බැසිල්, අපිට ඔයාව මතකයි

Date:

හිටපු අමාත්‍ය,පොදු ජන එක්සත් පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඔහු මීට මාස කිහිපයකට පමණ පෙර ඇමෙරිකා එක්සත් ජනපදය වෙත ගොස් තිබුණි.

ඔහු පිළිගැනීම සදහා රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ , පවිත්‍රා වන්නිආරච්චි, ශාන්ත බණ්ඩාර, එස්.එම්.චන්ද්‍රසේන, ප්‍රසන්න රණවීර, පියල් නිශාන්ත යන මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් පෝලිම් ගැසී සිටිනු දැකිය හැකිවිය. පෙනෙන පරිදි මහින්ද යලි නැගිට්ටවිම සාර්ථක වී නැති හැඩකි. ගෝඨාභය නැවත පැමිණියත් ඔහු සිටිනවාද නැද්ද කියා හෝ කාටවත් මතක නැත. දැන් පොහොට්ටුවේ මන්ත්‍රීවරු සිතනවා විය යුත්තේ බැසිල්ගේ නැට්ටේ එල්ලී හෝ ගොඩ යාමටයි.

බැසිල් රාජපක්ෂ යනු මේ වනවිට මතුව ඇති ආර්ථික අර්බුදයේ ප්‍රධාන වගඋත්තරකරුවෙකි. ඔහු ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස සහ මුදල් ඇමතිවරයා ලෙස පසුගිය ආණ්ඩුවල ආර්ථිකය සමබන්ධ විවිධ වගකිවයුතු තනතුරු දරා තිබේ.

“බැසිල්ට මොළ හතක් තියෙනවා”, “මහින්ද දුටුගැමුණු රජු වගේ, බැසිල් කාවන්තිස්ස රජු වගේ”, “අපි කිසි කෙනෙකුට හිතන්නවත් බැරි කාරණා සාර්ථක කළ හැකි අපූර්ව හැකියාවක් සහිත පුද්ගලයෙක් තමයි බැසිල් රාජපක්ෂ කියන්නේ,”

ඉහත දැක්වෙන්නේ ඒ බව අවධාරණය කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු සාමාජිකයන් විසින් පසුගිය සමයේ පවසන ලද කතා කිහිපයකි.

එහෙත් ආර්ථිකය වලපල්ලට යැවීම හැර ඔහුගේ මොළ හතෙන් සිදුවූ දෙයක් නම් නැති බව ජනතාව පසුව තේරුම්ගත් විට ඔහුට රට දමා යාමට සිදුවිය. දැන් නැවතත් ඔහු පැමිණ තිබේ.

ජනතාව මේ කෙටි කාලය තුල ඔහු විසින් කරන ලද වංචාවන් සහ අසාධාරණයන් අමතක කර ඇති බව ඔහු සිතනවා ඇත. නමුත් දැන් තිබෙන තත්ත්වය අනුව ජනතාවට ඒවා අමතක කරවීම බැසිල්ලා හිතන තරම් ලේසි පහසු නොවනු ඇත.

Share post:

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...