‘විකුණන ආයතන’ 12ක් ජනාධිපති යටතට

ලංකා ටෙලිකොම් සමාගම හා එහි පාලිත සමාගම් සහ ආශ්‍රිත ආයතන මෙන්ම නෙළුම් කුළුණ ඇතුලත් කළම්බු ලෝටස් ටවර් සමාගම ඇතුළු රජයට සම්බන්ධ ආයතන 12 ක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට ගෙන ඇත.

ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය පියවර ගෙන ඇත.

මුදල් අමාත්‍යංශය යටතට පවරා ගත් සෙසු ආයතන අතරට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම, ජාතික ලුණු සමාගම, ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ද ඇතුලත් වේ.

මීට අමතරව නෝර්ත් සී ලිමිටඩ්, ගල්ඔය වැවිලි පුද්ගලික සමාගම, පරන්තන් කෙමිකල්ස් ලිමිටඩ්, සීමා සහිත ඊක්‍ක්‍ සමාගම ද මුදල් අමාත්‍යංශය යටතට පවරාගෙන ඇත.

එමෙන්ම මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය සහ සීමාසහිත ලංකා ජෙනරල් ට්‍රේඩින් සමාගම ද මුදල් අමාත්‍යංශය යටතට පවරා ගැනීමටයි තීරණය කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...