑස් ප්‍රහාර කිහිපයක්ම එල්ල කර ඇතත් සිසුන් එය නොතකා ඒ අසළ රැදී සිටියි.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පැවසුවේ අද දවසේ පාර්ලිමේන්තුව තුළ නියෝජ්‍ය කතානායක පත්කිරීමේ සිදුවීම හරහා රටේ ජනමතය පාර්ලිමේන්තුව තුළ නියෝජනය නොවන බව හොදින් පැහැදිලි වූ බවයි.

පාර්ලිමේන්තුව හෙට දිනයේත් රැස්වෙනවා නම් හෙට දිනය වනතුරු රැඳී සිටින බවද ඔහු පැවසීය.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...