‘විකුණන ආයතන’ 12ක් ජනාධිපති යටතට

ලංකා ටෙලිකොම් සමාගම හා එහි පාලිත සමාගම් සහ ආශ්‍රිත ආයතන මෙන්ම නෙළුම් කුළුණ ඇතුලත් කළම්බු ලෝටස් ටවර් සමාගම ඇතුළු රජයට සම්බන්ධ ආයතන 12 ක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට ගෙන ඇත.

ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය පියවර ගෙන ඇත.

මුදල් අමාත්‍යංශය යටතට පවරා ගත් සෙසු ආයතන අතරට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම, ජාතික ලුණු සමාගම, ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ද ඇතුලත් වේ.

මීට අමතරව නෝර්ත් සී ලිමිටඩ්, ගල්ඔය වැවිලි පුද්ගලික සමාගම, පරන්තන් කෙමිකල්ස් ලිමිටඩ්, සීමා සහිත ඊක්‍ක්‍ සමාගම ද මුදල් අමාත්‍යංශය යටතට පවරාගෙන ඇත.

එමෙන්ම මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය සහ සීමාසහිත ලංකා ජෙනරල් ට්‍රේඩින් සමාගම ද මුදල් අමාත්‍යංශය යටතට පවරා ගැනීමටයි තීරණය කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...