තහනම් කොටුදැල් ප්‍රශ්ණය නිසා පීඩාවට ලක්වන තෙප්පම් ධීවරයා …..

මුහුදු ධීවර යාත්‍රාවට අතර තෙප්පමට දිගු ඉතිහාසයක් ඇත. එවැනිම ඉතිහාසයක්, ගරුත්වයක් තෙප්පම් ධීවරයාට ද තිබුණි . නමුත් අද එවැන්නක් දක්නට නැත. තෙප්පම් ධීවරයා සම්බන්ධව ඔවුන් සමඟ කරන කතාබහ තුළ ඒ පිළිබඳව අවබෝධයක් ලැබිය හැක.

මේ ගැන ඔවුන් සමඟ කතාබහක යෙදීම සඳහා අපි මීගමුව, වැල්ලවීදිය ප්‍රදේශයේ ධීවරයින් කිහිප දෙනෙකු හමුවුනෙමු. සාන්ත සෙබස්තියන් තෙප්පම් ධීවර සමීතියේ සභාපති වූ රොෂාන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරන්නේ රටේ අද පවතින අර්බුදය මත ජීවත්වීම අසීරුවී ඇති බවත් , එසේම කොටුදැල් නමින් වන තහනම් දැල් ක්‍රමය නිසා ඔවුන් දැඩි පීඩාවකට සහ අසරණ භාවයකට පත්වී ඇති බවයි.

මේ අතර මෙම සමීතියේ තවත් සාමාජිකයින්ද මේ ගැන අදහස් දක්වන ලදී .ඔවුන් ද පවසන ආකාරයට එකවර පැමිණෙන බෝට්ටු කිහිපයකින් වටකරන දැල් ගනනාවක් මගින් මාළු කිලෝ තුන් හාරසියයක් අල්ලාගෙන යයි. තෙප්පම් ධීවරයා දැඩිසේ මහන්සිවී අල්ලා ගන්නා මාළු ප්‍රමාණය කිලෝ පහක් හෝ ඊට අඩු ප්‍රමාණයක සිට කිලෝ විස්සක් , තිහක් දක්වා පමණක් වේ. එබැවින් මෙම අසාධාරණ ක්‍රියාවට එරෙහිව වසර ගනනාවක සිට අරගල කළ බව ඔවුන් පවසයි .

මෙම ධීවර ගම්මානය පිළිබඳව මීගමුව ධීවර කාර්යාලයේ හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හෝ සිටින බලධාරීන්ගේ නිසි අවධානයක් මෙතෙක් කලක් නොපැවතුනු බව ඔවුන් තම අත්දැකීම අනුව ප්‍රකාශ කරති. දේශපාලනඥයින්ගේ බලය ඉදිරියේද ඔවුන් අසරණය. මේ නිසා ඔවුන් වෙනුවෙන් සැබෑ ලෙස පෙනීසිටින කිසිදු වගකිවයුත්තෙකුනැත. මෙම අසරණ බව නිසාම ඉන් අවස්ථාවාදී ලෙස පටු අරමුණු ඉටු කරගැනීමට ඉහතකී පිරිස් නිතර උත්සාහ කරති.

එබැවින් , මේ සියළු තත්වයන්ට එරෙහිව ශක්තිමත්ව නැගී සිටින ලෙස අප සියළු ⁣තෙප්පම් ධීවර ජනතාවට අවධාරණය කර සිටින්නෙමු.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...